Nagawalli Gurumaniyo - නාගවල්ලී ගුරුමෑණියෝ kallange selfe

කීර්තිමත් සාහිත්‍යය විචාරකයෙකු වූ ජී. බී. සේනානායක මහතා Keerthimath Sahithya Wicharakayeku wu G.B.Senanayaka Mahatha

 

කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ගුණතිලක බණ්ඩාර සේනානායක මහතා උපත ලැබුවේ 1913 ජුලි 10 වන දාය. කුඩා කල සිටම පත පොත කියවීමට රුචියක් දැක්වූ ඔහුගේ භාෂා දැනුම හා ලෝකය පිළිබඳ දැනුම සීඝ‍්‍රයෙන් වර්ධනය විය. එහෙත් පවුලේ අගහිඟකම් නිසම තම පාසල් ගමන නතර කිරීමට ඔහුට සිදු විය. පියාගේ අකල් මරණය හා අතහිත දීමට කිසිවකු නොවීම මෙන්ම ගෙදර අගහිඟකම් නිසාම කඩාකප්පල් වූ නව අධ්‍යාපනය පිළිබඳ ජී. බී. සේනානායක මහතා මහත් පසුතැවිල්ලට පත් වූ බව එතුමාගේ ඇතැම් කෘතීන් තුළින් දක්වා ඇත. එහෙත් ඉන් අධෛර්ය නොවූ ඔහු කොළඹ මහජන පුස්තකාලයේ පත පොතින් දැනුම ලබා ගත්තේය. එහි දී ප‍්‍රබන්ධ කතා කවි හා විවිධ විෂයන් පිළිබඳ පොත් කියැවීමට ලැබුණි.පියා මියගිය පසු තම සෙවණැල්ල මෙන් සිටි මව ද මියගියෙන් තවත් අසරණ වූ එතුමාට තම සිතට සවිය ලබා දුන්නේ පොතින් පතින් ලත් දැනුමයි. එනිසාම පත - පොත කියැවීමට පමණක් නොව ලිවීමට ද උත්සාහයක් දැරීය. “සිංහල බෞද්ධයා” පත‍්‍රයට සැපයූ ලිපි පිළිබද අවධානය යොමු කළ එවකට “දිනමිණ” පුවත් පතේ කර්තෘව උන් මාර්ටින් වික‍්‍රමසිංහ මහතාගේ අවධානයට ලක් විය. එනිසාම “දිනමිණ” පුවත් පතට ලිපි සැපයීමට අවස්ථාව ලබා දී එහි ගුණාත්මක බව නිසාම ජී. බී. සේනානායක මහතා “දිනමිණ” කර්තෘ මණ්ඩලයට බඳවා ගත්තේය. ටික කලකින් ලේක්හවුස් ආයතනයෙන් ඉවත් වූ සේනානායක මහතා නිදහස් ලේඛකයකු ලෙස කටයුතු කළේය. එවකට ප‍්‍රසිද්ධ බටහිර ලේඛකයන් වූ රොබට් ස්ටීවන්සන්, ඕ හෙන්රි, ඇන්ටන් චෙකොෆ්, එඩ්ගාර් ඇලන් පෝ, ගී ද මෝපසාං ආදී ලේඛකයන්ගේ නවකතා, කෙටිකතා ඇතුළත් කෘතීන් පරිහරණය කළ සේනානායක මහතා ඒ සම්ප‍්‍රදායන් අනුගමනය කරමින් තම නිර්මාණ රචනා කළේය. ඔහු විසින් ලියන ලද කෙටිකතා විටින් විට සංග‍්‍රහයන් සේ පළ විය. “පළිගැනීම”, “මිතුරිය”, “දුප්පතුන් නැති ලෝකය”, “ගමන”, “මුලාව“ ආදිය ඉන් කිහිපයකි. කෙටිකතා පමණක් නොව “චාරුමුඛ”, “මේධා”, “රළ බිඳුම”, “අවරගිර”, “වරදත්ත” ආදී ලෙස නවකතා රැසක් ද මෙතුමා අතින් නිර්මාණය විය. මෙයින් “චාරුමුඛ” හා “වරදත්ත” යන නවකතා දෙක ඓතිහාසික ඉන්දීය සමාජය පසුබිම් කොට ලියවී ඇත.පරිවර්තන සාහිත්‍යයේ සැබෑ වෙනසක් කරමින් “මාස්ටර්මන් රෙඩ්” නම් කෘතිය “රණරාළ” ලෙස පරිවර්තනය කළේය. “චිල්රන් ඔෆ් ද නිව් ෆොරස්ට්” නම් කෘතියේ පරිවර්තනය “වන දරුවෝ” ලෙස ද එළිදැක්වූයේය.ජී. බී. සේනානායක මහතා කුඩා ළමයින් සඳහා “මහා ලෝබයා”, “මල් කුමාරි”,”හාල් මැස්සා”, “රත් හඳුන් රූපය” සහ “හීනය” යන කතා ලිව්වේය.ප‍්‍රවීණ විචාරකයකු වූ ජී. බී. සේනානායක මහතා “බටහිර ශ්‍රේෂ්ඨ නවකතා”,”සාහිත්‍ය සේසත්” “සාහිත්‍ය විග‍්‍රහය”, “විචාර ප‍්‍රවේශය”, “සාහිත්‍ය දර්ශනය” ආදී සාහිත්‍ය විචාර ගණනාවක්ම එළි දැක්වූයේය.තම ජීවිතයේ අවසාන භාගයේ දී ඇස් ආසාදිත වුවද එතුමා තම ලිවීම නතර නොකළේය. තමා කියන වාක්‍ය ඥාතිවරියකු ලවා ලියවමින් ඉංග‍්‍රීසි කවි ජෝන් මිල්ටන් මෙන් මෙතුමා ද “විනිවිද අඳුර” නම් ග‍්‍රන්ථය රචනා කළේය. සාහිත්‍යයට මහත් වූ සේවාවක් සිදු කළ ජී. බී. සේනානායක මහතා 1985 මාර්තු 15 වන දින පරලෝ සැපැත් විය.



චරිතාපදාන - Charithapradana

ජී. බී. සේනානායක G.B.Senanayaka චරිතාපදාන Charithapadana

ජී. බී. සේනානායක g.b.senanayaka චරිතාපදාන charithapadana g.b.senanayaka g.b.senanayake gb senanayaka

ජී. බී. සේනානායක g.b.senanayaka චරිතාපදාන charithapadana g.b.senanayaka g.b.senanayake gb senanayaka

ජී. බී. සේනානායක G.B.Senanayaka චරිතාපදාන Charithapadana
ජී. බී. සේනානායක G.B.Senanayaka චරිතාපදාන Charithapadana

ජී. බී. සේනානායක G.B.Senanayaka චරිතාපදාන Charithapadana ජී. බී. සේනානායක g.b.senanayaka චරිතාපදාන charithapadana g.b.senanayaka g.b.senanayake gb senanayaka