අත්තෙ ඉන්න කුරුල්ලො දෙන්නට වැඩිය අතෙ ඉන්න කුරුල්ල වටිනවා. Aththe Inna Kurullo Dennata Wadiya Athe Inna Kurulla Watinawa
ආහාරයට සතෙකු නොලැබීමෙන් දිනක් කොටියෙකුගෙ කුසගින්න අධික වී තිබුණා.ටික වෙලවක් ඒ මේ අත ඇවිද්ද ඌ පුංචි හාවෙකු දැක්කා. හාවා පසුපස හබා ගිය කොටියා වෙහෙස වී ඌව අල්ලා ගත්තා.
හාවා ගිල දැමීමට සූදානම් වෙත්ම ලොකු ගෝනෙක් ඒ අසලින් දිව ගියා.ඒ ඩුටු කොටියා ප්රමාද වුවහොත් ඒ ගොදුර නැති වේවී,මේ පුංචි හාවා කුමක් කරන්නදැයි සිත හා පැටියා අතහැර ගොනා පසුපස එලවන්නට වුණා.
කොටියා ගෝනා පසුපස එලවා ගියද කුසගින්න හා වෙහෙස වැඩිකම නිසා ඌට ගෝනා අල්ලා ගැනීමට නොහැකි වුණා.කොටියාගෙන් ගැලවුනු හා පැටියා ඈතට දිව ගොස් සැගවුණා.අන්තිමට කොටියට ලැබුණු පුංචි ගොදුරද නොමැතිව කුසගින්නෙ ඉන්නට සිදුවුණා.