මම මුහුණදුන්නු ඇත්තම සිද්ධියක් ඔයාලටත් දැනගන්න කියන්නම්..

ඇත්තටම මේක උනේ පෙරේදා උදේ පාන්දර..
මම දැනට ජීවත් වෙන්නේ තනියම ගෙදරක, ඉතින් පෙරේදා පාන්දර 2ට වගේ හීනයක් දැකලා මම එකපාරම අවදි උනා, එවෙලේ අපේ පැත්තට හයියෙන් වහිනවා, එනිසාම වෙන්න ඇති වෙනදා රෑට දාලා තියන පොඩි ලයිට් එකේ එළියත් නැතුව මුළු ගේම අන්ධකාර වෙලා තිබ්බේ,
ඒ උනත් මම වතුර ටිකක් බොන්න කුස්සියට යන්න කියලා කාමරෙන් සාලෙට ආවා, කාමරේ ටයිල් නැතුවට, සාලේ ටයිල් කරලා තියෙන්නේ.
අර පොඩි ලයිට් එකත් නැති නිසා මම කළුවරේ කුස්සිය දිහාට ඇවිදගෙන ගියේ බිත්තිය අල්ලාගෙන..
එත් මට පේනවා මගේ හෙවනැල්ල වගේ දෙයක් මගේ පස්සෙන් වැටෙන බව, ලයිට් එළියත් නැහැ, වැස්සට එළියේ අකුණු ගහන්නෙත් නැහැ, එත් මට ටයිල් පොළොවේ මොකක්දෝ හෙවනැල්ලක් පේන්න ගත්තා කුස්සියට යනකන්ම..
කොහොම හරි මම කුස්සියට ගිහින් වතුර ටිකක් බීලා ආයේ එද්දී ඉටිපන්දමක් පත්තුකරගෙන සාලේ හරහා කාමරේට එද්දී නම් මගේ හෙවනැල්ල හැර වෙන මුකුත්ම දැක්කේ නැහැ..
එත් මම අඳුරේ කුස්සියට යද්දී කලින් දැකපු දේට නම් මගේ හිත හොඳටම ගැස්සුනා.. .
මල් කාන්ති - කඩවත

උපුටා ගැනීම - sathya holman katha සතය හොල්මන් කථා



Hewanella holman katha හෙවනැල්ල - මල් කාන්ති - කඩවත

hewanella holman katha හෙවනැල්ල - මල් කාන්ති - කඩවත malkanathi kadawatha

hewanella holman katha හෙවනැල්ල - මල් කාන්ති - කඩවත malkanathi kadawatha

Hewanella holman katha හෙවනැල්ල - මල් කාන්ති - කඩවත
Hewanella holman katha හෙවනැල්ල - මල් කාන්ති - කඩවත

Hewanella holman katha හෙවනැල්ල - මල් කාන්ති - කඩවත hewanella holman katha හෙවනැල්ල - මල් කාන්ති - කඩවත malkanathi kadawatha