Piyasena Guruthuma පියසේන ගුරුතුමා
Hot Kello

ලස්සන වසිලිසා 1 Vasilisa The Beautiful  1

මම මේ කියන්න යන කතාව , පුංචි කාලෙ ඉදන් කියවන්න හුරු වුන අය නම් අනිවාර්යයනේ දන්නව ඇති. ඉතින් ඒ සුන්දර මතකය අලුත් කරමින් , අතීතයට යමින් ගමන්ම ඒ ලස්සන කතාව කවියෙන් කියන්නයි මම මේ හදන්නේ.
අපි දැන් ලස්සන වසිලිසා කියවමු.

බොහෝම දුර එක් ඈත අතීතෙක 

රුසියන් අසිරිය තිබුන රටේ

ලස්සන මුත් දුප්පත්කම බේරෙන

පවුලක් සිටියයි දිළිදු ගමේ

 

තරමක් වයසක නෝනයි සැමියයි

ලස්සන බේරෙන එකම දුවයි

එනමදු ගේ දොරකඩ එළි පත්තේ

දුප්පත් කම ගෙයි දොරට කොටයි

 

දවසක් මේ ගෙයි ගැහැණිය හදිසියෙ

අසනීපයකින් ඔත්පල වුවා

ලෙඩ ඇද දුප්පත්කමට නියවමින්

තව තව අසරණ කරලූවා

 

මගේ දුවේ දැන් දැන් මම මැරුණොත්

නුඹ ගැන බලන්න කෙනෙක් නැති

මම දෙන මේ ලස්සන බෝණික්කා

නුඹ ළඟ මා නිති තබනු ඇති

 

ගැහැණිය රහසින් ලස්සන කෙල්ලට

බෝණික්කා ගැන පවසනවා

අමතක වුවා ඇගෙ නම කිමට

ඇය නාමෙන් වෙයි වසිලිසා

 

දුවේ , මගේ හරි ලස්සන අසරණ

නුඹ කරදර මුණ ගැහෙනු ඇතී

ඒ සද මේ බෝණික්කට කැමට

පුංචි දෙයක් කට තබනු ඇතී

 

නුඹ ගේ කරදර , විය යුතු වැඩ ටික

රහසින් බෝණික්කට කියනු

නුඹ තනි වෙන්නැහැ බෝණික්කා

හරි පරිස්සමින් නුඹ ළඟ ට ගනූ

 

මේ බව පවසා බෝණික්කා වත්

ඇගෙ අතටම දුන්නා විතරයි

ඇගෙ සිත සෝ ගගුලක ගිල්වා නිති

මව නෙත් යුග සදහටම වසයි

 

දුප්පත් ලස්සන වසිලිසා දැන්

මහලු පියත් සමඟින් නිවසේ

මහලු පියා මේ දෝණිගෙ තනියට

තවත් මවක් එහි අරන් එතේ

ඇත්තටම ඇගේ පියාට ඕනි වුනේ වසිලිසාට මවක් ගේන්න වෙන්න ඇති . ඉතින් අපි බලමු ඊට පස්සෙ වසිලිසාට හොඳ කලක් ලැබුව ද කියල. බබා- යාගා යකින්නියත් අරන් ලස්සන වසිලිස්සාත් එක්ක ඊළඟ කොටසින් හමු වෙමු.