Pathmalatha Guru Maniyo aashiqui 2 Full hd wallpaper android images whatsapp photos download

සංශෝධනය කෙරුණු නව රථ වාහන දඩ මුදල් අය කර ගැනීම අවුරුදු සමයෙන් පසුව සිදු කිරීමට තීරණය කර තිබෙනවා. රථ වාහන වැරදි කිහිපයක් සඳහා රුපියල් 25,000 ක දඩයක් අය කිරීමට මීට පෙර කර තිබූ යෝජනාව රුපියල් 3,000 දක්වා අඩු කිරීමටයි දැන් තීරණය කර ඇත්තේ.

දඩ මුදල් සංශෝධනය කිරීම සිදුවුණේ විශේෂ කමිටුවක නිර්දේශ මත පදනම්වයි. ඒ පිළිබඳ අදහස් දක්වමින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේ මෙම මාසයේ දී අදාළ අඩු කිරිම ක්‍රියාත්මක වන බවයි. රථ වාහන වැරදි 33කට අදාළ දඩ මුදල් සංශෝධනය මෙහිදී සිදුවූ බවයි සභාපතිවරයා මෙහිදී කියා සිටියේ. සංශෝධිත දඩ මුදල් ඇතුළත් මෝටර් වාහන පනත යටතේ වූ නියෝග ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.