Rukshan Jayasekara



ඒ දයාබරවූ නිහඬ මිනිසා නික්ම ගිය වගයි....!!!

මිනිසුන් මිය යති නමුත් අප හදවත් තුළ සදා නිදන් මතකයන් සහිත මිනිසුන් නික්ම යාම තරම් මා හද පාරවන දෙයක් නොමැත .ඉතා නිහඬ කළබල කාරී චරිතයක් නොවූ රංජිත් ප්‍රනාන්දු මහතාගේ වියෝව මා ඇසූ මොහොතේ ඉතා කණගාටුවට පත්වූයෙමි.සිනමාව ගැන විසල් විදග්ධ දැනුමක් ඇතිව සිටි වියතෙකු අද පටන් අපට අහිමිය . අප රටේ දේශපාළු කැණහිලන්ගේ තීරණ මතින් රාජ්ය මාධ්යය තුළට ඇතුල් කරන හාල්පාරුවන් ජනතාව රවටමින් අටපට්ටම් කූඩු පෙන්වද්දී උන්ට මේ මාධ්‍යයේ සිව්කොන් විවර කළ මෙවන් වියතුන්ගෙන් වැඩක් ගත්තේ නැත. දහස් ගණන් දක්ෂයන් ලොවට පෙන්වද්දී මෙතුමා ගැන ඵක රූපරාමුවක් ස්වාධීන රූපවාහිනියෙන් ගියේ නැත. මෙතුමා ඵහි වැඩසටහන් කළමනාකරු ලෙසින් සිටියදී මෙතුමාගේ පිිහිටෙන් දණබිම ඔබාගෙන itn ආයතනයට ඇතුල්වූ සුණඛ පරම්පරාවක් අද ඒ පුටු රත් කරති ඒ ඵකදු පාහරයෙකු මෙතුමා වසර ගණනාවක් ලෙඩ ඇඳේ සිටියදී බැලීමට ගොස් නැත. අවසන් වරට දුරකථනයෙන් මා ඵතුමා අැමැතූ මොහොතේ ඵය ස්වභාවය ලෙසින් සැහැල්ලුවෙන් පැවසීය... හිතාදර මිස්ට ප්‍රනාන්දු ඔබට සුභ ගමන්....!!! නිවන් සුව...!!!
සුමිත් ජයන්ත ඩයස්