Aththana අත්තන

 

ජීවිතයක් ගොඩ ගැනීමටත්, ජීවිතයක් නැති කිරීමටත් හැකි ඖෂධයක් ඇත්නම් ඒ අත්තනයි. අප රටේ සෑම ප‍්‍රදේශයකම වැවෙන ඖෂධ ශාකයෙකි. විශේෂයෙන් මුහුදුබඩ ප‍්‍රදේශවල බහුල වශයෙන් දැකිය හැකි වේ. අප රටේ වැවෙන අත්තන වර්ග 3 කින් සමන්විත. වේ. එනම් එල අත්තන, කළු අත්තන හා බෝ අත්තනයි. මින් කළු අත්තන හා එල අත්තන ඖෂධ ගුණයෙන් ඒ හා සමාන වේ.මෙම ශාකයේ විද්‍යාත්මක නාමය වූයේ ඩාටුරා මෙටෙල්(ච්චබභපච ර්ඥබඥත) යනුවෙනි. එමෙන්ම අත්තන ශාකය සොලනාසා කුලයට අයත් වේ. ඉතා සියුම් බූවකින් හෙබි අඩි 1 සිට 2 දක්වා වූ කඳකින් සමන්විත ශාකයෙකි. අත්තන ශාකයේ කොළ ඉදී වැටෙන විට කඳෙහි කැළල් ඉතිරි වී ඇත. සාමාන්‍ය වශයෙන් අඩි 3 සිට 6 දක්වා වූ සුදු මල් පිපෙන අත්තන වර්ගයක් ඇති මුත් එම ශාකයන් ඖෂධ වශයෙන් නොගැනේ.

 

සුදු අත්තන හෙවත් එල අත්තන මල් සුදු පාටින් යුක්ත වන අතර, කළු අත්තන දම්පාට මලකින් යුක්ත වේ. මෙම ශාකය වම්බොටු ගසට බොහෝ සෙයින් සමාන වේ. එනමුදු මෙහි පිපෙන මල් ග‍්‍රැමෆෝනයක් සේ ඈතට දිස්වේ. තවද මෙම ශාකයේ ගෙඩි කටු වලින් ගහනය වී ඇත. එබැවින් අතින් ඇල්ලීම අපහසු වේ. අත්තන ගෙඩිවල ඇතුළත මදය දුඹුරු පාට වන අතර, ස්වභාවිකව ගෙඩි පුපුරා ඇට විසිරී යනු ලබයි.අත්තන ශාකයේ පහළ කොළවලට වඩා ඉහළ කොළවල පෝෂ්‍ය ගුණය අධික වී ඇත. දේශීය වෛද්‍ය විද්‍යාවේ වෛද්‍යවරයා සිය දස්කම් දක්වමින් මෙම ශාකය තුළින් ජලභීතිකා රෝගය සුව කිරීමට යොදා ගනියි. සුව කිරීමට අපහසු ඇදුම රෝගයට මෙම ඖෂධය දිව ඔසුවකි. ඇදුම රෝගීන්හට හුස්ම ගැනීමට අපහසු අවස්ථාවල දී අත්තන කොළ කුඩුකර දුම් වැටි මෙන් රෝගියාට ඉරීමට දීමෙන් මහත් සහනයක් ලැබේ.හන්දි ඉදිමීමට (ආතරයිටිස්) හා යටිබඩ ඉදිමුම, කම්මුල්ගාය සඳහා අමු අත්තන කොළ හාල් මිටි මිශ‍්‍රණය කර අඹරා අමුකහ සමග ගෑමෙන් ඉක්මන් සුවය ලැබේ. පොත පතෙහි සඳහන් වන අයුරින් අත්තන කොළ කබළෙන් රත්කර කුඩුකර ගිතෙලෙන් බොන්නට දීමෙන් මී විස නැසීමට හේතු වේ. අත්තන කොළ යුෂ ගෝනුස්සන් කෑ මුඛයට තැබීමෙන් ඉක්මන් සුවය ලැබේ. තවද උඳුගොව්වන් කොණ්ඩ කන්නේ නම් එම ස්ථානයේ අත්තන යුෂ ගෑමෙන් ඉක්මන් සුවය ලැබෙන බව පත පොතේ සඳහන් වේ.අත්තන ශාකයේ විශේෂත්වය නම් ගසේ ඇති කොළ, මල්, ගෙඩි, ඇට යනාදී සියලුම දෑ අධික විෂ වේ. මෙහි දී, “අත්තන ඇට කෑවා වගෙයි” යන ප‍්‍රස්ථා පිරුළ මෙන් ශරීරයේ අධික ලෙස ගෑමෙන් හෝ වෙන යම් කුමන ආකාරයට පාවිච්චි කිරීම තුළින් සිහි විකල්වීමට ඉඩ ඇත. තවද පිස්සුවෙන් දෙඩවීම හා සිහි මුර්ඡාවී මරණයට පත්වීමට ද හේතු වේ. පාරම්පරික වෙද මහතුන්ගේ උපදෙස් නිසි ලෙස ලබා ගෙන කටයුතු කරන්නේ නම් මින් ලැබීමට හැකි ප‍්‍රතිඵල අපමණ වේ.