මූදු කවි Muudu Kawi

 

 

හම්බන්තොටින් ඇදලා රුවල විගසිනේ

නියඳ කුපත කොල්ලෑවට තබා-ගෙනේ

වලවේ මෝදර ද ඉබ්බාගල නො පෙනේ

වටගල බලබලා දුවපන්න දියඹිනේ

 

වාරයා වාරකන් මයි බහින්නේ

හරහයා උතුරුකන් මයි බහින්නේ

මාරියා ගෙඩිය පස්සේ දුවන්නේ

ලිහිණියා කඩුල්ලෙන් තංගලු යන්නේ

 

දුවනවා මතුරෙ මෙ පමණ මේ සෙව්වේ

සොයනවා සොඳට විපරම් කෙරෙව්වේ

දැනෙනවා පමණ යන්තම් ඔය තැනුවේ

පෙනෙනවා ඔන්න රුව නිල්වැලි තුඩුවේ

 

අපිත් දුවමු මහ රුවල ම උඩ ඇදලා

ගන්දර නො පෙනී යන කල පපුව උණු-වෙලා

වල්දූගලත් එනව ලු අපට කිට්ටු වෙලා

දෙබැගලට කිට්ටු ද සකි පස්ස ගලා 

 

ඔන්න බලපාන් ඉර පායන තානේ

තලා දිදී එන සුළඟකි එම ගානේ

වලාහක දෙවිඳු හෙළි කළ සඳපානේ

බලා දුවපන්න අන්දම තඹානේ

 

ගොඩින් වලස්සුත් ඇත ගල් ගෙවල් වල

ගොඩින් සොඳ වතුර ඇත වැවු පොකුණු වල

වටින් කුපත් ඇත එහි මැද වරාගල 

මැදින් සොඳ වරායේ අරගන් රුවල

 

කතරගම දෙවිඳු කන්දස් සුවාමිනේ

ඔරුව රුවල රත්තරනෙන් තනාගෙනේ

කුඹ ද පරුමාණ රිදියෙන් සදා-ගෙනේ

ඇහැළ මහට එඤඤයි ඉස තබාගෙනේ