Kos Jak කොස්

 

අපේ බත් ගස, කොස් ගසයි. නිවෙසේ බත් නැති විටක වුවත් කොස් වාරයට අපේ ගැමියන් බිය වුයේ නැහැ. කොස්, පොළොස්, කොස් ඇට මේ කවරාකාරයකින් කොස් කෑමට ගත්තේ කුස ගින්න නිවෙනවා. එපමණක් නොව අවශ්‍ය පෝෂණය ද නොඅඩුවම ලැබෙනවා. අත්තක් උඩ බුම්මාගෙන, කටු අත්තක් පොරවාගෙන කියු සැනින් කුඩා දරුවකු වුවත් දන්නා හඳුන අපේ ජාතික ආහාරයක් බඳු කොස්වල නිජබම් ලෙස සැළකෙන්නේත් ඉන්දියාව, ලංකාව, මැලේසියාව වැනි රටවල්ය. දිව පිනවන කොස් අපේ සිරුර නීරෝගී කරන්නේ මෙලෙසිනුයි. කොස් රුධිර පීඩනය ක‍්‍රමවත් කරයි. කොස් පිටි අධික ආහාරයක් ලෙස ප‍්‍රසිද්ධ වුවත් මෙහි පොටෑසියම් හා විටමින් සී හොඳීන්ම අඩංගු වී තිබෙනවා. පොටෑසියම් හා විටමින් සී රුධිර පීඩනය ක‍්‍රමවත්ව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍යම පෝෂක දෙකක්.

 

සමබල පෝෂණය හැදෙන වැඩෙන දරුවන්ට, කී‍්‍රඩකයන්ට දීමට පුළුවන් හොඳම ආහාරයක් ලෙස කොස් හදුන්වන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට්ස්, මේදය, පෙ‍්‍රීටීන්, කෙඳී, විටමින්, ඛනිජ ලවණ මේ සියල්ලක්ම අඩංගු නිසා කෙසෙල් වාගේම කොස් ද කි‍්‍රයාශීලි ජීවිතයක් නීරෝගීීව පවත්වා නෙ යාමට ආධාර වෙනවා. කෙසෙල්වලට ද වඩා කැල්සියම්, මැග්නීසියම් මෙහි අඩංගුයි. මාංස පේශී වර්ධනයට මේ පෝෂක දෙක ඉතා වැදගත්.

 

කොස් ඇටයේ ගුණ කොස් ඇට ග‍්‍රෑම් සියයක ශක්තිය කිලෝ කැලරි 135 අඩංගුයි. කාබෝහයිඩ්‍රේට්, කෙඳී, ඒ, සී හා බී වැනි විටමින, කැල්සියම්, සින්ක් හා පොස්පරස් වැනි ඛණිජ ලවණ රැසක් ද මෙහි අඩංගු වී තිබෙනවා. පිළිකා නාශක ගුණයක් ඇති, අධික රුධිර පීඩනය වළක්වන, තාරුණ්‍ය සුරකින, අමාශ තුවාල වළක්වාලන, ෆයිටො නියුටි‍්‍රයන්ට්ස් නම් අත්‍යාවශ්‍ය පෝෂක මෙහි අඩංගුයි. ෆයිටො නියුටි‍්‍රයන්ට්ස් මගින් සිරුරට ඉහතකී වාසිවලට අමතරව තවත් වාසි ලැබෙනවා. තම්බන ලද කොස් ඇට රසවත් අතුරු පසක් ලුණු හෝ කල් තබා ගැනීමට යොදන විස සහිත සංයෝග ඇතුළත් බොහෝ අතුරු පසවලට වඩා කොස් ඇට ලාභදායක, ගුණදායක අතුරුපසක්. වරකා අයිස්කී‍්‍රම්, ජෙලි වැනි අතුරුපස රසවත් කිරීමට ද පලතුරු සලාද ප‍්‍රණීත කිරීමට ද යොදන්න පුළුවන්. කොස් ගෙඩියක් කාමර උෂ්ණත්වයේ සති 1 – 2 ක් තබා ගත හැකියි. කොස් මදුළු වතුර හා සීනි සමව ගෙන සාදන ලද දියරයේ බහා ශීතකරණයේ තැබිමෙන් දිගු කලක් තබා ගත හැකියි. ලොව විශාලතම පලතුර ලෙසින් සළකන්නේ ද කොස්ය.

 

කොස් ගෙඩියක අඩංගු පෝෂක පෙ‍්‍රීටීන මේදය ( හිතකර ) කාබෝහයිඩ්‍රේට්ස් කෙඳී කැල්සියම් පොස්පරස් යකඩ සෝඩියම් පොටෑසියම් විටමින් ඒ තයමීන් නියැසින් ඇස්කෝබික් අම්ලය