Karaththa Kavi

අතිීතයේ  සිට අපරට බර ඇදීමට සහ ගමන් බිමන් යාමට බර කරත්ත සහ බක්කි කරත්ත  භාවිතා කළෝය’ ඉංග්‍රීසින් වතුවැවීම පටන් ගත් පසු වතුවල සේවකයින්ට ආහාර ්‍රව්‍යය ගෙනයාමාටත්  වතුවල නිෂ්පාදිත බඩු කොළඹට ගෙන ඒමටත් බර කරත්ත උපයෝගිකර ගැනිණ’ එසේම බෝගල ආදි ප්‍රදේශවල මිනිරන් කැපීම ආරමzභ කළවිට මිනිරන් කොළඹට ගෙන ඒමද සිදුකළේ බරකරත්ත  මගිනි’ මෙz නිසා එකල පනහ හැට එක පෙළට ගමන් කිරීම සුලබ දසුනක් විය’ රාත්‍රියේ කරත්ත නවත්වා ගොනුන් ලිහා නවාතැන් ගැනීම සඳහා පිළියෙල වු ගාල් අයිති කරුවෝ තේ” කෝපි” ආප්ප”ඉඳි ආප්ප” පිට්ටු බත් ආදිය පිළියෙල කොට කරත්ත කරුවන්ට විකුනුහ’ සමහර තැන්වල කරත්ත නැවැත්වීම වෙනුවෙන් මුදල් අය කෙරිණ’
කරත්ත පෙරහැරේ එනවිට ගොනුන් කර බැඳි සීනුහඩ ඈතට ඈතට විහිදි යයි’ කෙවිට අතට ගෙන  ගොනාගේ කිරිජ්ජ පල්ල කිති කවන විට උගේ ගමන් වෙගය වැඩිවෙයි එකෙනෙහි වටපිට බලන කරත්ත කරුවෝ කඳූරට සෞන්දර්යයෙන් මත්වෙති’ එවිට ඔවුන්ගේ මුවින් මෙවැනි සීපද පිටවේ  
 
තණ්ඩලේ දෙන්න දොපොලේ දක්කනවා                                                            කටුකැලේ ගාල නොලිහා වද    දෙනවා                                                        
හපුතලේ කන්ද දැකලා බඩ         දනවා                                                        
පවුකල ගොනෝ ඇදපන් හපුතල්     යනවා
 
බතට කන්න බැරි බතලේ ගල         කන්ද                                                      
අලටකන්නබැරි අල ගල්ලේ            කන්ද                                                  හුණට කන්න බැරි හුන්නස්ගිරි          කන්ද                                                   
මේ කඳු තුනට නායක සමනල           කන්ද