එස්. කෙන්දසිංහ (S. Kendasinghe)

 

 ජීවන තොරතුරු

පානදුර,මොරවින්නේ,කවිරාජ මාවතේ පදිංචිව සිට නැසීගිය සුමනදාස කෙන්දසිංහ කැළණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. මෙතුමා ප්‍රවීන සංගීතඥයෙකු වු ඩබි.බී මකුලොලුවගේ ගෝලයෙකි.

 

මුලික අධ්‍යාපනය ලැබුවේ හොරණ බැවිලපිටියේ පිරිමි පැසැලෙනි. විල්මටි ඒ.පෙරේරා,කෙන්දසිංහගේ සහජ දක්ශතා වටහාගෙන ශ්‍රි පාලි විද්‍යලයේ හතරවන පන්තියට ඇතුලත් කලේය. සංගීතය,සිංහල,බුද්ධාගම යන විෂයයන් හැර ඉතිරි සියලුම විෂයයන් ඉංග්‍රීසියෙන් උගත්තේය. මෙතුමාගේ මුල්ම සංගීත ගුරුවරයා වූයේ අනංග ලාල් අතුකෝරළයි. එතුමාගෙන් ගායනය මෙන්ම එස්රාස් වාදනයද ඉගෙන ගත්තේය. එස්රාජය වාදනයත්, ගී තනු ඇසීමෙන් ස්වර නොමැතිව වාදනය කිරීමේ හැකියාවත් මෙතුමා සතු විය.

 

ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වූ පසු, පාසැලින් ඉවත්ව ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස සේවය කළේය. මකුලොලුව ශ්‍රී පාලියෙහි සංගීත උපදේශකවරයා ලෙස පත්ව ආ බව ඇසූ කෙන්දසිංහ,ඔහු විසින් මෙහයවු පුර්ණකාලීන සංගීත පාඨමාලාව හැදැරීමට සමිබන්ද විය. ඔහු එස්රාජ් වාදනය හා ගායනය ඉගෙන ගෙන ගාන්ධර්ව විභාගය සමත් වුයේය. පසුව මකුලොලුව විසින් ආරමිභ කළ රජයේ සංගීත ගුරු වාදක මණ්ඩලයේ සාමාජිකයෙක් වු කෙන්දසිංහ “ගොයමිදා මඟුල,මාර පරජය,මහාභිනිෂ්ක්‍රමණය,කාෆි හා භෛරවි රාග සංවාදය“ යන නිර්මාණ සඳහා දායකවී ඇත.

 

1957 දී රුවැන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස පත්විය. 1957 දී ගාන්ධර්ව අවසාන විභාගය සමත් විය. 1958 දී සබරගමු කළා උළෙලේ ජන ගායනා සඳහා “ජයවීර කුරුප්පු“ පළිහ රුවැන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයට ලබාදීමට මුල්වුණි. 1959 කොළඹ ග්‍රීන්ලන්ඩිස් විද්‍යාලයේ (පසුව ඉසිපතන විද්‍යලය) සේවය කරද්දි,මෙතුමා පුහුණු කළ විද්‍යාලයීය ගායන හා සමුහ වාදන වැඩසටහන්,බස්නාහිර පළාත් මෙන්ම සමස්ථ ලංකා ශුරතාවද දිනා ඇත.

 

1960 දී මකුලොලුව මහාතා ආරමිභ කල ජන සංගීත ව්‍යාපාරයේ කටයුතු කළේය. මෙතුමා 1962 දී මකුලොලුව මහතාගේ “හෙළ ගී මග“ කෘතිය සඳහා ජන ගී තනු සැපයීය. එහි දෙවන සංශෝධිත මුද්‍රණය 1996 දී කෙන්දසිංහ මහතාගේ මුලිකත්වයෙන් එලිදැකිවිය. 1963 දී “හෙළ මිහිර“ ප්‍රසංගයේ ද, 1966 දී ජන ගී තනු ඇසුරෙන් කළ “දෙපානෝ“ ගීත නාටකයෙහි ප්‍රධාන වාදකයා වුයේ කෙන්දසිංහ මහාතාය.1992 දී නෝරවේ හී පැවැත්වු ලෝක ජන සංගීත සමුළුව සඳහා කෙන්දසිංහ මහාතා ශ්‍රි ලංකාව නියෝජනය කළේය.1993 දී සංගීත ආයතනයක් ආරමිභ කළේය.

 

එතුමාගේ කලා දිවියට බිරිඳ පියසීලිගෙන්,මංජු ශ්‍රි පද්ම කාන්ත සහ අරුණ ශ්‍රි නයනානන්ද පුතුන්ගෙන් සහය සහ ධෛර්යයක් ලැබුණි.1930 දෙසැමිබර් 27 වන දින උපත ලැබු එස්.කෙන්දසිංහ, 2002 ජුනි 06 වන දින සදහටම අපෙන් සමුගත්තේය. 

 

නිර්මාණ

  “වඳිමු ඔබගේ පා කමල් තිලොව තිලක හිමියණේ

      දුක නැතිකර නිවනට මග පෙන්වු සමිඳුණේ“

  

  “ලොව සියලු දෙය දකින දමි නෙතක් ඇති මුනදා

       ගුණ කුළුණු පිරි අමා සයුරෙකි අප මුණිදා“

 

  “හෝ හෝ හෝ ගා රැල්ල නැගේ යළි යළි පෙරළී

                        රැල්ල නැගේ“

 

  “අවිදු අඳුර බිඳ නැණ එලියෙන් මුළු ලෝ දා සත වෙත

             සැනසිලි සුවදුන් වෙසක් පොහෝදා“

 

  “වෙසක් සඳින් සුසුදු කැලුමි ගලා බසිනවා

   දෙදෙවි ලොවින් සාදු සාදු හඬ පැතිරෙනවා“  

සම්මාන 

1997 ජුනි 14 දා, භත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයේ 25 වන සංවත්සරයේ සහතික පත් ප්‍රධානෝත්සවයේදී ප්‍රවීන කලා ශිල්පි උපහාරය. 

1998 ජුලි 22 දින සංස්කෘතිය කටයුතු දෙපාර්තමේන්තුව විසින් පිරිනමනු ලබන “කලා භුෂණ“ සමිමානය.

 



සංගීතවේදීන් - Sangeethaweedeen

S. Kendasinghe එස්. කෙන්දසිංහ Sangeethaweedeen සංගීතවේදීන්

s. kendasinghe එස්. කෙන්දසිංහ sangeethaweedeen සංගීතවේදීන් s.kendasinghe s. cendasinghe s.kendasynha

s. kendasinghe එස්. කෙන්දසිංහ sangeethaweedeen සංගීතවේදීන් s.kendasinghe s. cendasinghe s.kendasynha

S. Kendasinghe එස්. කෙන්දසිංහ Sangeethaweedeen සංගීතවේදීන්
S. Kendasinghe එස්. කෙන්දසිංහ Sangeethaweedeen සංගීතවේදීන්

S. Kendasinghe එස්. කෙන්දසිංහ Sangeethaweedeen සංගීතවේදීන් s. kendasinghe එස්. කෙන්දසිංහ sangeethaweedeen සංගීතවේදීන් s.kendasinghe s. cendasinghe s.kendasynha