Durwarna Wuu Muhunata Sathkarayak දුර්වර්ණ වූ මුහුණට සත්කාරයක්.

 

සම පැහැපත් කරගැනීම

 

මේ සදහා මුලින්ම කෝමාරිකා මදය හෝ පිපිඤ්ඤා ගෙන මුහුණ හොදින් ක්ලෙන්සර් කරගන්න. මීලගට ස්ටීම් කරණ උපකරණයකින් හෝ උණුසුම් ජලය යොදාගනිමින් මුහුණට හුමාලය අල්ලන්න. මීලගට කෝමාරිකා, කොකුම් පොතු, වෙනිවැල්ගැට හොදින් කුඩුකර තලපයක් ආකාරයට සාදා මුහුණේ ආලේපකර විනාඩි 3ක් පමණ ස්ක්‍රයිබ් කරන්න. ඉන්පසු මෙම ආලේපය ඉවත් කොට කොකුම් පොතු, සුදුහදුන්, වෙනිවැල්ගට හා නාමල් රේණු කුඩුකර ජලය ස්වල්පයක් එක්කරගනිමින් මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. අවසානයේ ටෝනර් කරන්න.