තේරවිලි කවි  Therawili Kawi

 

 

 

 

කටු වානෙන් කෙටුවා වැනි කොලේ     සැටි
රතු නුලෙන් ගෙතුවා වැනි මලේ           සැටි
තුන් මස පිරෙනකොට කුකුලෙක් විතර ඇති
සාර මසට පැසෙනා ගෙඩි කියන           සකී        (අන්නාසි)

 



අත්තේ පනත්තේ කොහොඹේ ලියක්   ඇතී
ඒකිගේ බඩේ දරු තුන්සිය හැටක්        ඇතී
උන්ගෙන් එකෙක් ඉරු දෙවියන්ට ජාත   කී
මෙතුන් පදේ තොරව්වොත් නුවන      ඇතී         (කොස්ගෙඩිය )

 



ඇත්ත අගින් සූවිසි මල             පිපෙන්නේ
නැට්ට ලඟින් කිරිවැදිලා          පැසෙන්නේ
ඇතත් පොතුත් නැති ගෙඩියකි බොලන්නේ
තොරපන් යාලු නුවනින්           බලගෙනේ         (දෙල් ගෙඩිය)

 



එරන් කුඹේ පිට ඉන්නි              කියාගෙන
උනා නිල් වරල පිට දිග           හෙළාගෙන
කිරි ඇති දෙතන සළු හතකින්     වසාගෙන
තොරපන් යාලු නුවනින්            බලාගෙන          (ඉරිඟු කරල)

 



හිසේ මල් පිපි දරුවන් බඩ            වෙනවා
බඩේ සිටිද්දී දරුවන් කිරි             බොනවා
උකුලේ සිටිද්දී දැලි රැවුලත්             එනවා
මෙතුන් පදේ තෝරාගෙන බත්       කනවා           (ඉරිඟු )

 



රසය්  වසය් පල ගත්තේ එක         අත්තේ
රස ඇරලා ඇය් නුඹ වස කා          ගත්තේ
හෙට දවසේ පන යනවාමය්          සත්තේ
ඇය් බිම්මල් නුඹ මම දැන් සිප       ගත්තේ              (හතු)

 



කන්ද උඩු ගුවන ගස උඩ ලඳක්             ඇති
ගොල්ල සැවොම ඇවිදිල්ලා පවන්         සෙති
බෙල්ල එකය් එන ඔළුගෙඩි ගණන්       නැති
ලෙල්ල නැතිව බිම ඇනවන කෙනෙක්  නැති          (පොල් ගස)

 



බෙල්ලෙන් ඇස් දෙකක් ඇති උගේ    යහතිම්මා
කකුල් දෙකක් ඇති උගේ තිර            සාරෙම්ම
තල්ලෙන් වැඩක් නැත කනබොන    කෑමෙම්මා
යන්තම් පණ රැකෙති දියවර             බීමෙම්මා         (අඩුව )

 



උඩට යන කලට රංමල                         විහිදෙනවා
බිමට එන කලට අහුරට මදි                       වෙනවා
වමෙන් කරු දිදී මැද කරු සය්                    වෙනවා
මෙතුන් පදේ තොරව්වොත් මගේ අත ලේන්සුව දෙනවා    (කුඩය)

 



කඳු බැන්දත් බැරි ඒ ගොන් නවතන්      ඩ
මදු හැදුවත් බැරි ඒ ගොන් අල්ලන්        ඩ
තැනි බිම් වල නොසිටිය් උන් වල් කන් ඩ
තොපි දුටු ගොන් යන්නන් මුදට යන්    ඩ        (ගඟ)