Osu Guna Dena Delum ඔසු ගුණ දෙන දෙළුම්

 

කි‍්‍ර.පූ. 970 දී ඊශ‍්‍රායලයේ පාලකයා වූ සොලමන් රජතුමා අක්කර සිය ගණනක් දෙළුම් වගාකළ උද්‍යානයක් නිර්මාණය කර කිසිවෙකුට ඇතුළුවීමට තහනම් කර ඇති බවත් දෙළුම් ගසෙන් ආර්ථික වැදගත්කමක් බලාපොරොත්තු විය හැකි බවත් විශ්වකෝෂයේ සඳහන් වී ඇත.අප රටේ විශේෂයෙන් වියළි දේශගුණයෙන් යුක්ත ප‍්‍රදේශවල මෙය වගා කෙරේ. මෙම ශාකය පඳුරක් ලෙසින් අතු රිකිලි දමා වැඩෙන අතර එම අතු කප්පාදු කර ගසක් ලෙසින් සකස් කරගත හැකිය.තවද සෑම රටකම දෙළුම් වර්ග කිහිපයක් ඇත. ඉන්දියාවේ සුදු වර්ගයද අප රටේ රතුපාට දෙළුම් වැඩි වශයෙන් ඇත. දෙළුම් ගෙඩියක්් කි.ග‍්‍රෑ. 1 ක් පමණ බරකින් යුක්ත වන අතර පෙබරවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලයේ මල් හටගැනීම සිදුවේ. දෙළුම් ගෙඩිය ගෝලාකාර බවින් යුක්ත වන කහපාට බාහිරාවරණය මිලිමීටර් 2 කින් යුක්තව සහ ඇතුළත කාමර කිහිපයකින් යුක්ත වේ. මෙම බිත්තිවලට සම්බන්ධ බීජ පිහිටීම සිදුවේ.මෙම ශාකයේ මල් හටගැනීම අතු අග සිදුවන අතර ගෙඩි යුගල වශයෙන් හටගනී. තවද මෙම බීජ සිවියක් වැනි පටලයකින් වැසී පවතියි. ඔබ අප සැම දෙනාම සිටින ග‍්‍රාමීය ප‍්‍රදේශවල හෙළ වෙදැදුරන් දෙළුම් ගසේ කොළ මල් වතුරෙන් තම්බා භාවිතා කිරීමෙන් ඇස් සම්බන්ධව ඇතිවන ලෙඩ රෝග සඳහා අත්දුටු ඖෂධයක් බව පවසති. පාචන රෝගීන්ට දෙළුම් ඇට තම්බා දීමෙන් ඉතා ගුණදායක වේ. වියළි ලෙලි තම්බා කසාය ලෙස දීමෙන් ශරීර සෞඛ්‍යයට ඉතා හිතකර වේ. අවිවේකී ජීවිතයක් ගතකරන ඔබට මනස පිවිතුරු තත්ත්වයක් උදාකරන එකම ඖෂධීය ගුණ සමුදායකින් හෙබි පලතුරක් ලෙසින් දෙළුම් හැඳින්වීමට පුළුවන.