Dewati, Soolt Kramaya දෙවැටි හෙවත් සෝල්ට් ක්‍රමය

 

ලිරිසීඩියා ආධාරයක ලී උපයෝගී කරගෙන පසේ සෝදාපාළුව වැළකීම යොදා ගන්නා ක්‍රමයකි.
SALT නම සෑදි ඇත්තේ “Slopping Agricultural Land Technology” යන ඉංග්‍රිසි වාක්‍ය කෙටි කර ගන්නා ලද යෙදුමකිනි.

 

ක්‍රමය

පසේ බෑමුම අනුව මෙම ජීවවැටි යොදන පරතරය වෙනස් වේ. දෙවැටි යොදන්නේ පමෝච්චචය.

බෑමුම            පරතරය
0%-19%       මී.18 
10%-19%     මී.15-18
20%-29%     මී.12-15
30%-39%     මී.9-12
40%-49%     මී.6-9
50%-59%     මී.4.5-6
60% වැඩි වගා කිරීමට නුසුදුසුය වනාන්තර සදහා

  • වැටි යෙදීමට ග්ලිරීසීයා ගසේ දණ්ඩ යොදා ගනී.
  • මී.1ක් දිග ග්ලිසඩියා ආධාරක ඉනි අවශ්‍යය.
  • ඉනි අවශ්‍ය ප්‍රමාණය කපා ගන්න.
  • කපා ගත් ඉනි සිටුවිය යුත්තේ සමෝච්ච ආකාරයටය.
  • ඉන්න සෙ.මී. 20ක් පමණ පොළොව යටට සිටුවිය යුතුය.
  • ඉනි පේළිය සිටුවන්නේ සෙ.මී 15න් සෙ.මී. 15 පරතරය ඇතිවය.
  • සමෝච්චව ඉනි පේළියක් සිටුවීමෙන් පසුව, සෙ.මි 50ක පමණ පරතරය ඇතිව ඊට සමාන්තරව, ඊළග ඉනි පේළිය සිටුවන්න.
  • එය සිටු විය යුත්තේ ත්‍රිකෝණාර ක්‍රමයටයි.
  • ඉනි එකම උසකට සිටුවීමෙන් අලංකාරය වැඩිවෙයි.
  • ඉනි පැළවීමට පසේ තෙතමනය අවශ්‍ය වේ.

 

දෙවැටි නඩත්තු කරන්නේ කෙසේද?

  • මෙම දෙවැටි පැළ වීමෙන් පසු, වැඩි අතු කපා දැමිය යුතුය.
  • ඉහළට වැවෙනෙ අතු ද කපා නඩත්තු කළ යුතුය.

 

දෙවැටි ක්‍රමයේ වාසි මොනවාද?

  • කපා ඉවතලන ග්ලිරිසීඩියා නොළ අතු වගවට පොහොර සදහා මෙන් ම වසුනක් සදහා භාවිතා‍ කිරීම සුදුසුය.
  • සෝදාපාළුව අවම වීම.
  • දෙවැටි යෙදීමෙන් වත්ත පිරිසිදු වීම.

ග්ලිසිඩියා කොළ ගොවිපල සතුන්ට පෝෂණයෙන් යුත් අහාරයක් වේ