Hadun හදුන්

 

ඈත අතීතයේ ඉන්දියාවේ මෙන්ම අප රටේ දේශීය වෛද්‍ය විද්‍යාව තුළ අත්බෙහෙත් ලෙස භාවිතා වී ඇත. එමෙන් රත් හඳුන් හා සුදු හඳුන් විවිධ ආලේප නිෂ්පාදනයන් සඳහා යොදා ගනී.අඩි 40 - 50 ක් පමණ උසට වැඩෙන ශක්තිමත් ඖෂධ ශාකයෙකි. මෙම ශාකයේ අරටුව තද රත් පැහැයෙන් යුක්තය. මෙම ශාකය බීජ මගින් වර්ධනය වේ. මෙහි විශේෂත්වය නම් ඵලයෙන් බීජය ගැලවී සතියක් දෙකක් ගත වන විට පැළයක් හට ගැනීමයි. මෙම පැළ නිසි අයුරින් සකස් කර ගත යුතුවේ. රත්හඳුන් ඖෂධ ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය Pteroearpus Santalinus  වන අතර කුලය වනුයේ FABACEAE    නම් වේ. මෙහිදී සිංහල භාෂාවෙන් රත්හඳුන් ලෙස හඳුන්වන අතර සංස්කෘත භාෂාවෙන් අර්ක අගරුගන්ධ ලෙසින් ද හඳුනවනු ලැබේ. දෙමළ භාෂාවෙන් අට්ටි හා කුසන් දනම් ලෙසින් හඳුන්වයි. මේ ශාකය ඉන්දියාවේ මුහුදු මට්ටමෙන් අඩි 15000 ට ඉහළ ප‍්‍රදේශ වල වගා කෙරේ.

 

සඳුන් වර්ග පිළිබඳව සොයා බැලීමේදී සුදු හදුන් හා රත්හඳුන් වර්ග දෙකක් ඇත. මෙම ඖෂධ වර්ග දෙක දෙසදුන් ලෙසින් හඳුන් වනු ලබයි. මින් රත්හඳුන් පුරාණ කාලයේ සිට අත්බෙහෙත් ලෙසින් ජනපි‍්‍රය වී ඇත. පුරාණ ඉන්දියාවේ කුමාරිකාවන් රජ බිසෝ වරුන් හා කාන්තාවන් සිය ශරීරය ලස්සනට තබා ගැනීමට වර්ධනය කර ගැනීම හා පිරිසිදුව තබා ගැනීම උදෙසා නෑමට පෙර මෙම දෙසදුන් ඇඟ ගල්වා ගනු ලැබූ බව ජනප‍්‍රවාදයේ එයි.ඉන්දියානු ආයුර්වේදයේ තාක්ෂණ දියුණුවත් සමඟ මෙම සඳුන් ශාකය පිළිබඳ නොයෙකුත් පර්යේෂණ පවත්වා ශරීරයේ වර්ණවත් බව වැඩි කර ගැනීම උදෙසා  නොයෙකුත් වර්ගයේ රූප ලාවන්‍ය ආලේප නිෂ්පාදනය කර වෙළඳ පොළට එවා ඇත. ඉන්දියානු ආයුර්වේද දියුණු තාක්ෂණය තුළින් තෙල් වර්ග නිෂ්පාදනය කර වෙළෙඳ පොළ වෙතට යොමු කර ඇත.තැල්මක් ඇති වූ විට හා ඉදිමූ අවස්ථා වලදි රත්හඳුන් දෙහි ඇඹුලෙන් ගල ගා අප විසින් ආලේප කරනු ලබයි. තවද ශරීරයේ ගෙඩි සැදුණු විටද රත්හඳුන් ගල්වනු ලබයි. තවද කාන්තාවන්ගේ හා පිරිමින්ගේ ඇස් යට කළු වූ අවස්ථා වලදී රත්හඳුන් ගානු ලබයි.අප රටේ රත්හඳුන් පර්යේෂණ ආයතන තුළදී දැකීමට හැකිය. දැනට ඉන්දියාවෙන් අප රටට ගෙනෙනු ලබයි.