රුක්මණී දේවී (Rukmani Devi)

ජීවන තොරතුරු

ඇය ජනප්‍රිය සංස්කෘතියට අයත් කලාකාරියකි. ප්‍රථම සිංහල චිත්‍රපට නිළිය මෙන්ම සිංහල සිනමාවේ අග්‍රගනය නිළියද, සිංහල සංගීතයේ අග්‍රගනය්‍ය ගායිකාවද ඇයමය. ශාන්ත මැතීවී විදුහලේදී විවිධ ප්‍රසංග සඳහා රුක්මණී දේවි සහභාගි වුවාය.

 

ප්‍රසිද්ධියේ කලාවට අවතීර්ණ වුයේ වේදිකා නාට්‍ය නිළියක ලෙස වෝල්ටර් අබේසිංහයන්ගේරාමාණය නාට්‍යයේ සීතාගේ භූමිකාවෙනි. වේදිකා නාට්‍යයට එළඕයේ නුර්තිය පිරිහෙන කාලයේය. ගායනයට පිවිසියේ 1906 න් ඇරඕ ග්‍රැමෆෝන් යුගයේ ය. පාසල් ගුරුවරියකව සිට සුප්‍රකට නෘත්‍යාංගනාවක වු චන්ද්‍රලේඛා ඇගේ කලා ලොව පෙරගමන්කාරිය විය.

 

නාට්‍ය කිහිපයක රඟපා ජනප්‍රියත්වයට පත්වු ඇය මිනර්වා නාට්‍ය සංගමයට බැඳුනාය. රුක්මණී වඩා ප්‍රිය කළේ ගීතයයි. එනිසාම ඇය එම සංගමයේ නිපද වු නාට්‍යවල අතිරේක ගායිකාවක ලෙසද ( අවතාරය නාට්‍යය ) ‘ කඩවුණු පොරොන්දුව‘ නාට්‍යෙයේ රංජනීගේ චරිතයට පණ පෙවීමෙන් රඟපෑමද ආරමිභ කළාය.

 

එකල නිළියක වීම පිළිබඳ සාමාන්‍ය ජනයා අප්‍රසාදය පළ කළහ. එය පහත් ලෙස හංවඩු ගැසී තිබුණි. මුල් කාලයේ වේදිකා නාට්‍ය රඟපෑවත් ඇය එතරම් ජනප්‍රය නොවුවාය. ඇගේ ගීතවල ක්‍රිස්තියානි ආභාසය තිබුණි. එමෙන්ම ඇය 1939 කාලයේදී ගුවන් විදුලි සංගිත වැඩසටහන් වලට සහභාගි වුවාය. ඇය ගැයූ ප්‍රථම ග්‍රැමෆෝන් ගීතයසිරි බුද්ධගයා විහාරේ‘ ගීතයයි. ඇය ගීත, චිත්‍රපට, වේදිකා නාට්‍ය බොහොමයකටම දායක වී ඇති. විචාරකයන් ඇය ‘මෙලඩි ක්වීන්‘ ලෙස  හැඳින්වුයේ ඇගේ ගීත නිසාමය.

 

නමුත් ඇය අනෙක් සංගීඥයන් මෙන් සංගිතය ඉගෙන නොතිබිණි. ඇය මෙරට ප්‍රදර්ශිත ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටයේ, එනම් ‘කඩවුණු පොරොන්දුව‘ චිත්‍රපටයේ රංජනීගේ චරිතය රඟපෑවාය. මුලින්ම ප්‍රේක්ෂක ගර්භාවට ලක්වන චරිත රඟපෑ නමුත් (කඩවුණු පොරොන්දුව) පසුව ප්‍රේක්ෂක අනුකම්පාව දිනාගත හැකි චරිත රඟපෑවාය. (දෛවයෝගය). ඇයට බටහිර සංගිතයට මෙන්ම ඉන්දීය රාගධාරී සංගිතයට අනුවද ගීත ගායනා කළ හැකි විය. ඇය ලංකාවේ එකල සිටි හොඳම පොප් ගායිකාව වුවාය. 1947 ගුවන් විදුලි ශ්‍රවණ පර්යේෂණයකදී ඇය ජනප්‍රිය ගායන ශිල්පින් අතර 2 වන ස්ථානයට පත්විය. ඇය පොඳුජන කලාකාරීයකි.1978. 10. 28 වන දින මේ ශ්‍රේෂ්ඨ කලාකාරිය හදිසි අනතුරකින් මිය ගියාය.

 

සම්මාන

දිනමිණ හා දීපශිඛා සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම්මාන ලද්දේ 1955 දීය.

කලා සිනමා පුවත්පතේ අනුග්‍රහයේ පැවති කලා චිත්‍රපට තාරකාවන් තේරීමේ තරඟයෙන් ඇය දක්ෂතම නිළිය වුවාය.

 

ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට

  • කඩවුණු පොරොන්දුව ( රංජනීගේ චරිතය)
  • කපටි ආරක්ෂකයා ( මල්ලිකාගේ චරිතය)
  • වැරදුණු කුරුමාණම ( ස්වර්ණාගේ චරිතය)
  • පෙරළෙන ඉරණම (සුවිනීතාගේ චරිතය)
  • හදිසි විනිශ්චය ( කාන්තිගේ චරිතය)
  • සැඟවුණු පිළිතුර ( කුසුමලතාගේ චරිතය)
  • උමතු විශ්වාසය (ද්විත්ව චරිත)
  • කැළැ හඳ ( මාලිනීගේ චරිතය)
  • සිරියලතා ( ඇග්නස් හෙවත් ගුස්තිනා හෙවත් ශ්‍රියාලතා)
  • දෛවයෝගය (ශීලා දස්කොන්, පෙමිලා බිසව)
  • නළඟන (ප්‍රේමා)
  • සැමියා බිරිඳගේ දෙවියාය ( චන්ද්‍රා)
  • ඉහත ආත්මය (එමලි)
  • දෙවියනි ඔබ කොහිද? (මරියා)

රඟපෑ වේදිකා නාට්‍ය

  • වෝල්ටර් අබේසිංහයන්ගේ - රාමායණය
  • චාල්ස් ඩයස්ගේ - මායාවතී
  • ඩික් ඩයස්ගේ - ජානකීහරණය
  • පී.පී.ආටිගලගේ- රෝහිණී
  • ලූමන් රාජපක්ෂගේ - රාජද්‍රෝහියා
  • සී.ඒ.ෆොන්සේකාගේ - කීකරු බිරිඳ
  • විලාෆ්‍රඩ් පීරිස්ගේ-රංගල අප්පු
  • ධම්ම ජාගොඩගේ - වෙස්මුහුණු

එසේම ඔතෙලෝ,වෙස්සන්තර,ඔන්න බබෝ ඇතින්නියා,සිවම්මා ධනපාල යන නාට්‍ය වලද රඟපා ඇත.

සාහභාගි වූ මිනර්වා නාට්‍ය

  • අවතාරය (ගායනයෙන් පමණි)
  • කඩවුණු පොරොන්දුව ( රංජනීගේ චරිතය)
  • පෙරැළෙන ඉරණම (සුවිනීතාගේ චරිතය)
  • උමතු විශ්වාසය (සුසිලාගේ චරිතය)
  • කපටි ආරක්ෂකයා (මල්ලිකාගේ චරිතය)
  • හදිසි විනිශ්චය ( කාන්තිගේ චරිතය)
  • වැරදුණු කුරුමාණම ( ස්වර්ණාගේ චරිතය)

ඇය විසින් ගයන ලද විරිඳු ගීත

ලොවේ දසත පුජිත - ගරු සිංහල ජාතියෙ උපන්න

ගායනා කරන ලද ද්‍රවිඩ ගීත - ‘සැඟවුණු පිළිතුර‘ චිත්‍රපටයේ ද්‍රවිඩ පිටපත වන ‘කුසුමලතා‘ හි ද්‍රවිඩ ගීත ඈ ගැයුවාය.