Anulawathi Gurumaniyo - අනුලාවතී ගුරුමෑණියෝ aluth badu

විමල් අභයසුන්දර (Wimal Abesundara)

 

ජීවන තොරතුරු

බලපිටියේ  වැලිතොට වැල්ලබඩදී අරුමානිස් ද සිල්වා සහ පොරොවගොඩ ලැයැසෝ හාමි ද සිල්වාගේ සිවි වැනි දරුවාට උපන්නේය. වැලිතොට ඥානතිලක මහා නායක ස්වාමින්ගෙන් අත් පොත තැබු ඔහු, වතුරේගම සිංහල පාසැලෙන් හා අඹගමහපිටි මුල මහ විහරස්ථ සුගත පොසනෝදය පිරිවෙනෙන් මුලික අධ්‍යාපනය ලැබුවේය. කොළඹ මාලිගාකන්දේ වි‍ද්‍යෝදය පිරිවෙනෙදී පාලි, සිංහල, සංස්කෘත, ප්‍රාකෘත, හින්දි යන භාෂා සාහිත්‍යයන් හැදෑරීය. ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් හා  ලන්ඩන් ජී.සී.ඊ උසස් පෙල සමත් වු ඔහු ඉංග්‍රිසි අධ්‍යාපනය ලැබුවේ අගනුවර ලොරන්ස් විද්‍යාලය, ඕල්කට් විද්‍යාලය, ආනන්ද විදූහල් වලින්ය.

කල්යානි හා විවාහ වු ඔහුට ප‍්‍රනීත්,අර්ජුන්,පුලස්ති,සුභානි යනුවෙන් දරුවන් සිවුදෙනෙකි. ඔහු 1951 සිට ඩබ්ලිව්.ඒ.සිල්වාගේ නවකථාවල සෝදූපත් පිරික්සීය. සඳරැස,පෙරමුණ,දිනමිණ යන පුවත්පත්වල උප කර්තෘ වු ඔහුගේ ලිපි ලක්මිණ,ධර්ම සමය, සිංහල ජාතිය,  සිංහල බෞද්ධයා, සිංහල බලය, සිළුමිණ, ලංකාදීප, දවස, රිවිරැස, සරසවිය, බුදූසරණ, තිසරණ, යන පූවත්පත්වලද පළවිය.

මී වදය, සුවඳ, දේද්දුන්න, ගීතාංජලී, ජන කවිය, කවිය, කවි සුවඳ, ආදී කවි සඟරාවලට හා පුවත්පත්වලට සැපයුවේය. සමස්ත ලංකා සාහිත්‍ය සංගමය සාමාජිකයෙකු වු මොහු ශ්‍රි ලංකා ශාස්ත්‍රිය සංගමයේ ලේඛම් පදවිය හා අගනුවර සාහිත්‍ය සමාජයේ සභාපති පදවියද දැරුවේය.  අගනුවර  තරුණ කවි සමාජය, රුහුනු කලා භවය,වැලිතොට සාහිත්‍ය සංගමය,  සමස්ත ලංකා කවි සමිමේලනය, ශ්‍රි ලංකා සංගීත පදනම යන සමිතිවලද නිලතල දැරීය. සිංහල විශ්ව කෝෂයේ මුල් සහකාර සංස්කාරවරයෙකු ලෙස කටයුතු කලේය. 1981 දී යුගෝස්ලාවියාවේ සරයේවෝ නුවර පැවති ජගත් කවීන්ගේ සමිමේලනයේ ශ්‍රි ලංකාව නියෝජනය කල මොහු, 1990 නොවැම්බර් 25 දා මැලේසියාවේ පැවති ජගත් කාව්‍ය නිර්මාන සමිමේලනයටද ශ්‍රි ලංකාව නියෝජනය කලේය. 1982-1983 දි රූපවාහිනියේ “පද සරණිය” වැඩසටහනට ගීත රචනා කලේය.

                                   නිර්මාණ

නිෂ්පාදනය, පිටපත්, රචනය කළ වැඩසටහන්

 

  • කවි මඩුව
  • රස මංජරී
  • යෞවන සමාජයa
  • පද්‍යාවලිය

 

ගුවන් විදුලි ගීත නාටක

 

  • මන්දෝදරී
  • සදූන් මල්
  • යශෝධරා
  • බුදුරැස්
  • නිෂාදි
  • නාග කන්‍යා
  • නව බග සඳ
  • සුභානි
  • අම්බපාලි
  • නව දැලි හේන
  • නිබිබුත මල

 

ගීත නාටක

 

  • ජය සිරිමහ බෝ          
  • මහවැලි බිසවු
  • සඳකඩ පහණ
  • වීණා

 

 

ගුවන් විදුලි සංගීතමය ප්‍රණීතාංග

 

  • සෘතු සංහාර
  • වෛශාඛ්‍ය පෞර්ණමි
  • බුද්ධ ගද්‍යයෙන් ගීත
  • නිදහස් රැවි පිලිරැවි
  • බුද්ධ වන්දනා
  • පුනරාලෝකය
  • රාධා මාධව
  • ලංකා
  • සන්ධ්‍යා

 

  • ආලෝක උදපාදි
  • විරාභිමාන
  • ධ්වනි පුජා
  • පුජා
  • ශිව තණ්ඩව
  • ජන ලංකා
  • සාධනා
  • වීර සංදර්ශන

ළමා වැඩසටහන්

 

  • තක්ෂලාව
  • විනෝද සමය
  • පද පෙරලිය
  • එඩිතර ලංකා

නිර්මාණාත්මක හා ශාස්ත්‍රීය කෘති

  • පද්‍ය - විමලසාර ගුණ සමර, රත්නමාලි වංශ කාව්‍ය, දුක්මුසු, සුදු නංගි, නව බග සඳ, තුන්සේසත් රට, ගිනි ඇල්ල පිනි ඇල්ල, මළපත අකුර සහ අමිමා, දෙනුවන.
  • ගී පද මාලා - සුර මුරලිය, මිනිහිරිය, රුප්පාවේ මී පොද වැහි.
  • විචාර - නිෂාදි(ගීත සහ ගීත නාටක), බෝධි(බෝධි සංකල්ප පිළීබඳ), රසවැකිය කවියකි, වනපස මලින් පුද (බෞද්ධ කාව්‍ය), ආදිම යුගයේ  බෞද්ධ කාන්තාවෝ (අපදාන කෘතියකි).
  •  කෙටි කථා - සිරිමලි, උද්‍යා යාත්‍රා.                                                                                        
  • කාව්‍ය - කොළඹ යු‍ගේ ඉකුත් වතින්, සුදු වැලි තාලාවේ ගුමි නැගෙන සෙල් ගී (අනිබද්ධ)
  • ගද්‍ය - ප්‍රබුද්ධ ශක්තිය
  • ගීත නාටක - ගමිමානේ මල් පිපිලා
  • සංගීත සංහිතා (පෙරදිග සංගීතය පිළිබඳ පුර්ණ සමීක්ශනයකි)
  • බණ්ඩාරනායක චරිතාපදාන කාව්‍ය
  • යුග යුග බැඳි හදවත්
  • මහවැලිය
  • MAN OF MASSES (1980 ඉංග්‍රිසි පරිවර්තනය මහාචාර්ය තිලක් රත්තනකාර)
  • ආනන්ද සමිප්‍රවේදතිය
  • ජනරජ සිතුමිණ
  • මොහොටිටිවත්තේ ශ්‍රි ගුණානන්ද චරිතාපදානය
  • ලංකාධීශ රාවණායනය සහිත ගීත නාටක නිර්මාණ
  • රාධා මාධව ඇතුළු සංගීත ප්‍රවණතා (ගුවන් විදුලි සංගීතමය ප්‍රණිතාංග සංග්‍රහයකි)
  • දරුනැළවිලි ගී (ළමා සාහිත්‍ය කෘතියකි)   

       සම්මාන

  • 1973 දී අගනුවර තරුණ කවි සමාජය ප්‍රදානය කළ “අපේ හපන්නු” සමිමානය
  • 1976 දී සමස්ත ලංකා සිංහල කවි සමිමේලනය ප්‍රදාන කළ “කවි සාහිත්‍ය භූෂණ”  සමිමානය
  • 1980 දී හොරණ විදාගම පැවති රාජ්‍ය සහිත්‍ය උත්සවයේදී මෙතුමාගේ පොත් දෙකට   සමිමාන ලැබීම
  • 1986 දී ටවර් හෝල් රඟහල පදනම විසින් “කලා මාන්‍ය “සමිමානය ලැබීම
  • රාජ්‍ය  සමිමානයක් වශයෙන් 1991 දී “කලා කීර්ති” සමිමානයෙන් පිදුම් ලැබීම
  • 1993 සිළුමිණ පත්‍රය මගින් “කාව්‍ය ශිරෝමණි” සමිමානයෙන්  පිදුම් ලැබීම
  • හෙල හවුල මගින් ප්‍රදානය කරනු ලැබු “ලැවිසිරි සිළුමිණ” සමිමානය
  • 1986 රාජ්‍ය සමිමානය ලෙස ප්‍රදානය කරන ලද “විශ්ව ප්‍රසාදනී” සමිමානය

 



සංගීතවේදීන් - Sangeethaweedeen

Wimal Abesundara විමල් අභයසුන්දර Sangeethaweedeen සංගීතවේදීන්

wimal abesundara විමල් අභයසුන්දර sangeethaweedeen සංගීතවේදීන් wimal abayasundara wimal abesundara vimal abesundara vimal abayasundara

wimal abesundara විමල් අභයසුන්දර sangeethaweedeen සංගීතවේදීන් wimal abayasundara wimal abesundara vimal abesundara vimal abayasundara

Wimal Abesundara විමල් අභයසුන්දර Sangeethaweedeen සංගීතවේදීන්
Wimal Abesundara විමල් අභයසුන්දර Sangeethaweedeen සංගීතවේදීන්

Wimal Abesundara විමල් අභයසුන්දර Sangeethaweedeen සංගීතවේදීන් wimal abesundara විමල් අභයසුන්දර sangeethaweedeen සංගීතවේදීන් wimal abayasundara wimal abesundara vimal abesundara vimal abayasundara