අද අපි ඔබට ගෙන එන්නේ තරමක් වෙනස් මාතෘකාවක් ගෙන් තොරතුරු කිහිපයක්. ඒ රූපලාවන්‍ය ක්ෂේස්ත්‍රය ඔබෙන් සඟවන දේවල් 11 ගෙන තොරතුරුයි. නළු නිලියන් ලස්සනට ඉන්නේ කොහොමද ? වයසට නොයා ඉන්නේ කොහොමද ? මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඔබට තියෙනවා ඇති. ඒ වගේම ඔබේ රූපය ගෙන ඔබ වද වෙන කෙනෙක් නම් ඔවුන් ගෙන කුඩා හෝ ඊර්ෂ්‍යාවක් ඔබට නොතිබි තියෙන්න විදියකුත් නෑ. ඔවුන් ඉතා විශිෂ්ඨ රූපලාවන්‍ය ශිල්පීන්ගේ සහය ලබා ගන්න නිසා එහෙම වෙනවා කියලත් ඔඅබට හිතෙන්න පුළුවන්. ඒත් මේ ටිකත් බලන්න කෝ.

11 – ඉර අව්වෙන් ලැබෙන ප්‍රයෝජන අතහැර ගන්න එපා
ලස්සන හා සෞඛ්‍ය සම්පන්න සමක් වෙනුවෙන් ඔබ දිනපතාම ඔබේ සම හිරුට නිරාවරණය කල යුතු වෙනවා. මෙහෙම කියන්නේ මැඩෝනාගේ සමඟ කටයුතු කල රූපලාවන්‍ය විශේෂඥයකු වූ මමි මැක්ඩොනල්. ඒ වගේම මේ දේ නොකර වෙන මොන දේ කරලා සම රැකගන්න උත්සහ කලත් ඒ හැමදේම නිෂ්එල දේවල් වේවි. ඒ වගේම තවත් රූපලාවන්‍ය සම්බන්ධ වෛද්‍යවරයෙක් වන ලාන්සර් වෛද්‍යවරයා සඳහන් කරන්නේ SPFඅගය 30ට අඩු ක්‍රීම් වර්ග දිනකට දෙවතාවක් ආලේපනය කරන්න එපා කියලයි.

10. ඔබේ සමේ යම් ආසාදනයක් තියනවා නම් ඔබේ සම වේලෙන්න දෙන්න එපා.
බොහොමයක් පැල්ලම් ඉවත් කිරීම වෙනුවෙන් භාවිතා කරනු ලබන ක්‍රීම් වර්ග බෙන්සොල් පෙරොක්සයිඩ් ඇතුලත් කරලා නිර්මානය කරලා තියෙනවා. මේ නිසා සම වේලීමට එය හේතුවක් වෙනවා. ඒ වගේම මේවා මගින් සමේ දැවිල්ලක් ඇති කරනවා සහ ඒ මගින් සමේ තෙල් සහිත ස්වභාවය ඉහළ දැමීමත් සිදු වෙනවා. ඒ වගේම ඇල්කොහොලුත් මේ හා සමාන ප්‍රතික්‍රියාවක් කරන නිසා ඔබේ සමේ ලප කැළැල් වලට නම් ඉන් අඩුවක් ලැබෙන්නේ නෑ.
වෛද්‍ය හැරල්ඩ් ලාන්සර් නිර්දේශ කරන්නේ ඔබේ සම සැලිසිලික් හෝ ලැක්ටික් ඇසිඩ් යොදාගෙන පිරිසිඳු කිරීම යෝග්‍ය බවයි.

09. කවදාවත් බෙල්ල අමතක කරන්න එපා
කාන්තාවකගේ ශරීරයේ අනිත් කොටස් මෙන්ම බෙල්ලත් ඉතාම වැදගත් කොටසක් වෙනවා. එමෙන්ම බෙල්ලේ තියෙන්නේ ඉතා තුනී සමක්. එම නිසා මුහුණට වගේම වැදගත් සත්කාරක් බෙල්ලටත් අවශ්‍ය වෙනවා. ඒ නිසා නිකට පහු කරන් බෙල්ලටත් යන්න අමතක කරන්න එපා.

08. සම අයිස් කැටයකින් අතුල්ලන්න
කැලිෆෝනියාවේ, සැන්ටා මොනිකා හී සම පිළිබඳව විශේෂඥයකු වන වෛද්‍ය ඒවා ෂම්බන් පවසන්නේ ඔබේ මුහුණ අයිස් කැටයක් මගින් තත්ත්පර ගණනක් සම්භාහනය කිරීම මගින් සමේ ඇති අඳුරු පැහැය නැති කර ගත හැකි බවයි. එමෙන්ම මෙය සමේ වර්ධනයටත් උපකාරී වෙනවා.

07.ඔබේ රූපලාවන්‍ය භාණ්ඩ නිවැරිදිව ගබඩා කරන්න
වෛද්‍ය ඩබ්රා ජලිමන් ඔබේ රූපලාවන්‍ය භාණ්ඩ නාන කාමරයේ තිබීම නම් අනුමත කරන්නේ නෑ. ඒ උෂ්ණත්වය හා තෙතමනය ඒවායේ කල් ඉකුත්වීම ඉක්මන් කරන නිසයි.

06. ඔබේ සම ස්පර්ශ කරන සැම දෙයක්ම පිරිසිඳුව තබා ගන්න
වෛද්‍ය ලාන්සර් කියන්නේ ඔබ කවදාවත් ඔබේ මුහුණ අපිරිසිදු දෑතින් අල්ලන්න එපා කියලයි. ඒ වගේම ඔබේ සම වියලි හෝ සාමන්‍ය එකක් නම් ඔබේ කොට්ට උරය සතියකට වතාවක්වත් මාරු කරන්න. ඒ වගේම සම තෙල් සහිත නම් එය දින තුනකට වරක්වත් මාරු කරන්න. ඒ වගේම ඔබේ ස්මාර්ට් දුරකථනයේ මුහුණත හැකි හැම විටම පිරිසිඳු කරන්න.

05. ඔබට තිබෙන්නේ කුරුලෑ සහිත සමක් නම් Scrub හා face Sponges භාවිතා කිරීමෙන් වලකින්න.
ක්‍රිස්ටි කිඩ් නම් සම පිළිබඳව විශේෂඥයා පවසන්නේ කුරුලෑ සමක් සහිත අය කිසිම විටක රළු ද්‍රවය ( බ්‍රෂ් , ස්ක්‍රබ් හා ස්පොන්ජ්) වැනි ද්‍රවය මුහුණට යොදාගත නොයුතු බවයි. එමෙන්ම මෙවැනි සමක් සහිත අය සියුම්ව සබන් නොයොදා මුහුණ පිරිසිඳු කල යුතු වෙනවා. එපමණක් නොව එම කුරුලෑ සහිත ස්ථාන වලට ඇස්ප්‍රින් හා ජලය යොදා නිර්මාණය කරගත් මිශ්‍රණයක් ( Pate) එකක් එම තැන් වලට යොදා මෙම තත්ත්වය අවම කර ගත හැකි බවත් ඔහු පවසනවා.

04. නින්දට යාමට පෙර බ්‍රා එක ගලවන්න
බොහොමයක් කාන්තාවන් තමන්ගේ පියුරු එල්ලා වැටීම වැලැක්වීම වෙනුවෙන් රාත්‍රියට බ්‍රා ඇඳ නිදා ගන්නවා. නමුත් වෛද්‍යවරුන් මෙය කිසිසේත් අනුමත කරන්නේ නෑ, එමෙන්ම තද හා වයර් සහිත මෙවැනි බ්‍රා නිසා ශරීරයේ රුධීර සංසරණ ක්‍රියාවලියට බලපෑම් කරනවා පමණක් නොව එය රෝග ගණනාවකටද මග කියනවා. එමෙන්ම ශරීරයට ඉතා අපහසු වන මෙම ක්‍රියාව නිසා සම අඳුරු වීමද සිදු වෙනවා.

03. මුහුණට කරන සම්භාන (Face Massage) ඔබේ ඇස් යට අඳුරු පැහැති තත්ත්ව ඇතිවීම වැළකීමට හේතුවක් වෙනවා.
ඔළි හෙන්රික්ස්න් lymph drainage සම්භාහනය ඇස් යටට ඇතිවන අඳුරු රවුම් වලට ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ කරනවා. එමෙන්ම මෙය මගින් සම සුමුදු වෙනවා. ඒ වගේම එය නිවසේදී කරන්න නොහැකි තරම් අපහසු දෙයක් නෙමෙයි.

02.ඔබේ අත් පරිස්සම් කර ගන්න
අත් වලටත් ඔබේ බෙල්ලට තරම්ම ආරක්ෂාවක් අවශ්‍ය වෙනවා.බෙල්ල මෙන්ම ඉතා තුනී හා සියුම් සමකින් අත යුතු වෙනවා. හැකි සැම විටම අත් ආවරණ යොදාගෙන වැඩ කටයුතු කරන්න උත්සහ කරන්න. එමෙන්ම හමේ තෙතමනයත් රඳවා ගන්න උත්සහ කල යුතු වෙනවා. ඒ වගේම අත හිරු එලියට විවර කරන්නත් අමතක කරන්න එපා.

01. ඔබේ සම නිතිපතා පිරිසිඳු කරන්න
සම පිළිබඳව විශේෂඥයකු වන ඩේබ්රා ජලිමන් පවසන්නේ මුහුණේ ආලේපිත රූපලාවන්‍ය ද්‍රව්‍ය සමඟ කිසිසේත් නින්දට යාම නොකළ යුතු බවයි. නමුත් බොහෝ දෙනෙක් මෙය ගණන් නොගන්නා බවත් එය සමේ ආසාදන වලට හේතුවක් බවත් ඇය පවසනවා.