මම සත්තකින්ම අත්දැකපු අත්දැකීමක් මේ..

හොල්මන් කියන දේවල් ගැන ලොකු විස්වාසයක් මගේ හිතේ තිබුනේ නැතත් මම හොල්මන් කියද්දිම ඒ වචනවලටත් මම බයයි.. ඒ බය ඇතිවෙන්න මේ සිද්ධි තදින්ම බලපෑව කීවොත් මම හරි..

අපේ ගෙවල් වලට ඉස්සරහින් අක්කර 24ක් ලොකු වත්තක් තිබුන..අපේ ගෙදර හිටියේ නංගියි මම යි විතරයි..පිටස්තර කෙනෙක් දවල්ටවත්එන්න හිතන්නැති තරම් බය හිතෙන පෙනුමක් මේ වත්තට තිබුනත් අපි පුංචි කාලේ ඉදලම මේ වත්තේ අස්සක් මුල්ලක් නෑර සෙල්ලම් කරපු නිසාදෝ.මේ වත්ත ගැන බයක් අපිට තිබුනේ නෑ.. කතාවට කීවේ ඒ වත්ත අයිත්කාර කට්ටිය අපේ ⁣ලෙේ ඥාතීන් නිසා අපිට ඒ වත්තෙ තිබුන කියන අද්භූත දේවල් වලින් බලපෑමක් නෑ කියල..කොහොමහරිඒ වත්තට අපි අපේ හරක් බඳින්න ගේන්න නිතර ගියා..මහ රෑ උනත් දවාලක උනත් අපිට ඒකේ ⁣ලොකු වෙනසක් තිබුනේ නෑ..කොහොමත් පිරිමි ළමයෙක් නැති නිසා අම්මට තාත්තට ගෙදර වැඩ වලට පිරිමියෙක් වගේ උදව් දෙන්න නංගිටයි මටයි සිද්ද උනා..නැතත් කවදත් කාටවත් කරදර කරන්න අපිට පුරුද්දක් තිබුනේ නෑ.. ඒත් අම්ම කොයි තරම් අපිට කීවත් හයෙන් පස්සේ හරක් ගෙන්න හෙම යන්න එපා කියල අපි යන්නෙම ඒ වෙලාවට..වෙලාසන ගියත් එන්නේ හරක් අරගන හයහමාරට විතර. ඔය කියන දවසෙත් හයහමාරට විතර ගියා කියමුකෝ.. එදා හරක් බැඳල තිබුනේ අර වත්තේ ⁣බංගලාව ගාව..බංගලාව ගැන කියනවනං ඒක තාත්තල පුංචිම කාලෙත් තිබුනලු ඒ කියන්නේ දැන් එකට අඩුම අවුරුදු 100ක් විතරවත් ඇති..පාළු පාටයි..පාරදිගට ලොකු අරලිය ගස්වලින් හෙවන වෙලා තිබුන නිසා දවල් කාලෙටත් පට්ටම අඳුරුයි.. ඒ ගෙදර කිසිම මුරකාරයෙක්ට ඉන්න බෑ.පිස්සු හැදෙනවා..ඒත් අපේ අම්මගේ තාත්ත මැරෙනකම්ම ඒ ගෙදර හිටිය..ඒත් එයාට විතරක් කිසිම දෙයක්උනේ නෑ..ඔය කාලේ වෙද්දි සීයත් නැතිවෙලා..බංගලාවේ කව්රුවත්ම නෑ.. හද්ද මූසලයි..එහෙමයි කියල නංගියි මමයි කවදාවත් වෙලාසන හරක් අරං යන්න එන්නේ නම් නෑ.. කෝමින්හරි එදා හරක් ලෙහන්න එද්දි තද මකුනු ගඳක්.. අර පොලොංගු කට ඇරියම එනව කියන්නේ..ඒ වගේ පුදුම ගඳක් තිබුන..මම නංගිට කීව පරිස්සමෙන් පොලඟෙක් ඉන්නව වගේ කියල..කොම හරි උඩින් උඩින් පැන පැන ගිහින් හරක් ටික ලෙහුව කියන්නකෝ..එක වහුපැටියෙක් වැටිල ඉන්නව..ලඟට ගිහින් බලද්දි උගෙි ඇලපත දිගේ පහලට ලේ වැක්කෙරෙන පාරක් තියෙනවා.. නංගි ඒක අල්ලල බලන්න යද්දි මම බැන්න..පිස්සි අල්ලන්න එපා, මූ මෙහෙම හිටපුවාවයි.. අපි ගිහින් අම්මට කියමු කියල අනිත් හරක් අරන් ගෙදර ගියා..අම්මට විස්තරේ කියල අම්ම එක්ක ආවා වහුපැටිය ලඟට..එතන ලොකු සියඹලා ගහක් තියෙනවා..ඒ ආසන්නයේ තමයි පැටිය වැටිල හිටියේ..ඒක නෙමෙයි මයිල් කෙලින් වෙන වැඩේ.. අපි යනකොට අර පැටිය හොඳට නැගිටල තනකොල කකා ඉන්නව..උගේ ලේ ගිය පාරක්වත් නෑ.. නංගියි මමයි ඇස් ලොකුකරගන බලන් හිටිය.. ඇයි දෙයියනේ නංගි ලේ පාර අල්ලන්නත් ගියා..වහුපැටිය වැටිල හිටියෙත් මැරෙන්නම වගේ..අම්ම ⁣මුකුත්ම නොකිය තොල්පට තදකරගන ලනුව අරං ඉස්සර වෙලා ආවා..අපි පිටිපස්සෙන් ආවා..ගෙදර ඇවිදින් අම්ම හරකාව බැඳල ඇවිදින් කීව ' ඔයාල දෙන්නට ලැබුන අන්තිම අනතුරු ඇඟවීම මේක වේවි.. පරිස්⁣සමෙන් කියල..මොකද ඊට කලිනුත් අපි දෙන්නට ඔය වගේ අද්භූත සිද්ධි දෙකක් වෙලා තිබුන..ඒත් අදටත් මට හිතාගන්න බෑ..මොකක්ද එතන සිද්ද උනේ කියල..ලොකු රැක්මක් අපි වටේ තියනව..මොකද මොනරැයක ගියත් කොයිම ගමනක් ගියත් මේ වෙනතුරු කිසිම අනතුරක් වෙලා නෑ අපි කාටවත්.. කිසිම කෙනෙකුට අපි වරදක් නොකරන නිසා⁣ වෙන්නැති..ඒත් තාත්ත කියන විදියට වෙනත් බලයක් අපි වටා තියෙනවා ..ඒක මට දැනෙනවා.. ඒත් අපි දැකපු දේ..ඒක මනස්ගාතයක් කියල කෙනෙකුට හිතෙන්න පුලුවනි..ඒත් ඒක නංගියි මමයි දෙන්නම දැක්කේ කොහොමද කියන එක තමයි මට අදටත් තියෙන ලොකුම ප්‍රශ්නේ...



හොල්මන් කතා

හොල්මන් කතා holman katha

හොල්මන් කතා,holman Katha

හොල්මන් කතා holman katha

හොල්මන් කතා
හොල්මන් කතා

හොල්මන් කතා හොල්මන් කතා holman katha හොල්මන් කතා,holman Katha