Advertisement
Hot Kello

moragahakanda mangala diyawara ada - මොරගහකන්ද මංගල දියවර අද

මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදිකළ විශාලතම බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත්කර ජනතා අයිතියට පත්කිරීමේ මහෝත්සවය අද(8) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මොරගහකන්ද ප්‍රධාන වේල්ල මත සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු සහභාගී වූ අතර එහි ස්ථාපනය කර තිබූ විවෘත කිරීමේ ඵලකය විවෘත කිරීමෙන් අනතුරුව මොරගහකන්ද ජලාශයේ නිරීක්ෂණය ආරම්භ කළහ.

පසුව මැති ඇමැතිවරු පිරිවරා ගත් ජනාධිපතිවරයා මොරගහකන්ද වේල්ල මත සවිකොට තිබූ ස්වයංක්‍රීය ස්විචයකින් එහි වාන් දොරටු පහ විවෘත කරනු ලැබීය.

පසුව පැමිණ සිටි සියලු දෙනා මංගල දිය වරට මල් ඉසීම සිදු කරනු ලැබූහ. ගුවන් මගින් ද මල් ඉසීම මෙහිදී විශේෂත්වයක් විය.

මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සිදුකරනු ලැබූ චීන සමාගම විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට ජලාශයේ වැඩ නිමවා භාර දීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබිණි.

මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල ඇමරිකන් ඩොලර් 557.5 කි. මෙම ව්‍යාපෘතිය මගින් කාලාන්තරයක් පුරා ඵලදායී කටයුත්තකට නොගෙන මහ සයුරට ගලාගිය ඝන මීටර් දශ ලක් ෂ 818 ක ජලස් කන්ධය පොළොන්නරුව දිස් ත්‍රික් කයට අයත් මින්නේරිය, ගිරිතලේ. කවුඩුල්ල, කන්තලේ සහ අනුරාධපුර දිස් ත්‍රික් කයට අයත් හුරුළුවැව, තිසාවැව, නුවරවැව, නාච්චාදූව වැව, මහකනදරාව වැව යනාදී ජලාශ මෙන්ම ඉන් පෝෂණය වන ලොකු කුඩා වැව් රැසකට නිකුත් කිරීම ද මෙමගින් සිදුකෙරේ.

මොරගහකන්ද ජලාශයට නමක් ලෙස විවිධ අය විවිධ නම් යෝජනා කළද තමන් ඒ සියලු නම් ප්‍රතික්ෂේප කළ බවත් එම ජලාශය ඉදි කිරීම සඳහා දැඩි කැපවීමක් කළ ඉංජිනේරු ඒ .එන්.එස්. කුලසිංහ මහතාගේ නම යොදා ඉංජිනේරු ඒ.එන්. එස් කුලසිංහ ජාලශය ලෙස නම් කිරීමට තමා යෝජනා කරන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී කීය.

මේ වන විට ජලයෙන් පිරී පවතින මොරගහකන්ද ජලාශය අක්කර අඩි 66,000 ක ජල ධාරිතාවක් දරා සිටී. මෙම ව්‍යාපෘතියෙන් ප ්‍රතිලාභ පොළොන්නරුව, අනුරාධපුරය, ත ්‍රීකුණාමලය සහ කුරුණෑගල මෙන්ම මාතලේ දිස්ත ්‍රික්කවල පවුල් 130,000 කට අත්පත් වන අතර හෙක්ටයාර 82,000 ක වගාබිම් පෝෂණය කරන්නට බලාපොරොත්තු වේ. ඒ අනුව යල මහ කන්න දෙකම වගා කිරිමෙන් මෙටි ්‍රක් ටොන් 66,000 ක අතිරේක වී නිෂ්පාදනයක් ලැබෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

වගාවට අවශ්‍ය ජලය බෙදාහැරීම සඳහා හුරුළු වැව, තිසා වැව, නුවර වැව, නාච්චදුව වැව, මහකනදරාව වැව ඇතුලූ ලොකු කුඩා වැව් 1300 ක් වසර පුරා ජලයෙන් පෝෂණය කිරිමට සැලසුම් කර තිබේ.

ව්‍යාපෘතියේ මූලික අරමුණ වගාබිම්වලට ජලය මුදාහැරීම වන නමුත් අතුරු අරමුණක් ලෙස ජාතික විදුලිබල ධාරිතාවයට මොගා වොට් 25 ක විදුලිබලයක් එකතු කිරිමටද බලාපොරොත්තු වේ. ඒ වෙනුවෙන් මොරගහකන්ද ජලාශය ආශ ්‍රිතව ටර්බයින් යන්ත ්‍ර හතරක් ස්ථාපිත කර තිබේ. මෙමගින් විදුලිය නිපදවා මුදාහරින ජලය ඉහළ ඇළහැර ඇළ මගින් වගාබිම් වෙත මුදාහරිනු ඇත.

වකුගඩු රෝගයෙන් පීඩාවට පත්වන, පිරිසිදු පානීය ජල පහසුකම් නැති ප ්‍රදේශවලට පානීය ජලය සැපයීමට ද මෙමගින් බලාපොරොත්තු වේ.

දැනට මේ ප ්‍රදේශවලට පානිය ජලය සැපයීමට ජල සම්පාදන මණ්ඩලය සතු ජල ධාරිතාව ඝන මීටර 28.7 ක් වන අතර ව්‍යපෘතිය සාර්ථකව නිම කිරිමෙන් එය ඝන මීටර 92.4 ක් බවට පත්කරගනු හැකිවනු ඇත. මිට අමතරව ඉහත වැව් ආශි ්‍රතව මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කිරිමෙන් වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය මෙටි ්‍රක් ටොන් 3000 ක් වන ඇතැයි බලාපොරොත්තු වන අතර එයින් රුපියල් මිලියන 225 ක ආදායමක් උපයාගත හැකිවනු විශ්වාස කෙරේ.

මෙවැනි ප ්‍රතිලාභය පොදු ජනතාවට අත්පත් කරදෙන්නට තමන් පරම්පරාගතව වාසය කළ ගම්බිම් වගාබිම් අත්හැර දමමින් රට වෙනුවෙන් කැපකිරිමක් කළ පවුල් සංඛ්‍යාව 23,000ක් පමණ වේ. ජලාශයෙන් යට වන ප ්‍රදේශවල එලෙස කැපකිරිමක් කළ ජනතාව ඉඩම් අහිමි වු අනාථයින් බවට පත් නොකර මහවැලි අධිකාරියේ සහය ඇතිව විතැන්වන එක් පවුලකට නිවාස හා ඉඩම් සඳහා වන්දි මුදල් ලබාදෙන්නට රජය තීරණය කළේය. ඒ අනුව එක් පවුලකට ගොඩින් අක්කර භාගයක හා මඩින් අක්කර 1.5 ක ඉඩම් ප ්‍රමාණයක් වන්දිවලට අමතරව ලබාදිමට කටයුතු කර ඇත. එසේම ඔවුන් ගම්මාන ලෙස ස්ථාන කීපයක පදිංචි කරනු ලබන අතර එවැනි ගම්මාන කිපයකට මැදිවන සේ මහවිදුහල්, පෙර පාසල් හා ආගමික ස්ථාන ඇතුලූ වෙනත් යටිතල පහසුකම්ද සහිත කුඩා නගරයක් නිර්මාණය කර ඇත.

ඒ සියල්ලට පහසුකම් සපයන ප ්‍රධාන පෙළේ පාසල්, ප ්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලිසිය ඇතුලූ තවත් අත්‍යවශ්‍ය අංග ඇතුළත් කර ප ්‍රධාන නගර ලෙස ලග්ගල, නා උල, පල්ලේගම නගර සංවර්ධනය කරමින් පවතී.

මෙහිදී විතැන්වන පවුල් වෙනුවෙන් වන්දි හා ඉඩම් ලබාදිම සිදුකර ඇතත් මේ පවුල් සංඛ්‍යාව ගණන් බලා තිබෙන්නේ 2007 වසරේදි වන බැවින් වසර දහයක ඇවෑමෙන් වැඩ අරඹන විට ඊට තවත් පවුල ගණනාවක් එක්ව තිබිණ. එසේ අලූතෙන් එක්වු පවුල් වෙනුවෙන් තවම වන්දි ගෙවීම් හෝ ඉඩම් ලබාදීම සිදුකළ නොහැකි වි ඇති බවත් ඉදිරියේදි ඒ කටයුතු අවසන් කිරිමට අවශ්‍ය සැලසුම් ක ්‍රියාත්මක වෙමින් පවතින බව මහවැලි සංවර්ධන අධිකාරිය පවසයි. තවමත් වන්දි ගෙවා නැතැයි දෝෂාරෝපණයක් ව්‍යාපෘතියට එරෙහිව නැගෙන්නේ සැලසුම් සකස් කිරිමේදි සිදුවු මේ වරද නිසාය.

ව්‍යාපෘතියට වැය කළ මුදල වසර දොළහක් තුළ ජතික ආර්ථිකයට එක් කරන්නට හැකිවනු ඇතැයි මහවැලි සංවර්ධන අධිකාරිය බලාපොරොත්තුවේ. ඒ වන විට අධිකාරිය අපේක්ෂා කරන පරිදි වී අස්වැන්නෙන්, මත්ස්‍ය නිෂ්පාදනයෙන් හා අමතර වගාබිම්වලින් ආදායම් උපයා ගන්නට ගොවි ජනතාවට හැකිවන්නේ නම් ඔවුන්ගේ ජීවන තත්වය ඉතා උසස් මට්ටමකට පත්වනු ඇත. එසේම විදුලිබල නිෂ්පාදනයෙන් රුපියල් මිලියන 336 ක ප ්‍රතිලාභයක්ද එක්කරනු ඇත.

එසේම සංචාරකයින් ඇදි එන වස්ගමුව, මින්නේරිය ජාතික වනෝද්‍යාන,ඓතිහාසික වෙහෙර විහාර, නකලස් රිවර්ස්ටන් වැනි ස්වභාවික බිම්. කණ්ඩලම වැනි සංචාරක හෝටල් සහිත භූමියක් ඇසුරෙහි ඉදිවන මෙම ජලාශයන් නිසා සංචාරක කර්මාන්තයේද දියුණුවක් සිදුවනු ඇත.

උපුටා ගැනීම lankadeepa.lk