Advertisement
Hot Kello

americawa sithalen gal wai -ඇමරිකාව සීතලෙන් ගල් වෙයි..

මෙම දරුණු දේශගුණික තත්ත්වය වැඩියෙන්ම බලපා ඇත්තේ මිනසෝටා, වර්මොන්ට්, මොන්ටානා, වයොමිං, පෝට්ලන්ඩ්, වර්ජිනියා වැනි ජනපදවලටය. මිනසෝටා ප ්‍රාන්තයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක -45ක් වූ අතර චිකාගෝහි -12ක්ද, ටෙක්සාස්හි -15ක්ද ඔහියෝහි -25ක්ද දකුණු ඩැකෝටාවේ -21ක්ද, ඇබර්ඩීන්හි -32ක්ද වශයෙන් ඇමෙරිකාවේ විවිධ ප ්‍රදේශවල උෂ්ණත්වය විශාල අගයකින් පහත වැටී තිබිණි. ප ්‍රදේශ රැසක සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 5ක් වැනි අගයක පැවැතියේය. ඇබර්ඩින් ප ්‍රදේශයේ උෂ්ණත්වය මෙතරම් පහළ වැටීමකට බඳුන් වූයේ වසර 99 කට පසු වූ අතර බොස්ටන්හි උෂ්ණත්වය මෙතරම් පහත වැටුණේ වසර 100කට පමණ පසුය.

සාමාන්‍යයෙන් උතුරු හා මධ්‍යම ප ්‍රාන්තයන්හි දෙසැම්බර් සහ ජනවාරි අතර කාලයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 3ක අගයක් දක්වා පහත වැටුණද මෙතරම් විශාල අගයකින් පහත නොවැටෙන බැව් බලධාරීහු පවසති. ඇමෙරිකාවේ දකුණු අර්ධයේ ද මිලියන 17කට අධික ජනගහනයක් වාසය කරන අතර මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඔවුන්ද මහත් අසීරුතාවට පත් වී තිබේ.

කැනඩාවේද පැවැතියේ මෙවැනිම තත්ත්වයකි. දෙසැම්බර් 27 වැනි දින අඟහරු ග ්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය වාර්තා වූයේ ෆැරන්හයිට් අංශක -20කි. ඔටාවා, මොන්ටි ්‍රයෙල්, කැල්ගරි, ටොරොන්ටෝ වැනි ප ්‍රදේශවල උෂ්ණත්වය අඟහරු ග ්‍රහයාගේ උෂ්ණත්වයටත් වඩා පහත වැටී තිබේ. එම ප ්‍රදේශයන්හි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක -45ක් විය. සාමාන්‍යයෙන් පෙන්ගුවින් පක්ෂීන් ජීවත් වන්නේ සීත දේශගුණික කලාපයන්හිය. කැනඩාවේ පැවැති අධික සීතල පෙන්ගුවින් පක්ෂීන්ටද ඔරොත්තු නොදෙන තරම් විය. ඇල්බර්ටාහි කැල්ගරි සත්වෝද්‍යානයේ එළිමහනේ ජීවත් වූ පෙන්ගුවින් පක්ෂීන් 51 දෙනකු උණුසුම් කූඩුවල රඳවා තැබීමට සත්වෝද්‍යාන බලධාරීන්ට සිදුවිය.

අධික සීතල හේතුවෙන් නිව් යෝක් ප ්‍රාන්තයේ පිහිටි නයගරා දිය ඇල්ලේ කොටසක් හිමෙන් මිදී තිබේ. නයගරා දිය ඇල්ලෙන් තත්පරයකට පහළට ඇද හැලෙන ජල ප ්‍රමාණය ගැලුම් 681,750කි. එම ජලකඳ මිදීමට ලක්වනුයේ ෆැරන්හයිට් අංශක -11 පමණ උෂ්ණත්වයකදීය. පවතින කාලගුණික තත්ත්වයේ වෙනසක් ඇති නොවුවහොත් නොබෝ දිනකින් එය සම්පූර්ණයෙන් මිදීමට ලක්වෙනු ඇතැයි බලධාරීහු පවසති.

අත්ලාන්තික් සාගර ජලය අධික ලෙස සීතල වීමෙන් එහි ජීවත්වන මෝරුන් වැනි විශාල මසුන්ද මිය යන්නට පටන් ගෙන තිබේ. බොස්ටන්හි දුම්රිය මාර්ග ඇද වීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය අඩාළ වී ඇති අතර දුම්රිය මගීහු මහත් අසීරුතාවට මුහුණ පා සිටිති. ගුවන් ගමන් රැසක්ද අවලංගු කිරීමට සිදුවිය. ඇතැම් ප ්‍රදේශවල අඩි 6කට වඩා වැඩි හිම පතනයක් පැවැතියේය. රොකී කඳුකරයේ නැ​ෙගනහිර කොටසේ සහ බටහිර ඇපලේචියන් කඳුකරයේ උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා අංශක 20ත් 30ත් අතර අගයකින් පහත වැටී ඇතැයි ජාතික කාලගුණ සේවය වාර්තා කළේය.

නිවාස නොමැතිව වීදිවල ජීවත්වන ජනයා සඳහා ආරක්ෂිත ස්ථාන ලබා දීමට ප ්‍රාන්ත රජය සහ සුබසාධක සංවිධාන පියවර ගෙන තිබේ. මහලු පුද්ගලයන්ට මෙම දරුණු සීතල දේශගුණය විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි ඔහොයෝහි වයෝවෘද්ධයන් පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙතරම් දරුණු සීත දේශගුණයක් ඇතිවීමට බලපාන ප ්‍රධානතම සාධකය වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමය. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමෙන් උත්තර හා දක්ෂිණ ධ ්‍රැව ආසන්නයේ ඇතිවන ක්‍රියාකාරකම් මෙයට බලපානු ලබයි. ‘ධ ්‍රැව භ ්‍රමණ වායු ධාරාව’ නොහොත් ‘පෝලර් වොටෙක්ස්’ නමින් හැඳින්වෙන එකී බලපෑම මගින් අධික සීතල සහිත මධ්‍ය ප ්‍රදේශයක් වටා අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි. එවිට උත්තර හා දක්ෂිණ ධ ්‍රැවයේ පවතින ප ්‍රබල සුළං එම ප ්‍රදේශයේ නොරැඳී වෙනත් ප ්‍රදේශයකට තල්ලු කිරීමක් සිදුවේ. මෙය ධ ්‍රැව කුණාටුවක් ලෙසද හැඳින්වේ. මෙවර ඇමෙරිකාවට හමන ලද සුළ​ෙඟ් උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක -10ක් පමණ අගයකින් යුතු විය.

කාලගුණ විද්‍යාඥයන්ට අනුව උත්තර ධ ්‍රැවයේ සිදුවන කාලගුණික විපර්යාස මගින් දරුණු සීතල නිර්මාණය කෙරෙන අතර එයට බඳුන් වන කලාප වසරින් වසර වෙනස් විය හැකිය. “භ ්‍රමණය වන හෝ නොවන හෝ වේගවත් සුළං ප ්‍රවාහ සෑම වසරකම පාහේ පැවතියද උත්තර ධ ්‍රැවයේ උෂ්ණත්වය ඉහළ යෑම මත දැනට දසක දෙකක පමණ කාලයක සිට සුළ​ෙඟ් භ ්‍රමණ ස්වභාවයේ විශාල වෙනසක් සිදු වී තිබෙනවා. මේ දිනවල ඇමෙරිකාවට හා නැගෙනහිර මුහුදුබඩ කලාපයට බලපා ඇති දරුණු සීතලට බලපාන එක් හේතුවක් වන්නේ එයයි” යනුවෙන් ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා මහාචාර්ය එඩ්වඩ් හැනා සඳහන් කරයි.

“කාලගුණික විපර්යාස මගින් සුළං ප ්‍රවාහයට ඇතිකරන බලපෑම පිළිබඳව අනාවැකි පැවසීමේ හැකියාව තවදුරටත් වර්ධනය කර ගැනීමෙන් ලොව අධික ජනගහනයක් සිටින ප ්‍රදේශවලට ඉන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව කලින් දැනුම්වත් කිරීමට අපට හැකි වේවි” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම අයහපත් කාලගුණික තත්ත්වය දෙසැම්බරයේ සිට පෙබරවාරි මාසය දක්වා පවතිනු ඇතැයි විශ්වාස කෙරේ.

උපුටා ගැනීම-lankadeepa.lk