Thotila Shakaya තොටිල ශාකය

 

අප රට තුළ සෑම ප‍්‍රදේශයකම පාහේ ඉතා සාරවත් ලෙසත් බහුල ලෙසත් දැකීමට හැකි ශාකයක් වෙත්නම් ඒ තොටිලයි. එහෙත් කඳු මුදුන් හි තෙත සහිත පස මෙම ඖෂධීය ශාකය වැඩීම බහුල වෙයි.ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ඉතා ශ්‍රේෂ්ඨ ඖෂධ සංයෝගයක් ලෙස සලකනු ලබන මෙම ඖෂධය පිළිබඳව අප දක්වන සැලකිල්ල මද වුවත් දේශිය වෛද්‍ය වරුන් මහත් ප‍්‍රතිඵල ලබයි.තොටිල ඖෂධ ශාකයේ සිංහල නම වූයේද තොටිලයි . සංස්කෘත නාමය අරඳු වූ අතර දෙමළ නාමය වූයේ වන්ගාමාරම් වේ. මෙම ශාකය කොළඹ වැනි ජනාකීර්ණ නගරයන්්හි බහුල වශයෙන් දක්නට ලැබේ. මේ ඖෂධ ශාකයේ බිග් නෝනියා කුලය වන අතර පර්යාය නාමය වූයේ ඉන්ඩිකාවේ මේ ශාකය තරමක ගසක් වුවත් හොදින් වැඩුණූ ගසක් අඩි 25 - 30 පමණ විශාල ශාක ද දැකිය හැකිවේ. අනෙකුත් ශාක මෙන් නොව ගසේ මුදුනේදී අතු බෙදී විහිදීමයි.

 

පත‍්‍ර ද එකිනෙකට සම්බන්ධ වී ඇත. සෘජුව වැඩෙන මෙම ශාකයේ පොත්ත ඝන වූ අතර කහ පැහැයෙන් යුත් දුඹුරු පැහැයක් ගනු ලබයි.මෙම ඖෂධ ශාකයේ මල් දම්පාට මිශ‍්‍ර කහ පැහැයෙන් යුක්ත වන අතර සාමාන්‍ය වශයෙන් ලොකු මලකි. මලක පෙති 05 ක් දැකීමට හැකිවේ. මෙහි බීජ කරල් තුළ හට ගන්නා අතර බීජ පැතලිය. මෙහි ඖෂධ ශාකයේ ඖෂධ වශයෙන් ගනු ලබන්නේ පොතු මුල් හා කරල් ය. මෙමගින් ප‍්‍රධාන වශයෙන් සුවවන ලෙඩ රෝග අතර අජීර්ණය අතීසාරය ආමවාත අර්ශස් රෝගය අග්නිමාන්දය යන ලෙඩ සුව වීමට මෙම ශාක තුළින් මහත් මෙහෙයක් සිදුවේ.තොටිල ශාකයේ පොතු ගල ගා ගෑමෙන් ඉදිමුම සුවවේ. තවද මෙම ශාකයේ මුල්පොතු තම්බා සාදන බෙහෙත් වලින් පීනස කාසරෝග යනාදිය සඳහා සංයෝග කර භාවිතා කරනු ලැබේ. තවද තොටිල ශාකයේ මුල් පොතු අඹරා තලතෙල් සමඟ මිශ‍්‍රකර මද ගින්නේ රත්කර කණට දැමීමෙන් කණේ අමාරු සුවවේ. කිසිඳු අපහසුවකින් තොරව සොයා ගැනීමට හැක. තොටිල ශාකයේ ඖෂධ ගුණය උපයෝගී කරමින්  ඖෂධීය ඔසු වර්ග නිෂ්පාදනයන් වෙළද පොළේ ඇත. මෙම ඖෂධයන් තුළින් වෙළඳපොළ තුළද මහත් ඉල්ලුමක් ඇති බැවින් දේශීය ආර්ථිකයට ද මහත් පිටුවහලක් වේ.