පුරාණ ගැමියන් තම කෙතේ, කුඹුරේ වල් ඉදිරීම, අස්වැන්න නෙලීම කලේ අතිශය ගෞරවයකිනි. අස්වැන්න නෙලීම හැදින් වූයේ ගොයම් ලියා බානවා යනුවෙනි. අහල පහල ගොවින්, ගෙවිලියන් එකතු වී සුභ මොහොතින් අස්වනු නෙලීම ඇරඹීමත්, ඉන් අනතුරුව සාමූහිකව කවි ගායානා කිරීමත් දැකිය හැකිය. හිරු රැස් තදවත්ම මොහුනගේ දාහයද වෙහෙසද වැඩිවේ. එවිට ගයන ගී හඩද අපූර්ව ස්වරයෙන් යුක්තය. මෙම කවි බොහොමයක් තුරුණුවන්ගේ ගුණ, ශ්රී පාද වන්දනාව වැනි අතිශය භක්තිය ජනිත කරණ තේමා ඔස්සේ නිර්මාණය කරගෙන ගායනා කෙරේ.
-
රටට ගමට ජාතියටත් ගරු කොට
පණට කයට අප සැම උදව්වට
නිවට නොවී හොද කල් ගත කෙරුවට
වෙළට බහිමු අපි ගොයම නෙලන්නට
-
බොහොම ගන්ට නම් ගොයමෙන් අස්වනු
බොහොම හොදට නෙළුමත් ඕනෑ වෙනු
කොහොම කළත් බෑ නොහෙලා දැනගනු
නෙළුම තමයි අපේ පුරුදුම කහවනු
-
තුනක් ඇදුනි කොළ පෙති ඡල මත්තේ
මදක් පමණ වෙන කොට සිවු පෙත්තේ
දනක් පමණ වෙන කොට පස් පෙත්තේ
සයක් ඇදුණි කොළ බොරු නැත සන්නේ
-
තබුරු පුබුදු මල් සුවදයි හැම විට
බමරු ඇවිත් රොන් ගෙන යති උදයට
මදුරු කිදුරු නද වෙති තද වාතෙට
නැබුරු වෙලා ඉකි ගොමර තරමට
-
ඇදුනි සතක් කොළ පෙති අග තුඩු දී
පෙනුණි සුනිල් තණ පත් ලෙස නද දී
ඇදුනි යපුරුකක් ඒ නිසි කල දි
පිපුණි ගොයම් මල් නව පෙත්තේ දී