මහා ගත්කරු විලියම් ශේක්ස්පියර් Maha Gathkaru Wiliyam Shekspiyar

 

1596 දෙසැම්බර් මාසයේ දිනයක එංගලන්තයේ රඟහලක් ඉදිරිපිට මහා සෙනඟ කන්දරාවක් රැස් වෙලා සිටියා. සියලු ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි වී අවසන් බව ප‍්‍රකාශ කෙරුණද රැස්ව සිටින අය එතැනින් පිට වෙන්නට උත්සාහයක්වත් දැරුවේ නැහැ. ඒ හැමෝම උත්සාහ ගත්තේ ඊළඟ දිනයේදි නැවතත් රඟ දැක්වෙන එම නාට්‍යයේ ප‍්‍රවේශ පත‍්‍ර මිලදි ගන්නටයි. එහෙත් ඒ වන විටත් එම ප‍්‍රවේශ පත‍්‍ර ද විකිණී අවසන්ව තිබුණා. මිනිසුන් මේ තරම් පොරකමින් බලන්නට උත්සාහ කළේ මහා කවි විලියම් ශේක්ස්පියර්ගේ වැනීසියේ වෙළෙන්ඳා නාට්‍යයයි.විශ්ව සාහිත්‍යයේ අසම සම ලේඛකයා , නාට්‍ය රචකයා කවියා වන විලියම් ශේක්ෂ්පියර් උපන්නේ 1564 අපේ‍්‍රල් 23 වැනිදා ලන්ඩනයේ ස්ට‍්‍රැම්ෆඩ්ඔන් ඇවන් නම් ශාන්ත සුන්දර ගම්මානයේයි. ශේක්ස්පියර්ගේ පියා ජෝන් ශේක්ස්පියර් ව්‍යාපාරිකයෙක් මවගේ නම වූයේ මේරි ආඩන්ය. පවුලේ හතරවැනි දරුවා වුණූ ශේක්ෂ්පියර් බෞතීස්ම ලැබුවේ 1564 අපේ‍්‍රල් 26 වැනිදායි.ශේක්ස්පියර්ගේ පියා මුල් යුගයේදි හම් පදම් කරන්නෙකු හා අත්වැසුම් තනන්නෙකු හැටියට කටයුතු කළ අතර පසුව වූල් සහ ගොවි නිෂ්පාදන අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කළා. මේ නිසා ශේක්ස්පියර්ගේ ළමා විය සැපවත්ව ගත කරන්නට හැකි වූ බවයි වාර්තා වෙන්නේ.එහෙත් 1577 පමණ වන විට පියාගේ ව්‍යාපාර බංකොලොත් වුණු අතර ඔහු ණයකාරයකු බවට ද පත් වුණා. වයස අවුරුදු 6 දී සිට විලියම් ඉගෙනුම ලැබුවේ ’ බිග් ස්කූල් ’ යනුවෙන් හැඳින්වෙන පාසලිනි. වයස 13 දී පමණ වන විය පියාගේ ව්‍යාපාර බංකොළොත් වීම නිසා විලියම්ට සිද්ධ වූයේ පාසල් ගමන අත්හරින්නටයි. එතැන් පටන් ඔහුගේ ජීවිතය ගත වුණු ආකාරය ගැන විවිධ අය විවිධ මත පළ කරනවා. ඇතැමෙකු පවසන්නේ ඔහු තම පියාගේ බංකොලොත් ව්‍යාපාරය අතටගත් බවයි. තවත් සමහරෙකු පවසන්නේ ඔහු ගුරුවරයෙකු හෝ හමුදා සෙබළෙකු ලෙස කටයුතු කළ බවයි.

 

කෙසේ වුවද වයස අවුරුදු 18 දී විලියම් ඈන් හතාවේ මෙනෙවිය සමග විවාහ වුණා. මේ විවාහයෙන් ඔවුන්ට දරුවන් තිදෙනෙකු ලැබුණු අතර ඔවුන් ස්ට‍්‍රැම්ෆර්ඩ් නගරය අතහැර ලන්ඩන් නගරයේ පදිංචියට යන්නේ යහපත් ජීවන තත්ත්වයක් උදා කර ගන්නා අටියෙනි. මේ වන විට නාට්‍ය කලාව බොහෝ ජනපි‍්‍රයවම තිබුණු අතර ලන්ඩනයේ විවිධ නාට්‍ය රඟ දැක්වෙමින් පැවතුණා. කුඩා කාලයේ පටන්ම කලාව කෙරේ ඇල්මක් දැක්වූ ශේක්ෂ්පියර්ද ටිකෙන් ටික ඒ වෙතට යොමු වුණා.මුලින්ම ඔහු ප‍්‍රසිද්ධ වේදිකාවට ප‍්‍රවිශ්ඨ වූයේ නළුවෙකු ලෙසිනි. ඔහු ’ලෝඩ් චෙම්බර්ලින් ’ නම් නාට්‍ය සමාගමට සම්බන්ධ වූ අතර මෙම නාට්‍ය සමාගම මගින් ඉදිරිපත් කළ නාට්‍ය මිනිසුන් අතර ඉතා ජනපි‍්‍රය වුණා. නාට්‍ය වල රඟපෑමෙන් අනතුරුව හෙතෙම නාට්‍ය රචනයට දායක වුණා. ශේක්ස්පියර් විසින් රචනා කරන ලද නාට්‍ය රසිකයන් අතර ඉමහත් ජනපි‍්‍රයත්වයට පත් වුණා. තම නාට්‍ය ජනපි‍්‍රය වූවා කියා හෝ ඒවා උසස් නිර්මාණ කියා හෝ ශේක්ස්පියර් කිසිවිටෙකත් උදම් වූයේ නැහැ. ඉවසිලිවන්තව නිහතමානීව දිගටම නිර්මාණකරණයේ යෙදුණු ශේක්ස්පියර් තව තවත් සාර්ථක නිර්මාණ බිහි කළා. ශේක්ස්පියර් ගේ මුල්ම ප‍්‍රසිද්ධ නාට්‍ය වූයේ  ඍ වැනි හෙන්රි නාට්‍යයි. ශේක්ස්පියර් අතින් සාර්ථක නිර්මාණ 37 ක් වේදිකා ගත වුණු අතර මෙම නාට්‍ය හැම එකක්ම මුළු ලොව පුරා පතළ වුණා. එමෙන්ම ඒවා විවිධ භාෂාවන්ටත් පරිවර්තනය වුණා.නාට්‍ය විචාරකයන් ඔහුගේ නාට්‍ය කාණ්ඩ තුනක් යටතේ වර්ග කොට දක්වනවා. හාස්‍ය ඉස්මතු වන නාට්‍ය හෙවත් ප‍්‍රහසන නාට්‍ය , ශෝකජනක අවසානයක් සහිත ශෝකාන්ත නාට්‍ය සහ ඓතිහාසික සිදුවීම් අළලා සැකසුණු නාට්‍ය ඒ කාණ්ඩ තුනයි.16 - 17 සියවස් වල ඉංගී‍්‍රසින් මුල් තැන දුන්නේ ලතින් බසටයි. ශේක්ස්පියර් තම භාෂාව වුවමනා අයුරින් පාලනය කරමින් නිර්මාණය කරන විට ඇතැම් අය මෙයට අකමැති වුණා. ඔවුන් ශේක්ස්පියර්ව විවේචනය කළා. එහෙත් ඒ ගැන කරදර නොවුණු ශේක්ස්පියර් තම මවු බස යොදා ගෙන සාර්ථක නිර්මාණ බිහි කරන්නට වුණා.

 

නාට්‍ය කලාව ශේක්ස්පියර්ට ගෙන ආවේ කීර්තිය පමණක්ම නොවෙයි. ඉන් ඔහු වෙතට මහා ධනස්කන්ධයක්ද ගලා ආවා. ඔහු කිසිවිටෙකත් ආවාට ගියාට මුදල් නාස්ති කළේ නැහැ. බොහෝම අරපරෙස්සමෙන් මුදල් වියදම් කළ ශේක්ස්පියර් ස්ට‍්‍රැට්ෆර්ඩ් හි සුවිසල් මැදුරක් මිලදි ගෙන තම බිරිඳට සහ දරුවන්ට එම මැදුර පවරා ලන්ඩන් වල නතර වුණා. එමෙන්ම ඔහු ’ග්ලෝබ් රඟහලේ කොටස් හිමියෙක් ලෙසින්ද කටයුතු කෙරුවා.නාට්‍ය රචනයට පමණක් සීමා නොවුණු ශේක්ස්පියර් කාව්‍ය රචනයටද එක් වුණා. ඔහු විසින් රචනා කරන ලද කාව්‍ය නිර්මාණ එක් තැන් කොට ශේක්ස්පියර් ’ 100 සොනෙට්ස් ’ නමින් කාව්‍ය ග‍්‍රන්ථයක් පළ කළා. එම නාට්‍යවලින් සහ කාව්‍ය වලින්, විලියම් ශේක්ස්පියර් මහා බි‍්‍රතාන්‍ය තුළ අද්විතීය ස්ථානයක් ගොඩ නැගුණේ, ඔහුටත් නොදැනුවත්මයි.1610 දී ලන්ඩන් නුවරින් සමුගන්නා විලියම් ශේක්ස්පියර් තම උපන් ගම වු ස්ට‍්‍රැට්ෆර්ඩ් වෙත පැමිණෙන්නේ විවේකීව ජීවිතය ගත කිරීමේ අටියෙනි.මහා නාට්‍යකරුවකු , කවියකු ලෙසින් අමරණීය නමක් තැබු මේ සුවිශේෂ මිනිසා 1616 අපේ‍්‍රල් 23 වැනිදාම අවසන් හුස්ම හෙළුවා. ඔහුගේ සිරුර මිහිදන් කෙරුණේ ඔහු බෞතීස්ම කළ ස්ට‍්‍රැට්ෆර්ඩ් දේවස්ථාන භමියේමයි.



චරිතාපදාන - Charithapradana

විලියම් ශේක්ස්පියර් Wiliyam Shekspiyar චරිතාපදාන Charithapadana

විලියම් ශේක්ස්පියර් wiliyam shekspiyar චරිතාපදාන charithapadana wiliyam shekspiyar viliyam shekspyar viliyam shekspiyar wilyam shakspiyar

විලියම් ශේක්ස්පියර් wiliyam shekspiyar චරිතාපදාන charithapadana wiliyam shekspiyar viliyam shekspyar viliyam shekspiyar wilyam shakspiyar

විලියම් ශේක්ස්පියර් Wiliyam Shekspiyar චරිතාපදාන Charithapadana
විලියම් ශේක්ස්පියර් Wiliyam Shekspiyar චරිතාපදාන Charithapadana

විලියම් ශේක්ස්පියර් Wiliyam Shekspiyar චරිතාපදාන Charithapadana විලියම් ශේක්ස්පියර් wiliyam shekspiyar චරිතාපදාන charithapadana wiliyam shekspiyar viliyam shekspyar viliyam shekspiyar wilyam shakspiyar