Pabawathi Gurumaniyo - පබාවතී ගුරු මෑණියෝ aashiqui 2 Full hd wallpaper android images whatsapp photos download

ජාතික තවුහීද් ජමාද් සංවිධානයේ කාන්තාවන් උපයෝගී කොටගෙන විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක් ජාතික බුද්ධි අංශයේ නිලධාරීන් විසින්ම අනාවරණය කරගනු ලැබ ඇත. එම ප්‍රහාරයන් සිදුකිරීම සඳහා

ගෙනැවිත් තිබුණු කාන්තාවන් අඳින සුදු සායවල් සහ හැට්ට කට්ටල 5ක් සයින්දමරුදු පිපිරීම සිදුවුණු නිවාස පරීක්ෂා කිරීමේදී සොයා ගනු ලැබිණි.

මෙම පිරිස ඉකුත් 19 වැනිදා මේවා මිලදීගෙන ඇත්තේ ගිරිඋල්ලේ අලෙවි සලකිනි. රුපියල් 29,000ක පමණ වටිනා කාන්තාවන් අඳින සුදු ඇඳුම් කට්ටල 9ක් සහ යට ඇඳුම් ඇතුළු රෙදිපිළි මිලදීගෙන තිබේ.

පසුගියදා බෝම්බ පුපුරුවා ගත් නිවෙසේ තිබියදී මෙම ඇඳුම් සොයාගෙන ඇති අතර සුදු පැහැති ඇඳුම් කට්ටල 4ක් එම ස්ථානයේ තිබී නැත. එම වෙළෙඳසලේ සී.සී.ටී.වී. කැමරාවලද මෙම කාන්තාවන් වෙළෙඳසලේ රෙදි මිලදී ගැනීමට එන ආකාරය සටහන්ව ඇත.

ඉතිරි සුදු ඇඳුම් කට්ටල 4 සොයා ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වමින් සිටිති. මෙම සුදු ඇඳුම් කට්ටල විහාරස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා ගෙන එන්නට ඇති බවට රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීහු සැක පහළ කරති.

මේ අතර පසුගිය 26 වැනිදා කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරුවාගෙන ජීවිතක්ෂයට පත් ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන් පිරිසක් ඉකුත් 19 වැනිදා මීරිගම පොලිස් වසමේ ගිරිඋල්ල, හද්දාමුල්ල ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසලකින් රෙදි මිලදීගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය හා මීරිගම පොලිසිය එක්ව ඊයේ (28දා) පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පිපිරීමට අදාළ නිවෙසේ තිබී හමුවූ බෑගයක සඳහන් වී තිබූ ලිපිනය පරීක්ෂා කිරීමේදී ඉකුත් 19 වැනිදා මුහුණු ආවරණය කරගත් ඇඳුම් ඇඳගත් කාන්තාවන් තිදෙනකු මෙම වෙළෙඳසලෙන් රුපියල් තිස් දහසක් පමණ වටිනා රෙදිපිළි මිලදීගෙන ඇති බව ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂාවේදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි. මෙම පිරිස සුදු පැහැති වෑන් රියකින් පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර එහි අංකය හඳුනාගැනීමටද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙම වෙළෙඳසලේ මෙන්ම නාල්ල ප්‍රදේශයේ හෝටල් ඇතුළු ස්ථාන කිහිපයක ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමට පොලිසිය ඊයේ (28දා) දහවල් කටයුතු කරනු ලැබීය. මෙසේ රෙදි මිලදීගෙන ඇති කාන්තාවන් පිරිස කල්මුණ සයින්දමරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරුවා ගැනීමෙන් මරණයට පත්වූ පිරිස හෝ ඔවුන්ගේ සාමාජිකයන් දැයි අනාවරණය කරගැනීමට පොලිස් පරීක්ෂණ පැවැත්වේ.