පොන්නයෝ කියන්නේ කාට ද?....

අද වන විට අසරණව සමරිසි ආදරය සොයන සමලිංගික පුද්ගලයන්ව සමාජය විසින් කොන් කර ඇත. සමලිංගිකත්වය යනු හුදෙක් කාමය, ලිංගිකත්වය හා එහි ආශ්වාදයම නොවේ. එහින් එහාට ගිය බරපතල ලොකු ආදරයක් එහී ගැබ් වී ඇත. අපේ සමලිංගික පිරිස මෙය වරද්දවා ගෙන කාමයේ අනාචරයේ හැසිරෙති. තව පුද්ගලයන් සහ සමලිංගිකයන් නොවන අයද ( කාන්තාවන් සමග ව්වාහ වී සිට්න පුද්ගලයන්ද ) හුදෙක් ආශාව කාමය මත ව්ව්ධාකාර පුද්ගලයන් සමග ලිංගිකව හැසිරෙති. මෙය ඉතාමත් පාපී ක්‍රියාවක් ලෙස අපි දකිමු. එය දෙව්දුන්ට ප්‍රසන්න ජිවිතයක් නොවන බව මෙහිලා මා සදහන් කල යුතුව ඇත.
අද වන විට ව්ද්‍යාව මුළු ලොකේටම ඔප්පු කර හමාරයි සමලිංගිකත්වය උපතින් එන දෙයක් බවට. එම නිසා බොහෝ රටවල් මේ අසරණ සමලිංගිකයන් අවන්ක යහපත් ආදරය සොයන gay පුද්ගලයන් වෙනුවෙන් ඔහුන්ට නිදහසේ ආත්ම අභිමානයෙන් ජිවත් වීමට අවශ්‍ය පරිසරය සදා ඇත. එය හැම රටකම වගේ විය යුතු දෙයකී. අද වන විට බොහෝ අය සිතන්නේ කෙනෙක් gay වෙන්නේ කොල්ලෙක්ගෙන් දුෂණය වු විට කියලා. නැහැ එම මතය ඉතාමත් මිථ්‍යාවක්. එය අනිවාර්යයෙන් උපතින් එන දෙයක් බව කවුරු කවුරුත් දැනගන්නට ඔනේ. මේ සමලිංගිකත්වයේ ආරම්භය ගැන දැනගැනීමට කැමති අය අන්තර්ජාලය හරහා මේ ගැන සොයා බලා දැනගන්න.

සමලිංගික පුද්ගලයන් නිකම්ම නිකම් නිකමෝ නොවෙති. ඔහුන් දක්ෂතා වලින් පුර්ණ වු සෙව්න්දර්යට, ක්‍රීඩාවට, නැටුමට ගැයුමට රැගුමට වැයුමට වැනී බොහො දෙවල් වලට දක්ෂ වුවන් ය. මොහුන් මේ ලෝකේට ඉතා වැදහත්ය. මා දකින විදියට නම් මේ සමලිංගික පුද්ගලයන් ලොකේ යම් තාක් දුරට අඩුවක් තියෙනවා. ඔහුන් මේ ලොකෙ තවත් කොටසක් වෙති. Tom daley වැනි අය ක්‍රීඩකයෝ, ඔලිම්පික් පදක්කම් ලාබීන්ය. තව බොහෝ දක්ෂතා වලින් පරිපුර්ණ වු පුද්ගලයන් සමලිංගිකයන් ය. ඔහුන් තමන් gay කියලා දුකට පත් වුනේ නැහැ. ජිවිතය වරද්දවා ගත්තේ නැහැ. තමන්ගේ gay කම ජිවිතයට ලැජ්ජාවක් කරගත්තෙ නැහැ. ජිවිතය සාර්ථකව හාදා ගත්තා. එයයි හැම සමරිසි පුද්ගලයන්ගෙන් විය යුත්තේ...

Homosexual එම නැත්තම් gay කියන්නේ පොන්නයෝ නැත්නම් නපුංසකයෝ නම් නොවේ. මොකද නපුංසකයෝ කියන්නේ පිරිමි උනාට පියයුරු හොදින් වැඩෙන, රැවුල නොවැවෙන, උකුල පුලුල් වුන නාරී දේහයක් දරන නමුත් ශිෂ්ණයක් සහිත ආදී ලක්ෂණ සහිත වද පිරිම්න්ටයි. මේක තමයි අපේ සමාජය වරද්දවා තේරුම් අරගෙන තියෙන්නේ. නපුංසකයෝයි gay අයවයි පටලවා ගෙන තියෙනවා. මේ ලිපියෙන් මා උත්සා කරන්නේ එය නිරාකරණය කර එහි ඇති සත්‍ය පහදා දීමටයි.
ඇත්තටම නපුංසක කියන්නේ කිලයින් ෆෙල්ටර් කියන රෝගයයි. එත් gay අයට ඒ රෝගය නැහැ මොකද සමරිසි පුද්ගලයන්ගේ උකුල් පලල් වෙන්නෙවත් පියයුරු වැඩෙන්නේවත් නැහැ. කොට්න්ම කියනවා නම් gay කියන්නේ කිලයින් ෆෙල්ටර් රෝගීන් නොවේ. එතකොට girlish කියන්නෙත් කිලයින් ෆෙල්ටර් රෝගේ නොවේ. මෙය නපුංසකතාව නොවේ . Girlish කියන්නේ අහිංසක තැන්පත් ලැජ්ජාශීලී ළදබොළද කියන එක. ඒ නිසා එහෙම අය නපුංසකයෝ නොවෙති.

පොන්නයෝ නැත්නම් නපුංසක ගොඩට කිලයින් ෆෙල්ටර් රෝගීන්ට අමතරව වැටෙන තව කොට්ඨාසයක් ඉන්නවා. ඒ අනුන්ගේ අඩුපාඩු හෑල්ලුවට ලක්කරලා විනෝද වෙන, අනුන්ව අපහසුතාවට පත් කරන, sex මත්තේම නැහෙන, වංචා කරන ස්ත්‍රී දුෂණය හා ළමා අපචාර වැනි සපරාධී අපරාධ කරන, ළමයින් වැනි අය වහල් සේවේ යොදවන අන්න එවැනි දීන නීච අධම මේ පොන්න නපුංසක ගණයට වැටෙනවා. එය මේ ලිපිය කියවන අය හොද නුවනින් සිතා බැලිය යුතුයි. ඉතින් අවන්ක යහපත් ආදරය සොයන සමරිසි පුද්ගලයන් පොන්නයෝ නොවෙති. Gay පුද්ගලයන් ආදරය කරන්නේ තවත් පිරිමියෙකුටයි. ඒ කියන්නේ ජිවන සහකරු විදියට තෝරගන්න කැමති තව පිරිමෙයෙක්ව මිස ගැහැණියෙක්ව නොවේ . එක පොන්න කම නොවේ. එකත් ආදරයේ එක් පැතිකඩක්.
ගැහැණියකගෙන් සෙනෙහසක් නොලබපු කෙනෙක්ට පිරිම්යෙක් උනත් සෙනෙහස දෙනවා නම් එහි වරදක් නැත. ආදරේ කරන්න ගෑනුම ඔනේ ද?. අයි බැරි සමනලයෙකුට මලකට ආදරය නොකර තමන් කැමති හිත යන තවත් සමනලයෙකුට ආදරය කරන්න ?. ඇයි බෝහෝ දෙනා මෙය වැරදි විදියට තේරුම් ගෙන මෙය හෙලා දකින්න.... මේ අසරණයන්ගේ දුක, වේදනාව ඔහුන්ට සිදු වෙන අසාධාරණය තේරුම් ගන්නට බැරි?.....

ඒ නිසා ආදරය කියන උතුම් හැගිම් වලට කවුරු කවුරුත් නිගරු කරන්න එපා. සාමාන්‍ය කොල්ලෙක් කෙල්ලෙකුට ආලය කරනවා සේ ඒ හැගීමෙන් සමලිංගිකන් කොල්ලෙක්ට ආලය කරන එකයි තියෙන එකම වෙනස්කම. එම නිසා මෙය මානසික රෝගයකුදු නොවේ. බොහෝ අය සිතන්නේ මොහුන් මානසික රෝගීන් කියලා. එය මානසික රෝගයක් නොවන බව ව්ද්‍යායයන් පැහැදිලි කර දී ඇත. ඒ නිසා අහිංසක සමරිසි ආදරය සොයන අයට පොන්නයා නපුංසයා කියන ඔය කොල්ලොන් පස්සේ යන ඉන්න මහත්වරුන් කරුණා කර හදවතට තට්ටු කර විමසා බලන්න කවුරුන්ද පොන්න නැත්තම් නපුංසක කියා.... එතකොට ඔබේ හදවතම ඔබට පිළිතුරු දෙයි නියම පොන්නකම තියෙන්නේ කවුරුන් ළගද යන වගට සාක්ෂිත් සමගම....