Rajawathi Gurumaniyo රාජවතී ගුරුමෑණියෝ rusian akka Hot Photos

මහගමසේකර සූරීන් Mahagamasekara Sooreen

මහගමසේකර සූරීන් උපත ලද්දේ 1929 අපෙ‍්‍ර්ල් මස 7 වැනිදා කොළඹ දිස්ති‍්‍රක්කයේ සිය නෑ කෝරළයේ රදාවාණේදීය. මහ ගමගේ ජෝන් අප්පුහාමි මහගම සේකරගේ පියාය. රණවක ආරච්චිගේ රොසලින් නෝනා ඔහුගේ සෙනෙහෙ බර මෑණියෝය.එතුමා කවියකු ලේඛකයකු චිත‍්‍ර ශිල්පියකු නාට්‍ය රචකයකු මෙන්ම නාට්‍ය අධ්‍යක්ෂ වරයකුද වෙයි. 1960 දී සේකරයන් ලංකා ගුවන් විදුලි ආයතනයේ වැඩ සටහන් සම්පාදකයකු ලෙසින් සේවයට ගියේය. ඔහු ලියූ බොහෝ ගීත ගායනා කරණු ලැබුවේ සුප‍්‍රකට සංගීතඥයකු වූ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී.අමරදේවයන් ය. සිංහල ගීත සාහිත්‍යයේ මහා පෙරැළියක් ඇති කළ මහගමසේකර ගේ සෑම ගීතයකින්ම වහනය වන්නේ ජාතියේ දේශයේ ජීවන සුවඳයි. සිංහල දරුවන් තුළ ජාතිය දේශය පිළිබඳ උදාර කල්පනාවන් පුබුදාලන්නට සේකර නිබඳවම සැදී පැහැදී සිටියේය. අවුකන  පිළිමය පිළිබඳ සේකරයන් අපූරු ගීතයක් නිර්මාණය කළෙය. පණ්ඩිත් අමරදේවයන් හඩින් මේ ගීය අදත් අපට අසන්නට ලැබේ.සේකර ලිවූ අපූරු ගීත රචනා අතර “මහවැලි ගීතයට” ප‍්‍රමුඛත්වයක් ලැබේ.

 

මහවැලි , මහවැලි, මහාවැලීසිරිපද ලස සමනොළ සිරසේසිඹ සිඹ සිහිලස විඳ සොඳගේලෙලී දිලී ගලා බසීමහවැලි ගීතයෙන් අපේ රටේ ඉතිහාසය පිළිබඳ පැහැදිලි කරයි. සුදෝ සුදු පෙණ කැටි නංවමින් ගලා බසින මහවැලි ගඟ එහි ප‍්‍රධාන මාතෘකාවයි.1966 දී හොඳම ගීත රචනයට පිරිනැමෙන සම්මානය දිනාගත්තේ ‘සාරවිට’ චිත‍්‍රපටය සඳහා නිර්මාණය කරන ලද පහත ගීතය ටයි.

 

මේ සිංහල අපගෙ   රටයි

අප ඉපදෙන මැරෙන   රටයි

අප හද පණ ගැහෙන   රටයි

මුළු ලොව ඒ රටට   යටයි.

 

දේශානුරාගී හැගීම් අප තුළ පුබුදු කරන මේ ගීය ඇසෙන විට අපේ සිත් දේශය පිළිබඳව වූ භක්තියකින් ආදරයකින් පිරී යයි. අප උපතින් ලද මේ උරුමය රැක ගැනීම පුංචි අපේ වගකීම බව සේකර කියයි.මහගම සේකරගේ ගීත නිර්මාණ පිළිබඳ කතා කරනවිට ඔහු සිංහල බසට හැරවූ අපූරු ගීත බොහොමයකි. ඔහු විසින් ඕමාර් ඛයියාම්, ඛලීල් ජිබ්රාන්, සරෝජනී නායිදු, රබීන්ද්‍රනාථ ඨකුර වැන්නන්ගේ නිර්මාණ පරිවර්තනය කරන ලදී. සරෝජිනී නායිදුගේ නිර්මාණයක් පරිවර්තනය කරමින් ඉදිරිපත් කළ ගීතයකි මේ.

සන්නාලියනේ සන්නාලියනේ කාටද ඇඳුම වියන්නේ

ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයිමේ පොඩි ඇඳුම වියන්නේ

මහගම සේකර ලිවූ කෘති කීපයක්

ව්‍යංගා 1960

සක්වාලිහිණි 1962

හෙට ඉරක් පායයි 1963

මක්නිසාද යත් 1964

රාජතිලක ලයනල් හා පි‍්‍රයන්ත 1967

බෝඩිම 1970

මහගම සේකර ගීත 1972

සරුපොළොවක් අපට ඇතේ ළමා ගීත 1973

තුම්මංහංදිය 1962

 

 



චරිතාපදාන - Charithapradana

මහගමසේකර සූරීන් Mahagamasekara Sooreen චරිතාපදාන Charithapadana

මහගමසේකර සූරීන් mahagamasekara sooreen චරිතාපදාන charithapadana mahagamasekara sooreen mahagama sekara sooreen mahagama sekara sorin

මහගමසේකර සූරීන් mahagamasekara sooreen චරිතාපදාන charithapadana mahagamasekara sooreen mahagama sekara sooreen mahagama sekara sorin

මහගමසේකර සූරීන් Mahagamasekara Sooreen චරිතාපදාන Charithapadana
මහගමසේකර සූරීන් Mahagamasekara Sooreen චරිතාපදාන Charithapadana

මහගමසේකර සූරීන් Mahagamasekara Sooreen චරිතාපදාන Charithapadana මහගමසේකර සූරීන් mahagamasekara sooreen චරිතාපදාන charithapadana mahagamasekara sooreen mahagama sekara sooreen mahagama sekara sorin