Pathmalatha Guru Maniyo aashiqui 2 Full hd wallpaper android images whatsapp photos download

පාස්කු ඉරිදා (21 දා) මරාගෙන මැරෙන බෝම්බ ප ්‍රහාර එල්ල කළ ‘තව්හිද් ජමාත්’ සංවිධානයට අයත් බව කියන සැකකරුවන් 154 කට වැඩි පිරිසක් ඊයේ (28 දා) වන විට ආරක් ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම බෝම්බ

ප ්‍රහාරය එල්ල කළ ‘තව්හිද් ජමාත්’ සංවිධානයේ නායකයා ලෙස සැලකූ ‘මොහොමඞ් සහරාන්’ නමැති පුද්ගලයා ෂැංගි ්‍රලා හෝටලයට එල්ල කළ බෝම්බ ප ්‍රහාර දෙකෙන් එක් බෝම්බ ප ්‍රහාරයකින් මියගොස් තිබෙන බව ආරක් ෂක අංශ ඊයේ තහවුරු කළේය.

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප ්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් 8 දෙනාද ආරක් ෂක අංශ විසින් හඳුනා ගෙන තිබේ. පසුගිය සිකුරාදා (26 දා) කල්මුණේ සයින්දමරුදු පොලිස් ස්ථානයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකුට සැක කටයුතු පිරිසක් සයින්දමරුදු ප ්‍රදේශයේ සිටින බවට තොරතුරක් ලැබී ඇත.

ඔහු එම තොරතුර තම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැනුම්දී තිබේ. ඒ අනුව කි ්‍රයාත්මක වූ පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා හා යුද හමුදා නිලධාරීන් එම නිවස පරීක් ෂා කිරීමට යනවාත් සමග එම නිවස දෙසින් වෙඩි ප ්‍රහාරයක් එල්ල වී තිබේ. ඒ සමග ආරක් ෂක අංශද ප ්‍රතිප ්‍රහාර එල්ල කර තිබේ. ඒ සමගම පිපිරීම් තුනක් සිදුවී තිබෙන අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් එය සිදුකරගෙන ඇතැයි හෙළිවී තිබේ.

ඉන් අනතුරුව ආරක් ෂක අංශ නිවස පරීක් ෂා කිරීමේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයන්ගේ මළ සිරුරු 3 ක් කාන්තාවන් 3 කගේ මෘත ශරීර සහ කුඩා දරුවන් 6 දෙනෙකුගේ මෘත ශරීර නිවස ආසන්නයේ තිබියදී ද නිවසින් පිටත මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකරන පුද්ගලයන් තිදෙනකුගේ මෘත දේහ 3 ක්ද ඇතුළු මෘත දේහ 15 ක් හමුවී ඇත. එම නිවසේ තුවාල ලබා සිටි කුඩා දැරියක සහ ඇගේ මව බවට කියන කාන්තාවක ආරක් ෂක අංශ විසින් ප ්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

මේ අතර ‘තව්හිද් ජමාත්’ සංවිධානයේ ප ්‍රධානියා ලෙස සැලකෙන ‘මොහොමඞ් සහරාන්’ නමැත්තාගේ රියැදුරා ලෙස කටයුතු කළ මොහොමඞ් ෂරීන් ආදම්ලෙබ්බේ හෙවත් ‘ගෆුර්’ (53) නමැති පුද්ගලයා සමග සැකකරුවන් 7 දෙනකු මඩකලපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් සමග තව්හිද් ජමාත් ලාංඡුන සහිත ටී ෂර්ට්, තොප්පි, මුහුණු ආවරණ, මරාගෙන මැරෙන අවස්ථාවල අඳින ඇඳුම් කට්ටල, පිස්තෝලයක් සහ ලැප්ටොප් පරිගණකයක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් රියැදුරා වැඩිදුර විමර්ශන සඳහා පෙරේදා (27 දා) අපරාධ පරීක් ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇත. පුත්තලම වනාතවිල්ලූව කරඩිපුවල් සමගිපුර ප ්‍රදේශයේදී ඉකුත් ජනවාරි 16 වැනිදා පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් පොල්වත්තේ වළ දමා තිබූ විවිධ වර්ගයේ පතරොම් සහ ගිනි අවිද මෙහි තිබී සොයාගෙන ඇත.

නිල්පාට බැරල්වල දමා වළ දමා තිබූ ඒවා අතර ටී 56 ගිනි අවියක්, මිලි මීටර් නවයේ පිස්තෝලයක්, රිවෝල්වරයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වර පහක් ජීව උණ්ඩ රැුසක් මෙහිදී සොයාගෙන තිබේ.

අම්පාර නින්දවූර් ප ්‍රදේශයේද මරාගෙන මැරෙන බෝම්බකරුවන් කණ්ඩායමක් සිටින බවට ලද තොරතුරක් අනුව පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය පෙරේදා (27 දා) නිවසක් සෝදිසි කිරීමේදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා සවිකරන කුඩා යකඩ බෝල සවි කළ තහඩුවක්, එම බෝලවලට සවිකරන සුවිච්, ලියාපදිංචි නොකළ වෑන් රථයක්, උල් පිහියක් ඇතුළු භාණ්ඩ රැුසක් සොයාගෙන ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා සමන්තුරේ ප ්‍රදේශයේ සිදුකරන ලද පරීක් ෂාවකදී නිවසක් තුළ තිබී මරාගෙන මැරෙන බෝම්බ නිපදවීමට ගන්නා යකඩ බෝල ලක් ෂයකට අධික ප ්‍රමාණයක්, ඩ්‍රෝන කැමරාවක්, ලැප්ටොප් පරිගණකයක්, ජෙලග්නයිට් කූරු 181 ක්, ඩෙටනේටර් 6 ක්, පරිපථ සඳහා යොදා ගන්නා හතරැුස් බැටරි 35 ක්, බැටරි 6 ක් යොදා සැකසූ විදුලි පරිපථ 2 ක්, අයි.එස්. ලාංඡුනය සහිත බැනර් 01 ක්, යූරියා කිලෝ ග ්‍රෑම් 50 මිටි 5 ක්, නයිටේ ්‍රට් ඇසිඞ් බූලි 4 ක්, සල්පියුරික් ඇසිඞ් බූලි 11 ක්, අධිබල පුපුරණ ද්‍රව්‍ය බවට සැක කළ හැකි කිලෝ 03 පමණ පාර්සල් 3 ක් ඇතුළු භාණ්ඩ වර්ග 119 ක් සොයාගෙන ඇත.

මෙම ප ්‍රහාරවල ප ්‍රධාන සැකකරුවන් කිහිප දෙනකු සිටි බව කියන දෙමටගොඩ බෝම්බ පුපුරුවා ගත් නිවසේ ඊයේ ආරක් ෂක අංශ සිදුකළ පරීක් ෂාවේදී කෝටි 3 ක් වටිනා නිල් මැණික් තුනක්, කෝටි එකහමාරක් වටිනා මෙරට මුදල්, ලක් ෂ පහක විදේශ මුදල් හා ලක් ෂ පහළොවක පමණ ස්වර්ණාභරණ සොයාගෙන ඇත.

ඇතිව තිබෙන තත්ත්වය හමුවේ සමන්තුරේ, චවලකඬේ සහ කල්මුණේ ප ්‍රදේශවලට පසුගිය සිකුරාදා (26 දා) සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඊයේ (28 දා) පෙරවරු 10.00 ට ඉවත් කර නැවත සවස 5.00 සිට නැවත දැනුම් දෙනතුරු පැනවීමට කටයුතු කර තිබේ.