Lapa Kalal Pahasuwen Iwathkaraganeema ලප කැලැල් පහසුවෙන් ඉවත්කරගැනීම

 

මුහුණේ හා ශරීරයේ ඇති ලප කැලැල් පහසුවෙන් ඉවත්කරගැනීමට ප්‍රතිකාර

 

දිනපතාම කැලැල්වල ඔලිව් ඔයිල් ආලේප කරන්න. ඔලිව් ඔයිල් ආලේපකල පසු අව්වේ යාමෙන් වැලකිය යුතුය.

 

කොහොඹ කොළ ගලේ අඹරා තලපයක් ලෙස සාදා කැලැල් ඇති ස්ථානවල ආලේපකරන්න. මෙය දිනපතා භාවිතාකලද හානියක් නොමැත.

 

කස්තුරි කහ ඇල්වතුරෙන් උරච්චි කර එයට දෙහි ඇඹුල් බිංදු දෙකක් මිශ්‍රකර ලපකැලැල්වල ආලේප කරන්න

 

ආමන් තෙල්, අමු අර්ථාපල් ඉස්ම, පිපිඤ්ඤා ඉස්ම මිශ්‍රකර කැලැල් මත් ගල්වන්න.

 

කොකුම්පොතු කුඩුවලට ඔලිව් ඔයිල් මිශ්‍රකර ආලේපකර වේලුනු පසු සෝදා හරින්න.

 

රතුකැකුළු හාල් පිටි හෝ උළුදු පිටි ගෙන එයට වියලි කහ උරච්චිකර මිශ්‍රකර ආලේප කරන්න. පැයක් පමණ තබා සෝදා හරින්න.

 

එළකිරි හෝ පිටිකිරි ටිකකට අර්තාපල් අලයුෂ මිශ්‍රකර එයට ආමන්ඩ් තෙල් බිංදු 4ක් පමණ දමා ආලේප කර පැය භාගයකින් පමණ සෝදා හරින්න.