සිංදු කියන කුරුල්ලා Sindu Kiyana Kurulla

“ඔන්න පුතේ එකෝමත් එක කාලෙක ලෝකෙ තිබුනා ලස්සන රටක්. ඒ රටේ හිටියා බොහොම ප්‍රසිද්ධ රජ කෙනෙක්. මේ රජතුමාගේ මාළිගාව හරිම ලස්සනයි. ඒ වගේම විසාල උද්‍යානයකුත් මාලිගාව වටේටම පිහිටල තිබුනා. ඉතිං මේ රට බලන්න එන සංචාරකයෝ රජතුමායි, රටයි, මාළිගාවයි වර්ණනා කරල බෝහොම ලස්සන කතා පතුරවල තිබුනා. ඒත් ඔන්න එක දවසක් මේ රජතුමාගේ යාළුවෙක් වෙච්චි තවත් රටක රජකෙනෙක් ඇවිත් රජතුමාට කිව්වා මෙන්න මෙහෙම.‍

“රජතුමනි. කෝ අර ඔබතුමාගේ ලස්සනට සිංදු කියන කුරුල්ලා“ 

ඔන්න බලන්නකකෝ අපේ රජතුමා මේ වෙනකං එහෙම කුරුල්ලෙක් ඉන්නවා කියලවත් දැනගෙන හිටියේ නැහැ. ඒ පාර රජතුමාට හොඳටම තරහ ගිහිල්ල තමන්ගේ අගමැතිට වහාම එන්න කියල පණිවිඩයක් යැව්වා. රජතුමා එයාගෙන් මේ ගැන ඇහුවට එයාවත් ඒ ගැන දන්නේ නැහැ. ඒ පාර රජතුමා අණ කරා මේ කුරුල්ලා හොයාගන්න කියලා. ඉතිං අර අගමැතිතුමා මුළු මාලිගාවේම ඉන්න අයගෙන් සිංදු කියන කුරුල්ලා ගැන ඇහුවට කව්රුවත් දැනගෙන හිටියේ නෑ. අන්තිමට කව්ද දන්නවද ඒ ගැන දැනං හිටියේ. රජතුමාගේ කුස්සියේ උදව්වට ඉන්න පුංචි ළමයෙක්. එයා කිව්ව මම දන්නවා ඒ කුරුල්ලා ඉන්න තැන. එයා ඉන්නේ මේ මාලිගාව පහු කරගෙන ගියාම තියෙන කැලේ මැද්දට වෙන්නට තියෙන ලොකු ගහක කියලයි. ඉතිං පුතේ, දැං අර පුංචි ළමයත් අඩගහගෙන ඔක්කෝම අය කුරුල්ලා හොයන්න ගියා. ඔහොම කැලේ ඇතුලට යන කොට හරිම නිස්සද්දයි. ඒ වගේම ගස් වල කොළ හෙමින් හෙමින් හුළගට හෙල්ලෙන කොට සර සර ගාලා සද්දයක් ඇහෙනවා. ඈතින් ගලන දොළ පාරක සද්දයත් නිසා හැමෝම හරිම පුදුමෙන් වගේ කැලේ ඇතුලට ගියා. එහෙම ගිහිල්ලා කන්දක් මුදුනේ තිබුන ලොකූ ගහක් ගාව නතර වෙච්චි අර ළමයා කිව්වා අන්න අර ගහේ තමා මේ සිංදු කියන කුරුල්ලා ඉන්නේ කියලා. ඉතිං කව්රුත් කිව්වා ඔයානේ එයාව දන්නේ ඒක නිසා කතා කරන්න කියලා. ඒ පාර පුංචි ළමයා කුරුල්ලට කතා කලා.‍

‘පුංචි කුරුල්ලෝ.. මෙන්න ඔයා බලන්න කට්ටියක් ඇවිල්ලා. පොඩ්ඩක් එන්නකෝ එළියට“

ඔන්න ඔහොම කිව්ව විතරයි පුංචි කුරුල්ලා හෙමින් සැරේ පියාඹගෙන ඇවිත් පහළ තිබුන අත්තකට වැහුවා. එතකොට අර ළමයා කිව්වා..‍

“පුංචි කුරුල්ලෝ.. ඔයා සිංදු කියන හැටි අහන්න අපෙ රජතුමාට ආසයිලු. ඒක නිසා ඔයාට අද රාජමාළිගාවට එන්න කියල තියෙනවා“ කියලා. එතකොට කුරුල්ලා කිව්වා.

“අනේ පුංචි දරුවෝ.. රජතුමාට කියන්න අද නං බැහැ කියලා. මොකද මට දැං ගියොත් ආයිත් මගේ කුඩුවට එන්න වෙලා මදි වෙනවා ඒක නිසා මං හෙට උදේට නොවැරදීම එනවා කියල කියන්න“ කියලා.

ඉතිං කට්ටිය ආපහු ආවා. කිව්වත් වගේ පහුවෙනිදා උදේ පාන්දරම කිචි කිචි ගාගෙන අර පුංචි කුරුල්ලා රාජ මාළිගාටව ආවා. ඉතිං මේකට සතුටු වේච්චි රජතුමා කුරුල්ලට පළතුරු කන්න දීලා, කිර බොන්න දීල ඉවර වෙලා සිංදුවක් කියන්න කියල කිව්වා. කුරුල්ලා කොච්චර ලස්සනට සිංදුව කිව්වද කිව්වොත් රජතුමාට තවත් සිංදු අහන්න ඕන උනා. ඉතිං පුංචි කුරුල්ලට තව සිංදු ගොඩාක් කියන්න උනා. ඒ පාර රජතුමා ආයිත් පළතුරු, කිරි දීල කුරුල්ලට කිව්ව ඔයා අද මාළිගාවේ ඉන්න කියලා. කුරුල්ලා කිව්වා.

“අපෝ බෑ රජතුමනි. මගේ ගෙදර තියෙන්නේ අර ඇත කැලෑවේ නේ.. මට මගේ ගෙදර යන්න ඕන. අනික මට ගොඩක් වැඩ තියෙනවා. ඒක නිසා මං අද ගිහිල්ල ආයි දවසක එන්නං“ කියලා. මේකට රජතුමාට තරහ ගියා. ඇයි ඉතිං එයා රටේ රජතුමානේ. ඕන කෙනෙක් එයා කියන දේ අහන්න එපැයැ.

“එහෙම කොහොමද.. මමයි රජතුමා.. ඔයා මම කියන දේ අහන්න ඕන“ කියල තරහින් කිව්වා. ඒත් කුරුල්ලා ඇහුවේ නැහැ. එයා යන්නම ඕන කියල කියල යන්න හදන කොට රජතුමාට හොදටම තරහ ගිහිල්ල රාජපුරුෂයන්ට කිව්වා වහාම කුරුල්ලව අල්ලගන්න කියල. ඉතිං ඒ අය කුරුල්ලව අල්ලගෙන කුඩුවක දාලා හිර කරල තිබ්බා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ රජතුමා කුරුල්ලට සිංදු කියන්න කියල කිව්වා. ඒ පාර කුරුල්ලා අඩනවා.

“අනේ රජතුමනි. මට ගෙදර යන්න දෙන්න. මට දැං ගෙදර යන්න ඕන“ කිය කිය මහ හයියෙන් අඩන්න ගත්තා. කමක් නෑ දැං ඔහොම ඉදල හවසට සිංදු කියන්න පුළුවන් කියල රජතුමා ගියා. ආයි හවස එනකොටත් කුරුල්ලා අඩනවා. කෑමට තිබ්බ කිසිම දෙයක් කාලත් නෑ. වතුර බීලත් නෑ. දිගටම අඩනවා ගෙදර යන්න ඕන කියලා. ඉතිං හවසත් සිංදු කියනන් බැරි උන නිසා හෙට උදෙට හරි සිංදු කියවමු කියල රජතුමා හිතාගත්තා. උදේත් රජතුමා ආවා. එතකොට කුරුල්ලට ඇගට පණත් නැ. ඇයි ඉති ඊයේ ඉදලම මුකුත්ම කාලවත් බිලවත් නෑනේ. ඒත් අඩනවා ගෙදර යන්න ඕන කියලා. කමක් නෑ හවසට හරි සිංදු ටික කියවගන්නවා කියල රජතුමා ආයිත් හවස ආවා. අනේ කුරුල්ලට දැන් නං හිටගෙන ඉන්නවත් පණ නැ. ඒත් ගෙදර යන්න ඕන කියල හොදටම අඩනවා. කිසිම දෙයක් කාලත් නැහැනේ. මේක දැක්කම රජතුමාට දුක හිතිලා රාජපුරුෂයන්ට කිව්වා කුඩුව අරින්න කියලා. ඒත් වැඩක් තියෙනවාද? ඇයි.?? ඔව්.. කුරුල්ලට යන්න පණ නෑනේ. ඉතිං රජතුමා කුරුල්ලට කන්න ආයි පළතුරු ගෙනැත් දීල කිරි දීල කිව්වා.

“අනේ පුංචි කුරුල්ලෝ.. ඔයා ගෙදර යන්න. ගිහිල්ල ආයිත් පුලුවන් දවසක ඇවිත් සිංදු කියන්න“ කියලා. කැමට ටිකක් කාලා කිරි ටිකක් බිව්වට පස්සේ කුරුල්ලට පණ ටිකක් ආවා. ඉතිං ඒ පාර එයා යන්න යනකොට රජතුමාට කිව්වා.

“බොහොම ස්තුතියි රජතුමනි. මම දවස් දෙකකින් විතර ඇයිත් එන්නං“ කියල පියාඹල යන්න ගියා.

දවස් දෙකක් නෙමෙයි හතරක්ම ගත උනාට කුරුල්ලා ආයි ආවේ නැති නිසා රජතුමාට හරිම දුකයි. රජතුමා හිතුවා කුරුල්ලා හරිම බොරු කාරයෙක් කියලා. එහෙම හිතාගෙන ඉන්න කොට ඔන්න පස් වෙනි දවසේ උදේම කිචි බිචි ගාගෙන කුරුල්ලා ආවා රාජමාළිගයට. ඉතිං රජතුමාට බෝම සතුටුයි. ඒ පාර පළතුරු කන්න දීලා, කිරි දීල කුරුල්ලත් එක්ක ටිකක් කතාත් කරල සිංදු කීපයකුත් අහගෙන ආයි එනවා කියල කුරුල්ලා යන්න ගියා. ඔය විදියට නිතරම කුරුල්ලා රජතුමා හමු වෙන්න ආපු නිසා එ දෙන්න ගොඩක් දේවල් කතා කරල හොද යාළුවෝ වෙලා බෝම සන්තෝසෙන් කාලය ගත කළා..“



සුරංගනා කතා - Surangana Katha

සිංදු කියන කුරුල්ලා Sindu Kiyana Kurulla සුරංගනා කතා Surangana Katha

සිංදු කියන කුරුල්ලා sindu kiyana kurulla සුරංගනා කතා surangana katha sindu kiyana kurulla syndu kiyana kurulla sindu kiana kurulla

සිංදු කියන කුරුල්ලා sindu kiyana kurulla සුරංගනා කතා surangana katha sindu kiyana kurulla syndu kiyana kurulla sindu kiana kurulla

සිංදු කියන කුරුල්ලා Sindu Kiyana Kurulla සුරංගනා කතා Surangana Katha
සිංදු කියන කුරුල්ලා Sindu Kiyana Kurulla සුරංගනා කතා Surangana Katha

සිංදු කියන කුරුල්ලා Sindu Kiyana Kurulla සුරංගනා කතා Surangana Katha සිංදු කියන කුරුල්ලා sindu kiyana kurulla සුරංගනා කතා surangana katha sindu kiyana kurulla syndu kiyana kurulla sindu kiana kurulla