මාර්ටින් වික්‍රමසිංහ Marting Wickramasinghe

මහැදුරකු නොවී මහැදුරින් දිනූ මහා ප්‍රාඥයා

1890 වෙසක් මස 29 දා ලක්දිව දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් හබරාදූව ප්‍රදේශයේ කොග්ගල මලල ගමදී උපත ලැබීය. පියා ළමා හේවගේ දොන් මාර්ටින් බස්තියන් සිල්වා සහ මව ලියනගේ නොච්චිහාමි මාතාවයි. දස දෙනෙකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවා වීමේ භාග්‍ය ලැබුවේ වික්‍රමසිංහය. ළඳරු වික්‍රමසිංහයන් මුලින්ම අකුරු කරනු ලැබුවේ ගමේ අන්දිරිස් ගුරුන්නාස්ගේ ගුරු ගෙදරිනි.

 

ඉන්පසුව ගාල්ලේ බොනවිස්ටා විදුහලෙන්ද අහංගම සිංහල පාසලෙන්ද අධ්‍යපනය ලැබීය. පස්වන ශ්‍රේණියෙන් පාසල් අධ්‍යාපනය නිමා කළ ඔහු සිය පවුලේ ආර්ථික අපහසුතා නිසා පාසල් ගමන නතර කළද පොත්පත් පරිශිලනය කිරීමේ පුරුද්දක් ඔහු ඈත් වූයේ නැත.

 

කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ හා කොළමේ ජෝන්ද සිල්වා සමාගමේ ලියන්නෙකු ලෙසද, මඩකලපුවේ කොරනොලිස් සිල්වා වෙළෙඳසැලේ ඉතා අඩු වැටුපකට රැකියාව කළ ඔහු 1920 දී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ රැකියාවට වැදුණු අතර, 1925 නොවැම්බර් 30 දා කතළුවේ ප්‍රේමාද සිල්වා මෙනෙවිය සමග විවාහ විය. මෙම විවාහයෙන් දරුවන් හය දෙනෙකුගේ ආදරණීය පියා වීමේ වාසනාව වික්‍රමසිංහට හිමි විය.

 

කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ හා කොළඹ ජෝන්ද සිල්වා සමාගමේ ලියන්නෙකු ලෙසද, සුරංගනා, වීරකතා, රහස් පරීක්‍ෂක කතාන්දර ඔස්සේ ගොඩ නැග තිබූ අපේ ළමා කතා සාහිත්‍ය නව මගකට යොමුකළ, මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල්දූව, අපේ ගම කෘතින්ගෙන් තොරව දේශීය ගුණ සුවඳින් පිරුණු ගෙනහැඑ පෑම ඉතා උගහටය. ඊට හේතුව මාදං, බෝවිටියා, කිරල ළඳු කැලෑ අතර තම බාලවියේ කරක් ගැසූ වික්‍රමසිංහ ස්වීයඅත්දැකීම් මහා පරිකල්පනයකින් යුතුව ළමා සිත් පමණක් නොව වැඩ හිටි සිත්ද ඇද බැඳ ගන්නා අයුරින් ප්‍රතිනිර්මාණය කළ නිසාවෙනි. විසිවන සියවසේ කලාත්මක ළමා සාහිත්‍ය නිර්මාණයන් කිරීමේ පුරෝගාමිකයන් අතර වික්‍රමසිංහ ප්‍රමුඛස්ථානයක් ගනී.

 

වික්‍රමසිංහයන් අතින් ජීවිතාන්තය දක්වා ලියැවුණු කෙටි කතා ගණන 108 කි. කෙටි කතා සංග්‍රහ වශයෙන් 13ක් මුද්‍රණයෙන් එළිදක්වා ඇත. ගැහැනියක්(1924), චරිතා දර්ශකතා(1927),බිල්ල සහ අපූරු මුහුණ(1944), හද සාක්කි කීම(1946) , මගේ කථාව(1947), පව්කාරයාට ගල් ගැසීම(1936), වහල්ලු(1951) ඒවායින් සමහරෙකි. එතුමා 1976 ජූලි 23 දා ජාතියෙන් සදහටම සමුගත් වගයි.