බඹර කවි  Babara Kawi

 

 

බැද්ද වටට සුදු මොර මල්                  පිපීලා

සද්ද කර බඹරු ඒ වග                        වයාලා

ඉටිත් පැණිත් ලොව සැමටම              බෙදාලා

යන්නත් බඔරු දුක් මැසිවිලි               කියාලා

 

 

 

අහසේ ගොසින්  තරු යට සැගවුනා            දෝ

පොළවේ ගොසින් වැලි යට සැගවුණා         දෝ

මුහුදේ ගොසින් රළ යට සැගවුණා             දෝ

බඹරිදුනේ උඹ කොයි රට ගියා                   දෝ

 

 

 

නව නවා බඹර අතු අග යන                කලට

නැමී නැමී කදින් බර විය අතු             අගට

වදේ කඩාලා බැරිවුනි                        බාන්නට

මුලෙන් කද බිදුනි දෙන්නගෙ             කරුමයට

 

 

 

උල්ලා පොළ ගමට එන්නේ වස         බඹරු

වෙනත් ගම්වලට එන්නේ හොද         බඹරු

මලකද බලන්නට එන්නේ රදළ         වරු

අම්මගෙ හිතේ දුක් නළවන්නේ         කවුරු

 

 

 

කන්දෙන් බසින්නේ ළිය ගෙදර බල           බලා

මන්දෙන් බදින්නේ අසු නොවන වල්                 කුලා

දැන් දැන් ලියන්නේ සිත්තම දුරින්              දුරා

යන්නෙමි මල්ලියේ සදගල වැටෙන           තුරා