Okid Mal ඕකිඩ් මල්

 

මල් අපේ නෙතට රසඳුනක් වන සේම මනසට සුවයක් ගෙන දෙනවා. ලොව කොතැනක පිපුණත්, හැම මලකම සුවිශේෂී බවක් දකින්නට ලැබෙනවා. බුදුන් පුදන්නට, දෙවිඳුන් යදින්නට ගන්නා මල් අපේ උපතේ සිට මරණය දක්වාම ජීවිතයේ සුවිශේෂී අවස්ථාවලදී අප හා එක්වෙනවා. අලුත උපන් බිළි‍ඳෙකු බලන්නට යෑමේදීත්, මනාළියකගේ ගත සරසන්නටත්, මරණයකදී අවසන් ගෞරව දක්වන්නටත් යනාදී වශයෙන් අපේ ජීවිතයේ සැපතේදී මෙන්ම විපතේදීත් මල් අපට නැතුවම බැහැ. රටින් රටට , පළාතෙන් පළාතට විවිධ දේශගුණික රටාවන්ට උචිත මල්වර්ග තිබෙනවා. සොබා දහමින් අප රටට ලැබී තිබෙන්නේ බොහෝ මල් වර්ගයන් සඳහා උචිත දේශගුණයක්.අපේ රටේ වැවෙන මල් අතරින් ආදායමක් ලබාගත හැකි මල් වර්ගයක් ලෙස ඕකිඩ් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මහා පරිමාණයෙන් ඕකිඩ් වගා කිරීමේදි ඕස්ටේ‍්‍රලියාව, ඇමරිකාව, ජපානය හා මැද පෙරදිගරටවලින් හොඳ ඉල්ලුමක් තිබෙනවා. කැපූ මල් හා පැළ විදේශ විනිමය උපයාගත හැකි හොඳ ව්‍යාපාරයක් ලෙසත් හඳුන්වන්න පුලුවන්. දේශීය වෙළෙඳ පොළෙහි ඕකිඩ් වලට හොඳ ඉල්ලුමක් පවතිනවා.මානසික සතුට, සහනය ලබන අතරම , ආදායම් මාර්ගයක් ලෙසත් , දූලා පුතාලට ඕකිඩ් වගාව ව්‍යාපෘතියක් ලෙස කිරීමටත් සුදුසුයි.මේ සඳහා උපදෙස් ලබා දෙන්නේ දිගු කාලීනව ඕකිඩ් වගාවෙන් දේශීීය හා විදේශීීය වෙළෙඳ පළෙහි නමක් දිනා තිබෙන ප‍්‍රවීණ වගාකරුවකු වන ඩබ්. ඒ. ඩී. කුසුම්පාල මහතායි.ඕකිඩ් අයත් වන්නේ ඕකිඩේසියේ  (Orchidaceae) කුලයටයි.Dendrobium   - ඩෙන්ඩෙ‍්‍රීබියම්Vanda - වැන්ඩාOncidium   - ඔන්සීඩියම්Cattleya - කැටලියාPhalaenopsis  - පැළනොප්සිස්Cymbidium  - සිම්බීඩියම්ඕකිඩ් වර්ග අතරින් කිහිපයක් .ඕකිඩ් වගාවේදී වැදගත් වන්නේ වඩාත් කැපවීමෙන් වගාව සඳහා යොමුවීමයි. කුඩා ඉඩ ප‍්‍රමාණයක පැළ විශාල ප‍්‍රමාණයක් වගාකිරීමට හැකිවීමත් මෙහි ඇති වාසියක්. මනා නඩත්තුවකින් යුත් හොඳ වගාවකින් වසර 1 - 1 1/2 පමණ කාලයකදී මල් ලබාගැනීමට හැකියි.

 

වගාවට සුදුසු පරිසරයවගාව සඳහා තෝරාගත යුත්තේ හොඳින් හිරුඑළිය හා වාතාශ‍්‍රය ලැබෙන ගස් කොළන් වලින් තොර වූ ස්ථානයක්. පැළ කුඩා අවදියේදී තවානට 70% පමණ ආලෝකයක් ලැබිය යුතුයි. පැළ වැඩීමේදී අඟල් 6 පමණ වන විට 50 % සෙවණ ලබාදීම යෝග්‍යයි.පැළ තවාන සකස්කර ගැනීමපොළොව මට්ටමේ සිට අඩි 2 - 2 1/2 පමණ උසින් පැළ තබන ආධාරකය සකසා ගත යුතුයි. මේ ආධාරකය සඳහා දැව, කොන්කි‍්‍රට් හෝ ගැල්වනයිස් පයිප්ප යොදාගත හැකියි. එම ආධරකය මත  2x2  කම්බි දැලක් එලීමෙන්ද එය මත මල්පෝච්චි තැබිය හැකියි. නැතහොත් කම්බි දැල වෙනුවට කොන්ක‍්‍රීට් පටි හෝ දැව පටි යොදාගත හැකියි.

 

වගාවට සෙවණඕකිඩ් වගාවට සෙවණ, අවශ්‍ය බැවින්  Net house   එකක් සාදාගැනීමෙන් හිරු රැස් වැටීම පාලනය කළ හැකියි. එය බිංගෙයක (Tunnel)  ආකාරයෙන් සැදීමෙන් වර්ෂා කාලයේදි වැසි ජලය ඉවතට ගලායෑමද පහසු කරයි. අධික වර්ෂාව පවතින කාලයේදී පැළ කුණු වී යාමට ඉඩ ඇති නිසා වහළ ඉටිරෙදි වලින් ආවරණය කිරීමෙන් ජලය ඉවතට ගලායයි.වහළ බිම් මට්ටමේ සිට අඩි 6 - 7 උසින් සැදිය යුතුයි .

 

පැළ වගා කිරීමඅපට ඕකිඩ් පැළ දෙආකාරයකින් ලබාගත හැකියි. පටක රෝපණයෙන් ලබා ගන්නා පැළ හා ඇට පැළකිරීමෙන් ලබාගන්නා පැළ වශයෙනි. පටකරෝපණයෙන් පැළ සාදන්නේ විද්‍යාගාරයක් තුළදීයි. බීජවලින් පැළ ලබා ගැනීමේදී දෙමුහුන් කිරීමෙන් ඕකිඩ් කරල් සෑදෙයි. ඒවායින් ලබාගන්නා ඇට තවාන්කිරීමෙන් පැළ ලබාගනී. පටකරෝපණයෙන් මවුපැළයේ තිබෙන සුවිශේෂී ගතිගුණ සහිතව පැළ ලැබෙයි. ඒවායේ හටගන්නා මල් මවුගසේ මල්වලට සමාන ලෙසම පවතී. බීජවලින් ලබා ගන්නා පැළවලින් හටගන්නා මල්වල සුළු සුළු වෙනස්කම් තිබිය හැකිය.වගා කිරීම සඳහා ඔබට තවාන් බඳුනක්   (Comport)  එකක් ගත හැකිය. එහි පැළ 25 - 50 අතර ප‍්‍රමාණයක් තිබේ. එම පැළ සෙ.මී. 5 ප‍්‍රමාණයේ  (net - pot)  වලට දැමිය යුතුය.

 

වගා මාධ්‍යයසම්ප‍්‍රදායික වගාව සඳහා අ¼ගුරු පොල්ළෙලි කැබලි භාවිතා කළත් කුසුම්පාල මහතා පවසන්නේ මාධ්‍ය සඳහා චිප්ස් ගල් කැබලි සහ කොහුබත් යොදා ගැනීම වඩා සුදුසු බවයි.

 

මාධ්‍ය පිළියෙළ කිරීමකොහුබත් සහ චිප්ස් ගල් යොදා ගනී. මේ සඳහා පරණ කොහුබත් වඩාත් සුදුසුයි. අලුත් කොහුබත් යොදාගන්නේ නම් ඒවා කිහිපවරක් ජලයෙන් සෝදාගත යුතුයි. සේදීමෙන් පොටෑසියම් හා සෝඩියම් ඉවත්වෙයි.net - pot   වලට යොදන මාධ්‍යය සාදා ගැනීමට කොහුබත් කොටස් 1 කට චිප්ස් ගල් කොටස් 2 ක් මිශ‍්‍ර කළ යුතුයි. මෙම මිශ‍්‍රණය  net - pot   එකට දමා පරිස්සමින් ගලවා ගත් පැළ මුල් පමණක් යටට සිටින්නට සිටුවා ගත යුතුයි. පැළ සිටවු මුල් දිනයේම (දිලීර නාශකයක් ) යෙදීම අවශ්‍යමයි. පොහොර ඉසින්නේ සතියකට පසුවයි.ඕකිඩ් වගාව සඳහා පොහොර යොදන්නේ දියර වශයෙනි පොහොර වෙළෙඳපලෙන් ලබාගත හැකියි.  20 x 20 x 20  වැනි පොහොර වර්ගයක් යෙදීම සුදුසුයි. එහි නයිට‍්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, සම ප‍්‍රමාණයන්ගෙන් අඩංගු වෙයි. සතියකට දිනක් 12 x 32 x 20  වැනි පොහොරක් යෙදිය යුතුයි.දියර පොහොර සාදාගන්නේ පිරිසිදු ජලය ගැලුමකට පොහොර මිශ‍්‍රණය තේ හැන්දක  ප‍්‍රමාණයක්  මිශ‍්‍ර  කිරීමෙනි.

 

ජලය යෙදීමහොඳින් මතක තබා ගත යුතු කරුණක් නම් වගාවට ජලය යෙදීමෙදී පිරිසිදු ජලයම යොදාගත යුතුයි. කිවුල් ජලය හෝ නළ ජලය මේ සඳහා සුදුසු නොවේ. ආම්ලික හෝ ක්‍ෂාරීය නොවන නිසි  P. H. අගයක් ඇති හොඳ තත්ත්වයේ ජලයම යෙදීමට වග බලා ගත යුතුයි. අපට පිපාසය සැදුණුවිට බීමට ජලය අවශ්‍යවන්නා සේ පැළයත් මාධ්‍යයත් වියළි ගතියක් දැණුනුවිට ජලය යෙදීම සිදුකළ යුතුයි.

 

ස්ථිර පෝච්චි වල සිටුවීමමේ සඳහා මාධ්‍ය ලෙස කොහුබත් කොටස් 1 කට චිප්ස් ගල් කොටස් 3 ක් මිශ‍්‍රකර මාධ්‍ය සකසාගෙන  ව්ඥබ - නධබ  වල සිටවු පැළ ගලවා අඟල් 6 පෝච්චි වල වගාකර ගත යුතුයි.

 

වගාව ආරක්‍ෂා කරගත යුත්තේ මෙහෙමයිඔබගේ වගාව අවට පරිසරය පිරිසිදුව තබාගැනීමට නිරතුරුව අවධානය යොමුවිය යුතුයි. හංගොල්ලන්, ගොලුබෙල්ලන් වැනි සතුන්් ඕකිඩ් වගාවට ඛ්ානි පමුණුවයි. මයිටාවන් වැනි කෘමි සතුන්ද, ඇසට නොපෙනෙන ඊඩපඪනඵ ඕකිඩ් වගාවේ සතුරන් ය.ඒ ඒ අවස්ථාවන්ට ගැලපෙන කෘමිනාශක හා දිලීරනාශක නියමිත කාලවලදී යෙදීමෙන් මෙම හානි බොහොමයක් අවම කර ගත හැකියි.