Raber Wagawa රබර් වගාව



රබර් වගාව සදහා ප්‍රධාන අපනයන බෝග අතුරෙන් දෙවෙනි තැන හිමිවේ. ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් 8% ක් රබර් වගාවෙන් ලැබේ. රබර්, ප්‍රාථමික අමුද්‍රව්‍යයක් වශයෙන් අපනයනය කිරීම කැපී පෙනේ.

වගා ‍ප්‍රදේශ:

 

  • කෑගල්ල
  • කළුතර
  • රත්නපුරය
  • කොළඹ
  • ගාල්ල යන දිස්ත්‍රික්ක වල වැඩි වශයෙන්ද, 
  • මාතලේ 
  • මහනුවර
  • මාතර 
  • මොණරාගල යන දිස්ත්‍රික්ක වල සුළු වශයෙන්ද ව්‍යාප්ත වී ඇත.

 

වගාවට බලපාන සාධක:

  • 27 (සෙල්සියස්) ට ආසන්න ඒකාකාරි මධ්‍ය උෂ්ණත්වයක් තිබීම.
  • වසර පුරා පැතිරුණු 2000mm ට වැඩි වාර්ෂික වර්ෂාපතනය.
  • කබොක් මිශ්‍ර රතු පස.
  • බෑවුම් ප්‍රදේශ තිබීම.

 

ප්‍රවණතා:

  • දේශීය ඉල්ලුම වැඩි වීම.
    • ටයර්
    • ටියුබ්
    • පාවහන්
    • සෙල්ලම් බඩු
  • උපදේශන සේවාවන් පුළුල් වීම මගින් රබර්, නැවත වගාවට පෙළඹීමට හා අලුත් වගාවට සූදානම් වීම. (2005 රබර් නැවත වගාව හෙක්ටයාර් 1,448 කි)
  • මෙතෙක් රබර් නොවැවූ මොණරාගල දිස්ත්‍රික්කයේද රබර් වැවීම ආරම්භ කිරීම. (වසර 10ක් තුළ  මොණරාගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 40,000ක රබර් වගා කිරීමට සැලසුම් කර ඇත)
  • කෘතිම රබර් නිෂ්පාදන වියදම වැඩිවීම (ඛනිජ තෙල් මිළ ඉහළ යාම) නිසා ස්වාභාවික රබර් වලට ඇති ඉල්ලුම වැඩි වීම.
  • ත්‍රී රෝද රථ සදහා ටයර් නිෂ්පාදනයට පෙළඹීම.
  • තුරුණු ශක්ති රබර් සමිති පිහිටුවීම.
  • කැනඩාව වැනි රටවල් සමග රබර් ගිවිසුම් ඇති වීම හේතුවෙන් නව වෙළදපොළවල් ඇති වීම.

 

නිෂ්පාදනය හා වෙළදාම:

  • ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන මිල දී ගන්නා රටවල්;
    • චීනය
    • ඇමරිකා එක්සත් ජනපදය
    • පෝලන්තය
    • ජපානය
    • මෙක්සිකෝව
    • යුරෝපා ආර්ථික ප්‍රජාව

ගැටළු:

  • අඩු ඵලදාව.
  • ශ්‍රමික හිගය.
  • නිෂ්පාදන වියදම අධික වීම.
  • අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා ඇතිවන බාධා.
  • කෘතිම රබර් නිසා එල්ලවන තරගය.
  • මිල උච්චාවචනය.
  • ඉන්ධන මිල ඉහළ යාම. 
  • ප්‍රාථමික අමුද්‍රව්‍යයක් ලෙස අපනයනය කිරීම නිසා ලැබෙන ආදායම අඩු වීම.
  • වගා කරන බිම් ක්‍රමයෙන් අඩුවීම.

 

වගාව දියුණු කිරීමට ගෙන ඇති පියවර:

 

  • නිෂ්පාදන අලෙවි කර ගැනීමට ලංකාව, ජාත්‍යන්තර ස්වාභාවික රබර් ගිවිසුම් වලට සම්බන්ධ වීම. මේ නිසා වෙළදපොළ සුරක්ෂිත කරගෙන ඇත. (චීනය-ලංකාව)
  • මෙරට බොහෝ ප්‍රදේශවල පවතින පැරණි රබර් වගාව ඉවත් කර නැවත රබර් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. එහිදී පැළ, පොහොර, වෙනත් සහනාධාර ලබා දෙයි. ඒ අනුව 2003 වන විට අලුතින් හෙක්ටයාර 6000ක් පමණ වගා කර ඇත.
  • විවිධ පර්යේෂණ මගින් රබර් විශේෂ හදුන්වා දීම.
    • අගලවත්ත රබර් පර්යේෂණාගාරය මගින් වැඩි ඵලදාවක් ලබාදෙන රබර් විශේෂ හදුන්වා දී ඇත.
  • මෑත කාලයේදී මෙරට රබර් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් දේශීය කර්මාන්ත සදහා යොදා ගැනීම.
    • ටයර්
    • ටියුබ්
    • පාවහන්