Google සිංහල පරිවර්ථන සේවය

Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඒත් දැන් සිංහල භාෂාව තවත් භාෂා 97 කටත්, තවත් භාෂා 97 ක් සිංහල භාෂාවටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා.

ඔබටත් ගූගල් පරිවර්ථන සේවය සිංහල භාෂාවෙන් ලබාගැනීමට

https://translate.google.lk/#si/en/ වෙත පිවිසෙන්න.

 ඒ වගේම මේ පරිවර්ථන කටයුතු සඳහා ඔබේ දායකත්වයත් ලබා දෙන්නට අමතක කරන්න එපා. ඒ සඳහා ඔබ දකින වැරදි අඩුපාඩු නිවැරදි කර තවත් උසස් තත්වයේ සේවාවක් සැපයීම සඳහා සහාය වන්න.