ජන කවියා දුටු අම්මා. Jana Kawiya Dutu Amma

 

 

ලොව ඉමිහිරි අකුරු පෙළ අම්මා ය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සිව් බඹ විහරණයට ආකරයද අම්මා ය. ඒ නිසාම ඇය ගෙදර බුදුන් යන විරුදාවලියෙන් පිදුම් ලැබුවා ය.මවුපියන් මහා බ‍්‍රහ්මයාට සමාන බවත් බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක අපේ පූර්වාචාර්ය වරුහුද ඔවුන්මය. සිය සුළු මව් වූ ප‍්‍රජාපතී ගෝතමිය කළුරිය කළ අවස්ථාවේ බුදු රදුන් ශී‍්‍ර දේහයට ගෞරව දැක් වූයේ කුඩා කළ වූ තන කිරෙහි මිල ගෙවාලනු නොහැකි නිසා ය.මිනිසුන් නවසිය අනූනවයක් ම මරා ඇඟිලි කපාගත් අඟුල්මල් ගුරු පූජාවට අඩු වූයේ එක ඇඟිල්ලකි. තමා වැදූ මව හෝ මරා එය සම්පූර්ණ කර ගනිමියි සිතු ඇඟිලි මාල නම් තම පුතු සොයා ගියේ අම්මා ය. මළ පුතු අතේ දරා නොමළ ගෙයකින් අබ සෙව්වේද අම්මා ය “පුතේ උඹ බුදුවෙයන් ” පුතුට බුදු වන්නට විරිය දුන්නෙත් අම්මා ය.වැලක ගෙඩි වැලට බරක් නැත. එමෙන් ම කොතෙක් දරුවන් හැදුවත් අම්මාට වැඩියක් නැත. උණහපුලුවා ඉතා අවලස්සන සතෙක්, ඒත් ඌගේ පැටියා ඌට මැණිකකි. දරුවන් වෙනුවෙන් මහමෙර තරම් උසට දුක්ගිනි ඉසිලීමට අම්මා පොහොසත් ය. කිසිදා නොසිඳෙන සෙනෙහසේ උල්පත ගලන්නේ මව් හදවතිනි.

 

ලොව සියලු දෙයකට ජීවය දෙන්නේ හිරු එළිය සහ අම්මා ය.” මැක්සිම් ගෝර්කී එසේ කීවේ ය. “ තොටිල්ල පදවන හස්තය ලොව ආණ්ඩු කරයි” නැපෝලියන් බොනපාට් කීවේ අම්මා ගැන සිතා ය. දාර්ශනිකයන්ට මෙන්ම කවියන් හා කලා කරුවන්ටද අම්මා ශ්‍රෙෂ්ඨ කලා කෘතියකි.දරුවන්ට අම්මා තරම් උතුම් වස්තුවක් නැත.ඈත අතීතයේ පටන් මව හා දූ දරුවන් අතර පැවතුණේත් නොසිඳෙන සබඳතාවයකි. ඒ පිළිබඳ කිසියම් අදහසක් පහළ කරවන සුවිශේෂ සාහිත්‍යාංගය ජන කවිය, දරුවන් වෙනුවෙන් මව් වරු ගායනා කළ කවි වලට වඩා මව්වරු වෙනුවෙන් දරුවන් මුවින් ගිලිහුන කවි තුළින් මේ ගැන වඩාත් හොඳින් කියැවෙයි.යම් දරුවෙකුට ඕනෑම කරදරයක් සිදු වූ විට අම්මා සිහි වුණේ නිතැතිනි. දරුවන් කරන හැම හොඳ හෝ නරක කි‍්‍රයාවලදී පැසසුම් හෝ ගැරහුම් ලබන්නේ ද අම්මා ය.

 

මවු කුස තුළ සිටම තමාගේ එකම ආරක්‍ෂකයා අම්මා බව දරුවෝ දනිති.කුඩා දරුවෙකුට කුසගින්නක් දැනුණ විට සොයන්නේ අම්මා ය. අම්මෙකු කිසිදාක දරුවෙකු බඩ ගින්නේ තියා නැත. තමා නිරාහාරව සිට හෝ දරුවන්ගේ කුස පිරවීම ඇයගේ සිරිතයි. අම්මා කවන බත් කටෙහි රස සමාන කළ හැකි රසයක් ලොව නැත.

 

කිරි මදු වැල් කිරිමදුවැල් කිරි   අම්මේ

අපිත් කිරට හඬනා දරුවන්   අම්මේ

අනුන් දීපු බත් බඩ නොපිරෙයි  අම්මේ

ඈත ඉඳන් මට අත වනපන්  අම්මේ.

 

අම්මා අහිමි දරුවෙකු කුසපිරෙන්නට ආහාරයක් ලැබෙන්නේ නැත. මේ එවන් දරුවෙකු නගන විලාපයකි. මෙම කවියේ ‘කිරි’ යන වචනය අවස්ථා කිහිපයකම යෙදී ඇත. කිරි කියන කොට සිහි වෙන්නේ අම්මා ය. අම්මෙකුට කිරි එරෙන්නේ දරුවන් නිසා ය. දරුවන්ට බඩගිනි වූ විට අඬන්නේ කිරි ඉල්ලා ය. ඒ හඬ ඇසුන අම්මා වහා දුව එන්නීය. “ අපිත් කිරට හඬනා දරුවන් අම්මේ” යනුවෙන් දරුවා කියන්නේ අම්මා තමා ළඟට ගෙන්වා ගැනීමටය. “ අනුන් දීපු බත් බඩ නොපිරෙයි අම්මේ” යන පදයෙන් කරුණු කිහිපයක් ගැන සිතා ගත හැකිය. අනුන් කුස පිරෙන්නට බත් නොදෙන බව එකකි, අම්මා ළඟ නැති හෙයින් කෙතෙක් කෑවත් බඩ නොපිරෙන බව තවෙකකි. අනුන් කොතෙක් කන්න දුන්නත් එය සමබර ආහාර වේලක් නොවන බව තවත් කරුණකි. ඒ නිසා අම්මා නැති මට ජීවත් වී වැඩක් නැත. අම්මා සිටින තැනකට මාවත් රැගෙන යන්න. “ ඈත ඉඳන් මට අත වනනුයේ අම්මේ” කීවේ අම්මා සිටිනා තැන සොයා ගැනීමටය.අම්මා පල්ලා අම්මා මයි  අබිප්පරාඅම්මා දුන්නු බත් හැන්දයි   කුසේ පුරා අනුන් අතින් බත් නොපිරෙයි  හැන්ද පුරාඅම්මේ ගෙට වඩින් බත් කන්න   බඩ පුරාමේ දරුවාගේ කුසේ ඇත්තේ ද අම්මා දුන්නු බත් ය. අම්මා නැති වූ පසු හරියමන් බත් වේලක් තවම ලැබී නැත.

 

නෙතට විල තමයි කඳුළැලි  වැගිරීම

කයට බල තමයි රස ඇති   කිරිබීම

මරුට බල තමයි ලෙඩ දුක්  ඇතිවීම

දුකට මුල තමයි වැදු මව්   නැතිවීම

 

දරුවාට සිදුවන ලොකුම පාඩුව අම්මා අහිමිවීම බව මින් කියැවේ.

 

ඉර පායා ඉර මුදුනට එන්ට   එපා

සඳ පායා සඳ මුදුනට එන්ට  එපා

පෑදි දියට බොර දිය එක්වෙන්න  එපා

අම්මා නැති අපට බඩගිනි වෙන්න  එපා

 

අම්මා නැති දරුවෝ කුසගින්න නොදැණේවායි ප‍්‍රර්ථනා කරති. අම්මා නැති කළ කුසගින්න දැනුණද පලක් නොවන බව දන්නා නිසා ය. ගෙදර කටයුතු වලින් වැඩි කොටසක් පැවරී ඇත්තේ අම්මා වෙතය, කැලයට ගොස් දර කඩාගෙන ඒම අම්මාගේ එක් කාර්යයකි. කැලයට ගියත් අම්මාට සිහිවෙන්නේ දරුවන් ය. එකම ගමනකින් කාර්යයන් කිහිපයක් කරගෙන එන අම්මා ගැන දරුවෙකු කී කවියකි මේ.

 

අතට වෙරළු ඇහිඳ  ගෙනේ

ඉනට පලා නෙලා  ගෙනේ

බරටම දර කඩා   ගෙනේ

එයි අම්මා විගස   කිනේ

 

දුර එන කොට දුනු කෙයියා මලක්  වගේ

ළඟ එන කොට වැට කෙයියා මලක්  වගේ

ගෙට එන කොට ගෙයි ඇවිලෙන පාන  වගේ

මගෙ අම්මා මට මානෙල් මලක්   වගේ

 

දුනුකෙයියා මල, වැටකෙයියා මල, මානෙල් මල අලංකාරයෙන් හා විචිත‍්‍රත්වයෙන් පිරිපුන්ය, අගයෙන් ද ඉහළය, අම්මා ද එලෙසය, දරුවන්ගේ ජීවිතයේ අඳුර දුරුකරන පහනද අම්මා ය.

 



ජන කවියා දුටු අම්මා - jana kaviya dutu amma

ජන කවියා දුටු අම්මා Jana Kawiya Dutu Amma

ජන කවියා දුටු අම්මා jana kawiya dutu amma jana kawiya dutu amma jana kaviya dutu amma janakawiya dutu amma janakaviya dutu amma jana kavia dutu amma jana kawia dutu amma

Jana Kawiya Dutu Amma, Jana Kaviya Dutu Amma, Janakawiya dutu Amma, Janakaviya dutu Amma, jana kavia dutu amma, jana kawia dutu amma

ජන කවියා දුටු අම්මා jana kawiya dutu amma jana kawiya dutu amma jana kaviya dutu amma janakawiya dutu amma janakaviya dutu amma jana kavia dutu amma jana kawia dutu amma

ජන කවියා දුටු අම්මා Jana Kawiya Dutu Amma
ජන කවියා දුටු අම්මා Jana Kawiya Dutu Amma

ජන කවියා දුටු අම්මා Jana Kawiya Dutu Amma ජන කවියා දුටු අම්මා jana kawiya dutu amma jana kawiya dutu amma jana kaviya dutu amma janakawiya dutu amma janakaviya dutu amma jana kavia dutu amma jana kawia dutu amma Jana Kawiya Dutu Amma, Jana Kaviya Dutu Amma, Janakawiya dutu Amma, Janakaviya dutu Amma, jana kavia dutu amma, jana kawia dutu amma