ගෙරවීම යනු බොහෝ දෙනෙකුට ඇති ස්වාභාවික නමුත් පොදු ගැටලුවකි.නින්දෙදී ස්වසනය කරන විට ඒ සදහා ඇති වන ස්වාභාවික අවහිර තත්වයන් නිසා මේ තත්වය ඇති වන අතර මේ තත්වය අවම කරගැනීම සදහා ඔබට අනුගමනය කල හැකි පියවර කිහිපයක් මෙම ලිපියේ අඩංගු වේ.

01.පැත්තට හැරී නිදා ගැනීම.

උඩුබැලි අතට නිදා ගන්නා විට ඔබගේ මේද පටක වැරදි ආකාරයට ස්ථානගත වීම නිසා ස්වසන මාර්ගය අවහිර වී ගෙරවීම සිදු විය හැකිය.මේ තත්වය පාලනය කරගැනීම සදහා උඩු බැලි අතට නිදා ගැනීම වෙනුවට පැත්තට හැරී නිදා ගැනීමට ඔබට පුළුවන්.සමහරක් විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඔබ නිදා ගන්නා විට අදින ඇදුමේ පිටුපසට කුඩා බෝලයක් තබා මැසිමෙන් ඔබ නැවත උඩුබැලි අතට හැරීම වලක්වා ගත හැකි බවයි.

02.ගෙරවීම පාලනය කරන උපකරණයක් භාවිතා කිරීම.

01.නාසය මත අලවන විශේෂ තීරු භාවිතා කිරීම.( Nasal Vents)

මෙම තීරු වලින් ඔබේ නාසය නිතරම විවුර්ත වී තෙබෙන අතර ස්වසන ධාරාව අශ්වසයට පහසුවක් ලැබෙන අතර ඔබ නිදා ගන්නා විට ස්වසන ධාරාව පාලනය කිරීමක් සිදු කෙරේ.

02.නිකටේ පළදින තීරු භාවිතා කිරීම.

ඔබ ගොරවන්නේ මුඛයෙන් නම් මේ තත්වය පාලනය කරගැනීම සදහා නිකටේ අලවන මෙම තීරු විශේෂය භාවිතා කල හැකිය.ඔබගේ මුඛයට පහලින් තද වීමක් සිදු වන නිසා මෙමගින් ගෙරවීම සදහා මුඛය විවර වීම වැලකි.මෙමගින් ඔබට නාසයෙන් ස්වසනය කිරීම සදහා උත්තේජනයක් සැපයෙන අතර එමගින් ගෙරවීම අවම වේ.

03.මුඛයට විශේෂ උපකරණයක් පැලදීම.

ඔබ ගෙරවීම සිදු කරන්නේ ඔබගේ මුඛයේ ඇති ස්වසන ධාරාව අනවශ්‍ය ලෙස පටු වීම නිසා නම් මෙම උපකරණය පලදීම මගින් කරදරකාරී ගෙරවීම් තත්වය පාලනය කර ගැනීමට ඔබට පුළුවන්.මෙම උපාංගය මගින් ඔබගේ හකුව සහ දිව එකිනෙක තද වන අතර එමගින් ස්වසන ධාරාව අනවශ්‍ය ලෙස පටු වීම වලකී.

03.දේහ බර අඩු කර ගැනීම.

ඔබ අධිකව ස්ථුල පුද්ගලයෙක් නම් ඔබගේ නිකටේ අවට ප්‍රදේශයේ මේදය තැන්පත් වීම නිසා ස්වසන ධාරාව පටු වීමක් සිදු වීම නිසා මෙම තත්වය ඇති විය හැකි බව අනුමාන කල හැකිය.මේ නිසා ඔබගේ උසට සරිලන බර ලැබෙන තුරු බර අඩු කර ගැනීමට උත්සාහ කරන්න.ඒ සදහා නිසි පරිදි ආහාර පාලනයක් සහ ව්‍යායාම අත්‍යවශ්‍ය වේ.

ඔබ ගන්නා ආහාර පිලිබදව සැලකිලිමත් වන්න.

ඔබගේ ආහාර වේලට එළවලු පලතුරු සහ කැලරි අඩු ආහාර එකතු කර ගැනීම අත්‍යවශ්‍ය වේ.එසේම සිනි ලුණු සහ තෙල් භාවිතය හැකි තරම් අවම කරන්න.කුඩා ආහාර වෙල් කිහිපයක් වරින් වර ලබා ගන්න.

ව්‍යායාම සිදු කරන්න.

දිනයකට මිනිත්තු තිහක් පමණ ව්‍යායාම සිදු කරන්න.පිහිනීම ඇවිදීම නර්තනය සහ පඩිපෙල් නැගීම වැනි සරල ක්‍රියාකාරකම් වල නිරත වන්න.ක්‍රම ක්‍රමයෙන් ව්‍යායාම සිදු කරන කාලය වැඩි කරන්න.

04.ස්වාභාවික ඖෂධ ලබා දෙන්න.

සෙම්ප්‍රතිශ්‍යාව හෝ ආසාත්මිකතාවයක් ඇති වීමෙන් පසු ඔබගේ නාසය සිරවීම සාමානය තත්වයකි.මේ හේතුව නිසා ඔබට මෙම කරදරකාරී ගෙරවීම ඇති වෙන්නට පුළුවන්.මෙම තත්වය සමනය කර ගැනීම් සදහා ඔබට අනුගමනය කල හැකි සරල ක්‍රම කිහිපයක් මෙම ලිපියේ අඩංගු වේ.

ලුණු ජලයෙන් නාසය සේදීම.

ලීටර භාගයක ජලය ප්‍රමාණයකට ලුණු මේස හැදී එකක් එකතු කරන්න.මෙම ද්‍රාවනය ඔබගේ නාස් පුඩුව තුලට දමා අනෙක් නාස් පුඩුවෙන් ගමන් කිරීමට සලස්වන්න.මෙම සේදීම සිදු කරන අතරම ඔබගේ හිස පැත්තකට ඇල කරන්න.එමගින් නාසයේ ඇති සෙම් සහ සොටු ඉවත් වී ඔබට ස්වසනය සිදු කිරීම පහසු වේ.

මිංචි කොළ ආශ්වාස කිරීම.

උණු වතුර හොදින් උණු කර එයට පෙපරමින්ට් බින්දු කිහිපයක් එකතු කරන්න.පෙපරමින්ට් වල මෙන්තොල් අඩංගු වන අතර එමගින් ස්වසන නාල වල ඇති සෙම් සහ සොටු ඉවත් වීම් සිදුවේ.කෙසේ වෙතත් මෙය කුඩා දරුවන්ට තරමක් විෂ සහිත විය හැකි නිසා උණු වතුර පමණක් ආශ්වාස කිරීමට සලස්වන්න.

කහ.

කහ යනු ඈත අතීතයේ පටන්ම මිනිසුන් බොහෝ වෙලාවට ඖෂධයක් ;ලෙස භාවිතා කරන ද්‍රව්‍යයකි.කිරි සමග කහ කුඩු මිශ්‍ර කර රත් කර කහ කහ කිරි මිශ්‍ර කිරි වීදුරුවක් සකසා ගන්න.එසේම ඔබට එදිනෙදා ආහාර පිසින විට ආහාර වලටද කහ ස්වල්පයක් එකතු කල හැකිය.

අන්නාසි.

අන්නාසි වල අඩංගු එන්සයිම මගින් ඔබගේ නාසයේ ඇති අනවශ්‍ය සෙම් සහ සොටු ඉවත් වන අතර එමගින් ඔබට ඉතා පහසුවෙන් ස්වසනය කිරීමේ හැකියාව ලැබේ.මේ හේතුව නිසා ඔබට සුවපහසු නින්දක් ලැබෙන අතර ගෙරවීම පහසුවෙන් අවම වේ.

යෝගට්.

ඔබගේ දේහයේ ඇති ආසාත්මිකතා අවම කර ස්වසන රෝග අවම කිරීමේ හැකියාවක් යෝගට් වල ඇති හිතකර බැක්ටීරියා වලට ඇත.ඔබට වලදී ඇති දරුණු සෙම්ප්‍රතිශ්‍යාවක් නිසා ස්වසනය කිරීම අපහසු නම් යෝගට් එකක් ආහාරයට ගන්න.

05.මත්පැන් පානය කිරීමෙන් සහ දුම්බිමෙන් වලකින්න.

මත්පැන් පානය කිරීම මෙන්ම දුම් පානය කිරීමද සුවපහසු නින්දක් නොලැබී යාමට සහ නින්දෙන් ගෙරවීමට උදව් සපයන ප්‍රධාන සාධකයකි.මේ නිසා හැකි තරම් මත්පැන් සහ දුම්වැටි පානය කිරීමෙන් වලකින්න.

 

life rahas