දක්ෂ කවියකු වූ සාගර පලන්සූරිය මහතා Daksha Kawiyeku Wu Sagara Palansooriya Mahatha

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු        සලා

මට දැනෙනවා යයි මගෙ අත දිගට        ගලා

නාඩන් අම්මේ නාඩන් මා විහිළු       කළා

එන්නද ගොසින් බොරු කී කොල්ලනට       තලා

 

(සුදෝ සුදු )1913 දී රත්නපුර දිස්ති‍්‍රක්කයේ කළල්ඇල්ල නම් වූ රමණීය ගම්මානයේ සාගර පලන්සූරිය නමින් උපත ලද ඔහු පසු කලෙක මෙරට බිහි වූ දක්ෂ සාහිත්‍යදරයෙකු විය. කොළඹ යුගයේ දෙවැනි පරපුරට අයත් කවියකු වූ සාගර පලන්සූරිය මහතා කුඩා කල සිටම ගොඩමඩ දෙකින් සරුසාර ගමට මහත් සේ ආදරය කළේය. ගමට තිබූ ආදරයම එතුමාගේ කවි හැකියාව ඔප් නැංවීමට වඩාත් බලපෑවේය. එසේම කළල්ඇල්ල ගමේ විසූ නිර්ව්‍යාජ අහිංසක ගැමියන්ගෙන් හා තම දෙමව්පියන්ගෙන් කුඩා කල තමා ඇසූ ජනකතා, ජනකවි හා බණකතා ආදියෙන් ද තම කවි ලොව එළිය කර ගැනීමට සාගර පලන්සූරිය මහතාට හැකි විය. තම ළමා වියෙහිදී බඩවැටි, ඕවිටි ,වෙල් එළි, ලඳු, කඳුගැට , දිය ඇලි ආදිය ආශ‍්‍රයේ ගැවසෙමින් , කළු ගගේ ශාඛාවක් වූ කුඩා නදියේ කිමිදෙමින් සුන්දර ළමා වියක් ගත කළ ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ කළල්ඇල්ල රජයේ පාසලෙනි. පාසල් ගුරුවරුද සාගර සිසුවා දක්ෂ කවි ගී ගායකයකු බව දැන සිටියේය.පාසල් දිවියෙන් සමුගත් ඔහු පැවිදි දිවියට සැපැත් වූයේ කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමි නමිනි. පසු කෙලක එතුමන් අතින් බිහිවූ බොහෝ නිර්මාණවලට එම නමේ මුලකුරු යොදා කේ. ඒ. එස්. ලෙස එක්කිරීමට කටයුතු කළ අතර එතුමාගේ රසිකයන් අතර එය ජනපි‍්‍රය වූයේ ‘කේයස්’ නමිනි.

 

පැවිදි දිවියෙන් ටික කලකට පසු කොළඹට පැමිණි ආනන්ද සාගර හිමි නැවත උපැවිදි වීය. එනමුත් තම අධ්‍යාපන කටයුතු වලින් බැහැර නොවූ එතුමා පිරිවෙන් හා රාතී‍්‍ර ඉංගී‍්‍රසි පංතිවලට සහභාගි විය. කෙසේ හෝ ඉතා හොඳින් ඉංගී‍්‍රසි උගත් පලන්සූරිය මහතා ඉංගී‍්‍රසි ගුරු පුහුණු විදුහලට ඇතුළු විය. කේයස් නමින් දිගින් දිගටම තම නිර්මාණ කළ එතුමා ඒ අතර තුරම කොළඹ විද්‍යෝදය පිරිවෙන , ආනන්ද විදුහල නාලන්ද විදුහල, මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය ආදියෙහි ඉංගී‍්‍රසි ගුරුවරයකු ලෙස ද සේවය කළේය.මෙම කාලවකවානුවේදීම දිනමිණ, සිළුමිණ , සිංහල ජාතිය, සිංහල බෞද්ධයා ආදී පුවත්පත් වලට කවි ලියූ පලන්සූරිය මහතාට මීමන පෙ‍්‍ර්මතිලක , යූ. ඒ. එස්. පෙරේරා , එස්, මහින්ද හිමි බඹරකොටුවේ සුධර්ම හිමි ආදී ප‍්‍රවීණ කවීන්ගේ ආභාසය ලැබීමටද හැකි විය.ඉංගී‍්‍රසි විචිත‍්‍රවාදී කවීන්ගේ ආභාසය ද ලැබූ කේයස් තම නිර්මාණ වලට ද එම ආභාසය යොදා ගත්තේය. ඒ අනුව ස්වාභාවික පරිසරය, ස්වාභාවික වස්තූන් ආදිය පිළිබඳ තම නිර්මාණ කිරීමට කේයස් පෙළඹුණේය.කේයස්ගේ ප‍්‍රථම කවි පොත වූයේ “ සුදෝ සුදු “ යි ඉංගී‍්‍රසි කවියකු වූ ඇල්ෆ‍්‍රඩ් ටෙනිසන් මහතා නිර්මාණය කරන ලද ඊනොන් ආඩ්න් නම් කවි කතාවේ ආභාසය ලබමින් නිර්මාණය කරන ලද්දකි. බටහිර ආභාසය ලබා කවි ලියූ එකල විසූ කවියෝ එම ආභාසය ඒ අයුරින්ම ඉදිරිපත් කළහ. නමුත් කේයස් ලියූ නිර්මාණ ඊට වඩා වෙනස්විය. බටහිරි කතාවක් මුල් කර දේශීයත්වය ලබාදී තම නිර්මාණ කිරීමට ඔහු වග බලා ගත්තේය.“කටුරොද ගමේ වෙල්වල මානෙල්         ඕලුමැණිකෙගෙ මුහුණ බැලුමට පොරකන වාලූ “ ලෙස සිය ගමේදී දුටු සිද්ධීන් යොදා තම නිර්මාණ අලංකාර කළේය.“කිරිහාමි” කන්දෙ ගෙදර “ , “ කාලකන්නියා”, “සොහොන් බිම” , පාළුගම” ,”ගංගාවේ ගීතය”, එතුමා අතින් නිමවූ නිර්මාණයන්ගෙන් කිහිපයකි.කඳු බෑවුමක දම් බෝවිටි පඳුරු       තලාපහළට ගලා වන මල් පෙති ඉවත      හෙලාකළ දෝ දියෙන් පොඟවා රන් පුලින    තලාසංගීතවත් වී යමි ඉදිරියට        ගලාඒ ගංගාවේ ගීතය නම් වූ රසවත් කවි පෙළෙහි එක් කවියකි. මෙම කවියක් රසවිදින රසිකයාට ගංගාවක් අලංකාර ඉවුරක් අසලත් මිහිරි නාදයක් නංවමින් ඉදිරියට ගලායන අයුරු චිත්ත රූපයට නංවයි. දක්ෂ කවියකු වූ කේයස් ගේ සෑම නිර්මාණයකම මෙම ගුණය අඩංගුවේ.ස්වභාව සෞන්දර්යය, ලිහිල් භාෂාවක් උපයෝගී කරගෙන එදිනෙදා ජීවිතයේ අත්දැකීම් ද නිර්වාජව එළිදක්වන කවියා ඊට පැරණි කාව්‍ය ලක්ෂණත් ඉන් එහාට බටහිර ආභාසයත් එක්කර තම නිර්මාණ දියුණු කළේය. මෙම සජීවි ගුණයෙන් පරිපුර්ණ වූ අපූරු කවි බස සිංහල කවි කලාව නව මගකට යොමු කළේය.අපූරු කවිත්වයක් හිමි මේ අපූරු කවියා වරක් පාර්ලිමේන්තුවටද පිවිසියේය. ඒ හොරණ ආසනය නියෝජනය කරමිනි. තවද පලන්සූරිය මහතා ආසියානු ලේඛක සම්මේලනය සඳහා ශ්‍රී ලංකා ලේඛක සංගමයේ ප‍්‍රධානත්වය දරමින් නවදිල්ලි නුව රට සැපත් වූයේ අපේ රටේ කවි රසය ලොවටම පෙන්වීම සඳහාය.පාර්ලිමේන්තුවේ දී ද සිංහල භාෂාව , සාහිත්‍ය , බුද්ධ ධර්මය ආදිය පිළිබඳ හඬක් නැඟූ ඒ මහතා ඊට ප‍්‍රථම විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ සිංහල භාෂා පරීක්ෂණ අංශයේද සේවය කළේය.සිංහල භාෂාවට විශේෂයෙන්ම කවියට මහඟුසේවයක් කළ සාගර පලන්සූරිය මහතා 1961 දී පරලෝසැපත් විය.