ගෙඹි කුමාරිකාව Gegi Kumarikawa

ඔන්න එකමත් එක රටක කුමාරයෙක් හිටියා.හැබැයි මේ කුමාරයා අපි හිතන ජාතියේ ධනවත් කුමාරයෙක් නම් නෙවේ.එයා ටිකක් දුප්පත් කුමාරයෙක්.හැබැයි මෙයාටත් රාජධානියක් හිමිවෙලා තිබුනා.දවසක් මේ කුමාරයට තමන්ගේ පිය රජතුමාගේ වුවමානාවකට රාජධානියෙන් පිටට යන්න සිද්ධ වුනා.

ඉතින් මේ කුමාරයත්  තමන්ගේ අස්වයාගේ පිටේ නැගල මේ ගමන යන්න පිටත් වුනා .හෙළ් ,කඳු ,බෑවුම් පහු කරගෙන සැතපුම් ගණනාවක්  අස්වයා පදවපු මේ කුමාරයට පිපාසයක් ඇති වුනා.ඉතින් මගදී හමු වුනු   දියපාරක් ළඟ මේ කුමාරයා  නැවතුනා.

ඉතින් මේ කුමාරයා දිය උගුරක් දෙකක් බොනකොට කෙනෙක් තමන්ට කතාකරනවා ඇහුනා.

"කුමාරයාණනි, කුමාරයාණනි, ...."

"කවුද.......? "

"මේ මම කුමාරයාණනි ..... "

"කෝ කව්රුවත් මට පෙන්නේ නෑනේ " කුමාරයා එහෙම කිව්වේ වටපිට හොඳට සෝදිසි කරලා.

ඒ පාර ඒ කටහඬ ආයෙත් ඇහුනා.

"අනේ මම මේ බිම ... මම මේ කුමාරයෙක්  එනකම් මග බලාගෙන හිටියේ... "

කුමාරය බිම බැලුවා .එතකොටයි දැක්කේ,,, මෙච්චර වෙලා තමන්ට කතා කලේ කවුද කියලා. ඒ දිය කඩිත්ත ළඟ ඉන්න ගෙම්බෙක්.

"ආ... කතා කරන ගෙම්බෙක් !!!" කුමාරයට පුදුම හිතුනා. කුමාරයා එයාව දෝතට ගත්තා.

"මම ගෙම්බියක් නෙවෙයි කුමාරයාණෙනි ...
මම කුමාරිකාවක් ! කලකට ඉහත නපූරු මන්තරකාරියක් කල සාපයක් නිසා මම ගෙම්බියක් බවට පත් වුනා. ඒ වුනත් රාජ කුමාරයෙක් මට හාද්දක් දුන්නොත් මම ආපහු කුමාරිකාවක්  වෙනවා.

අනේ මට හාද්දක් දීල එක්කරගෙන යන්න..." එයා එහෙම කිව්වා.

අපේ කුමාරයා ටිකක් බුද්ධිමත්.ඉතින් මේ කතාව අහපු එයා ටිකක් කල්පනා කරා.

කල්පනා කරලා දුන්නේ හරි අපූරු උත්තරයක් ...

" කුමරියෙක් නම් කොහෙන් හරි හොයාගන්න බැරිය . ඒත් ඉතින්  කතා කරන ගෙම්බෙක් කොහෙන්  හොයන්නද ?  

මූව පෙන්නලා... කීයක් හරි හොයාගන්න පුළුවන් !!! "

එහෙම කියපු කුමාරයා මේ ගෙම්බිවත් අරගෙන රට රටවල් ගණනාවකට ගියා. මේ අරුම-පුදුම කතාකරන  ගෙම්බිව මිනිස්සුන්ට   පෙන්නලා මහා ධනස්කන්ධයක් හම්බ කළා.මේ කුමාරයාගේ ධනවත්කම නිසාම අල්ලපු රටේ රජතුමා තමන්ගේ දූ කුමරිය  මේ කුමාරයටම සරණ පාවලා දුන්නා.

 

ඊට පස්සේ ඒ දෙන්නා කාලයක් සතුටින් ජීවත් වුණා .....

 



සුරංගනා කතා - Surangana Katha

ගෙඹි කුමාරිකාව Gegi Kumarikawa සුරංගනා කතා Surangana Katha

ගෙඹි කුමාරිකාව gegi kumarikawa සුරංගනා කතා surangana katha gegi kumarikawa geby kumarikawa gebi kumarikava gebi kumarykava gebi kumarykawa

ගෙඹි කුමාරිකාව gegi kumarikawa සුරංගනා කතා surangana katha gegi kumarikawa geby kumarikawa gebi kumarikava gebi kumarykava gebi kumarykawa

ගෙඹි කුමාරිකාව Gegi Kumarikawa සුරංගනා කතා Surangana Katha
ගෙඹි කුමාරිකාව Gegi Kumarikawa සුරංගනා කතා Surangana Katha

ගෙඹි කුමාරිකාව Gegi Kumarikawa සුරංගනා කතා Surangana Katha ගෙඹි කුමාරිකාව gegi kumarikawa සුරංගනා කතා surangana katha gegi kumarikawa geby kumarikawa gebi kumarikava gebi kumarykava gebi kumarykawa