කවට කවි  Kawata Kawi

 

 

අප රකිනා                                 තබා
තොප සතු ගොනා      නොතබා
කන තෙක්‌ වෙත                       තබා
බලා උන් කෙනෙකි තෙපි         සබා



උතුමෝ ලියන්                     වෙත
නොඉඳිති සිලින් දැක             සත
මෙහෙසුරු උමා                     කත
තබා රකිතියි කියයි සිය          ගත

 

ගහනත ඉතා                       මිටි
කොපුල්තලැ දැලි     නොමසිටි
දා ගිය පුවක්‌                      සැටි
මුවනතින් දල රකුසුගේ    සැටි

 

පැවසූ නියම                    කොට
නුවණැති දනෝ පෙර         සිට
නුපුරුදු දීග                          යට
පුරුදු කනවැන්දුම හොඳයි  මට

 

දාර දෙකක්‌ එක නම මුල් කර            තැනුවා
පාර තිහක්‌ ගැහුවට බයකුත්                නැතුවා
කොන් සතරයි කණු සතරයි ගෙට      ඇතුවා
තෝරාපන් ඊයේ මගදී                          දුටුවා

 

දාර දෙකක්‌ එක මැද එක                    ගැවසීය
වට පිට යන කලට කණු සතරෙන්           යාය
ගෙට වැඩි කලට කිසි බයකුත් නැති         යාය
මට දැනෙනා ලෙසට මහරජ               ඉබ්බාය