Masa 6 Pasu Wu Daruwekuta Prayojanawath Dee මාස 6 පසු වූ දරුවෙකුට ප්‍රයෝජනවත් දේ

 

ඔබේ සුරතල් සිඟිත්තා දිනෙන් දින වැඩෙන විට ඔබේ සිතට දැනෙන්නේ අපමණ සතුටක්. අපි නිතරම කියන ආකාරයට  දරුවාගේ මුල් මාස 6දී අනිවාර්යයෙන්ම මවු කිරි පමණක්ම ලබා  දිය යුතු අතර ඉන්පසු ටිකෙන් ටික වෙනත් ආහාර වලට හුරු කිරීම ආරම්භ වෙනවා. එවිට ඔබට උවමනා වන සමහර අංගෝපාංග කිහිපයක්

 

මවු කිරි දොවා නිවසේ තබා යෑම

අද කාලයේ බොහෝ දෙමවුපියන් තම වෘත්තියේ යෙදීම නිසා ඉතා කාර්යබහුලයි. ඇතැම් මවු වරුන්ට දරුවා වයස මාස 6 පසු වන විට රාජකාරි සඳහා බැහැරව යාමට සිදුවෙනවා. එවිට දරුවාට පිටි කිරි වර්ගයක් දීමට වඩා තමන්ගේම කිරි දීමට ඇතිනම් ඉතා හොඳ දෙයකි. මෙය ඉතා සෞඛ්යාරක්ෂිතව, මවු කිරි වලට විෂබීජ මිශ්‍ර නොවන සේ කල යුතු ක්‍රියාවක්. නිසි ලෙස පුරුදු වූ මවු වරුන් තම අතින්ම කිරි දිවා ශීතකරණයේ තබා යනවා. නමුත් ඔබට එය අපහසුනම් ඒ සඳහා නවීන තාක්ෂණය අනුව නිපදවන ලද කිරි දෙවීමේ යන්ත්‍ර අද වෙළඳ පොලේ දැකිය හැකියි. 

 

කිරි බෝතල් සහ සූප්පු

මෙසේ තබා ඇති කිරි පෙවීම සඳහා වඩාත්ම ජනප්‍රිය ක්‍රමය වන්නේ සූප්පු මගින් බෝතලයකින් කිරි උරා බීමට සැලැස්වීමයි. ඇතැම් මවු වරුන් ඉතා ඉක්මනින් තම දරුවන්ව කෝප්පයෙන් කිරි සහ වෙනත් දියර වර්ග පෙවීමටත් පුරුදු  කරනවා. අනිවාර්යයෙන්ම එය හොඳ පුරුද්දක්. ඔබ කිරි බෝතලයක් සහ සූප්පුවක් භාවිතා කරනවා නම් ඉතා හොඳ තත්ත්වයේ සෞඛ්‍යාරක්ෂිත බෝතලයක් සහ සූපුවක් තෝරා ගන්න. මුලින්ම කිරි ස්වල්පයක් වෑස්සෙන සූපුවක් ලබා දී දරුවා හුරු වූ පසුව කිරි වැඩිපුර එන සූප්පුවකට මාරු විය හැකියි.

 

පෙවීම සඳහා අවශ්‍ය වන කෝප්ප

අප ඉහත කී පරිදි දරුවන්ට කෝප්පයෙන් බීමට හුරු කිරීමත් ඉතා වැදගත්. මේ සඳහා අප නිවසේ එදිනෙදා භාවිතා කරන සෙරමික් කෝප්ප හෝ වීදුරු භාවිතා කිරීම මුලදී ප්‍රායෝගික නැහැ. ඉතින් ඔබට පුළුවන් ඒ සඳහාම නිර්මාණය කල ප්ලාස්ටික් කෝප්පයක් භාවිතා කිරීමට. ඉතින් මේ විදිහට කෝප්පයෙන් පෙවීම පුරුදු කරද්දීත්, ආහාර වර්ග වලට හුරු කරද්දීත් දරුවා කෑම බීම හලා ගන්න නිසා ඔවුන්ගේ බෙල්ල වටේට ලේන්සුවක් හෝ කුඩා එප්‍රනයක් ඇන්දවීමත්  සුදුසුයි.

 

කෝප්ප, කිරි බෝතල් සහ සූප්පු පිරිසිදුව තබා ගැනීම

ඔබේ දරුවාට කිරි හෝ වෙනත් ආහාර ලබාදෙන බෝතල්, සූප්පු, කෝප්ප ආදිය පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා ඔබ ළඟ වෙන වෙනම බුරුසු වගේම දරුවාට අහිතකර නොවන විෂබීජ නාශක ආදියත් තිබිය යුතුයි. ඒ සමඟම අප දන්නවා මෙම භාජන උතුරන වතුරෙන් සෝදා පිරිසිදු කිරීම අප නිතර සිදු කරන දෙයක්. ඔබට මේ සඳහා හුමාලය මගින් පිරිසිදු කරන යන්ත්‍රයක් භාවිතා කිරීමත් කල හැකියි.

 

දරුවා සමග නිවසින් බැහැර යන විට ප්‍රයෝජනවත් දේ

දරුවා සමග නිවසින් බැහැර යන විට ඔබට සමහර දේ රැගෙන යාමට සිදුවෙනවා නොඅනුමානයි. මූලික වශයෙන් මේ සඳහා ඔබට නැපි / ඩයපර සහ වෙනත් දේ දමාගෙන යා හැකි බෑගයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කිරි බෝතලය උණුසුම්ව තබාගත හැකි කවරයකුත් ප්‍රයෝජනවත් වේවි. ඊට අමතරව දරුවා ඇඳුමේ තේමා ගත්තොත් භාවිතා කිරීමට ඩයපර කිහිපයක් සමග දරුවා පිරිසිදු කිරීමට රෙදි  කඩක් හෝ ඉවත ලිය හැකි කඩදාසි තුවා ආදියත් ගෙන යෑමට සිදු වේවි.