මේ 2007 කාල වකවානුවේ වූ සිදුවීමකි.විශ්ව විද්‍යාලයේ 2 අවුරුද්දේ ව්‍යාපෘතියකට අනුව වනාන්තරය පිළිබද දවස් කිහිපයක් තනි තනියෙන් ගතකොට එහිදී තමාට දනුනුදේ / තමා ජිවත් වූ ආකාරය පිළිබද සටහනක් දීම සදහා පිටත් වීම සදහා අපේ batch එකේ සිටි සැවොම පිටත් විය.මෙහිදී මෙය කණ්ඩායම් ව්‍යාපෘතියක් වූයේනම් කොතරම් හොදයිදැයි මට සිතුනේ වනාන්තරයේ තනියම යාමට සිදු වීමේ කුඩා චකිතයක් හිතේ ඇති වූ බැවිනි.නමුත් මෙය යා යුතුම වුවකි.කෙසේ නමුත් මා මෙයට තෝරා ගත්තේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතට මායිම්ව පිහිටි දිය උල්පත නමින් වූ එතරම් ප්‍රසිද්ද නැති මිනිස් ජනවසයකින් තොර වූ නමුත් ඉතා විශාල වනාන්තරයක්ය..අවශ්‍ය සියලු දේ ලෑස්තිකරගෙන අදාල ප්‍රදේශයට මා පැමිණෙන විට වෙලාව රාත්‍රී 7 වී තිබුණි...එදින මා පළමු රාත්‍රිය ගතකිරීම සදහා ඉතා සුවිසල් ගසක් යට සුවපහසු තැනක් තෝරා ගත්තෙමි...අවශ්‍ය ඇදුම් ඇදගෙන රාත්‍රී ආහාරයද ගෙන මදක් මම මගේ කුඩාරමට වී හාන්සි වී විනාඩි කිහිපයක් වනතරයේ නැවුම් සුවද විදිමින් අඩ නින්දකට ඇද වැටුණි.නමුත් එක පාරටම මා තිගැස්සී ඇහැරුනේ කාන්තාවකගේ සිහින් විලාප සද්දයක් වනාන්තරයේ ඇතුලින් ඇසුණු නිසාය.එය කුමක් නමුත් ඉතා වේදනා විලාපයකි.නමුත් මිනිස් ජනවසයකින් තොර වූ මේ කලාපයේ මේ මහා රැ...!!!...මෙයනම් මාගේ මනස්ගත්යක් යැයි සිතා මටම සිනාසී මම ඉතා සුව නින්දකට වැටුණි...පසුදා මම අවදි වුයේ කුරුල්ලන්ගේ හඩ ඇසීමෙනි...නාගරික බවෙන් මිදී මිනිසුන්ගේ තොර වූ මෙවැනි පරිසරයක හැමදාම ඉන්නට තිබෙනවානම් කොච්චර දෙයක්දැයි මා කල්පනා කරමින් උදැසනම ලෑස්ති වුයේ වනාන්තරය ඇතුලට ගොස් එය ගවේෂණය කිරීමටය...ක්‍රම ක්‍රමයෙන් මා වනාන්තරය ඇතුලටම ගවේෂණය කරමින් google map එකේ පිහිටෙන් ඉදිරියටම ගියෙමි...මා මෙසේ යන විට තරමක් දුරට මැටි වලින් සැදු නමුත් ඉතා විශිෂ්ට අන්දමින් නිම කල නිවසක් දුටු මම හොල්මන් වුයේ මෙම වනාන්තරයේ තනිවම සිටින්නේ මා පමණක් නොව වෙනත් කවුරුන්හෝ සිටින බව දැනුනු හෙයිනි...මා මෙම නිවස අසලට ගොස් හඩ නගා කැ ගැසුවෙමි...එවිට මැදි වියේ පුද්ගලයන් දෙදෙනෙක් නිවසින් එලියට ආ අතර ඔවුන් මා දකිමෙක් තුශින්න් බුත වී පුදුමෙන් වගේ මා දෙස බලා සිටි අතර එයින් එක් පුදගලයෙක් මා හට කතා කලේ ඉතා සුහද අයුරකින්ය...මහත්තය මේ පාලු කැලේ තනියෙන් මොනවා කරනවද ඔවුන්ගෙන් එක් අයෙක් මගෙන් ඇසිය...ඉන්පසු මා පැමිණි හේතුව ඔව්න්ට පැවසු පසු ඔව්න් දෙදෙනාම එකවර සැනසුම් හෙළුයේ මටද ප්‍රස්නර්තයක්ද ඉතිරි කරවමින්ය...ඔවුන්ගෙන් එක් අයෙක් පියසේන නමින් හැදින් වූ අතර අනෙකා සුනිල් බවු ඔව්න් සමග කතා කරන විට මට කීය...මහත්තය යමු ගේ ඇතුලට අපි වාඩි වෙලා කතා කරමු යයි සුනිල මට කි අතර මා හට ඔවුන් දෙදෙනා ගැනම සැක ඇති විය...නමුත් නිවස තුල ඔව්න්දෙදෙන සමග කතා බහ කරමින් ඔවුන් සමග කුලුපගු වී මිත්‍ර කතා බහක වැටුණි...ඔව්න් මෙහෙ සිටින හේතුව මට එහිදී දැනගන්නට ලැබුණි...මෙහිදී ඔව්න් මට කි අයුරින්නම් ඔවුන් දෙදෙනා ගමේ සොරකම් වල නිරත වූ හොරු දෙදෙනෙකි...ගම් වැසියන්ට ඔවුන් කල හොර කම් දැනගන්නට ලැබුණු නිසාවෙන් සහ පොලිස්යෙන් ඔවුන් සොයන නිසාවෙන් මිට මස 6 පෙර ගමෙන් පැන ගොස් ඔවුන් මේ ස්ථානයට පැමිණ තිබෙන්නේ ජීවිතය බේරා ගැනීම සදහාය...මේ කතාව අසු පසු මට ඔව්න් ගැන තිබු සැකය පහව ගිය අතර පෙරදා රාත්‍රියේ මට ඇසුණු කාන්තාවගේ විලාප හඩ ගැන ඔව්න් දෙදෙනාට පැවසීමි...එවිට පියසේන කිවුයේ මේ කැලැවේ ඔය හුලන් හමන සද්දය කදු ගැටී වල වැඩි දෝංකාරය දෙද්දී ඔය වගේ සද්ද ඇහෙන බවය...කෙසේ නමුත් ඔවුන් දෙදෙනා සමග මා ඇති කරගත් දැඩි මිත්‍රත්වය හේතුවෙන් අද රාත්‍රියේ ඔව්න්ගේ නිවසේ නතර වෙන මෙන් ඔව්න් මගෙන් ඉල්ලා සිටියේය...එය ඉතා කැමැත්තෙන් මා බාරගත් අතර මහත්තයට නාන්න ඕනෙනම් මේ ඇලෙන් නගන්න යයි නිවසට යාර කිහිපයක් එහායින් තියන ඇල ඔව්න් මට පෙන්නිය...වනාන්තරයේ ඇවිද දැඩි වෙහෙසකරක් මට දැනුනු නිසා එදින හවස මා දෙවරක් නොසිතා හිතේ හැටියට නාගැනීම සදහා ඇලට ගියෙමි...කෙසේ නමුත් මම නාන අතර මට නැවතත් පෙරදා ඇසුනක් මෙන් කාන්තාවකගේ විලාප සද්දය අසුනේය...නමුත් පුදුමයට කරනුනනම් එම සද්දය අසුනේ සුනිල්ගේ හා පියසේනගේ නිවාස අසලින්ය...මම ඉතා ඉක්මනින් නාගෙන නැවතත් නිවසට ගියේ මේ පිලිබදව ඔව්න්ට කිසිවක් නොකියන බව හිතගෙනය...මා නිවසට යද්දී ඔවුන් කෑම පිසිමින් සිටි අතර මම නිවාස ඇතුලත ගොස් තව දුරටත් විපරම් කළේය...එහිදී දොරවල් දෙකක් අගුලු ලා තිබුණු අතර එයින් මට දැඩි පුළුටු ගදක් මිශ්‍ර දුර්ගන්දයක් දැනින්...ඒ මොහොතේම මගේ බාහුව මත යමෙක් ස්පර්ශ කිරීමෙන් මා තිගැස්සී නැවත හැරී බැලු අතර එහි සිටියේ පියසේනයි...මහත්තයා මොකද මෙතන කරන්නේ...ඔහු ඇසුවේ තරමක් කොපයෙන්ය..මහත්තය රෑ කෑම රෙඩි...අපි යමු කන ගමන් කතාකරමු ඔහු කි අතර අපි කෑම මේසෙට ආ අතර එහි ප්‍රනීත කෑම දක්නට තිබිණි...බත් එයල්වලු වර්ග මෙන්ම මස් ද විය...මේ තියෙන්නේ දඩ මස් අපේ සුනිල් ලොක්ක තමා හැදුවේ මහත්තයත් කාල බලන්න කියා ඔහු මට බත් එළවලු මෙන්ම මස් ද බෙදුවේය...එය ඇත්තක්ය බත් කන විට මම ඔහුගේ ඉවීමේ හැකියාව ප්‍රසංසා කල අතර ඔහු එයින් සතුටු වූ බවක් පෙනිණි...බත් කන විට මම මෙම දඩ මස් ද කැ අතර මෙහිදී මට අමුත්තක් දැනිණි...එය ඉතා ප්‍රනීත අතර මෙය මා කිසි දිනක නොකැ මස් වර්ගයක් විය...ඔවුන්ගෙන් මෙය විමසු කල සුනිල් කිවුයේ මේ කාලයේ ඕන තරම් ඉත්තෑවෝ හාවෝ සත්තුන්ගෙන් හදන දඩ මස් බවයි...කෙසේ නමුත් බත් කා ඉවර වූ පසු තොලකට සප්පායන් වීම සදහා ඔව්න් ගාව රා කලද විය...මහත්තයාත් බොන්න මේවා ඔරිගීනල් ගමේ බඩු යයි ඔව්න් කිය...කෙසේ නමුත් මම මත්පැන් බොන්නේ නැති නමුත් රා කෝප්ප 2ක් විතර බිවෙමි...ඔව්න්ද ඇති තරම් රා බොමින් වෙරි මතින් සිටි අතර නිවසේ කාමර පරික්ෂා කිරීම සදහා මා මෙය අවස්ථාවක් කරගත්තෙමි...ඔව්න් දෙදෙනා සාලේ ඇති පදම් බොමින් වල් පල් දොඩවා දොඩවා සිටි අතර අගුලු දමා තිබු කාමර දෙක මත මම අඩියට දෙකට ගියේ හිතේ ඇති වූ කුතු හලයත් නිසාය...කෙසේ හෝ මහත් පරිශ්‍රමයක් දරා එක් කාමරයක දොරක් අරගත් මම එකේ ඇතුලට ගියෙමි...එහිදී මම දුටු දෙයින් මගේ මුළු ඇගම පන නැතිව ගියා වගේ මට දැනුනි...මනුෂ්‍ය හිස් කිහිපයක්...අත් ඇටකටු බඩවැල් සි සි කඩ කාමරය පුරා විසිරි තිබුණි...තවද බෙහෙත් කුප්පි වල දමා තිබු ශරීර අවයව අඩංගු රාක්කයක්ද එහි තිබුණි...එත් සමගම සිසිල් සුලන්දරාවක් මගේ ඇගේ දැවටී එලියට යන බව මම දුටිමි...එලියට ගියපසු මම දුටුවේ ලස්සන සුන්දර අවුරදු 32 පමණ කාන්තාවක්ය...එම කාන්තාව නිවස පාමුල ඇති ප්‍රපාතයට දුවගෙන අයුරු මම දුටු අතර ඇය පසුපසද මමත් ගියෙමි...එයි ඔහොම නවතින්න තවත් ඔතනින් එහාට යන්න දෙයක් නැ...ඔතනින් එහා බැවුම තියෙන්නේ යැයි මම ඇයට පැවසුවද ඇය මා දෙස එක්වරක් බලා ප්‍රපාතයෙන් පහලට පැන්න අතර මමද එහි දිව ගියෙමි.මෙතනින් පන්නොත්නම් ඉතින් කැලි තමා ඉතුරු වෙන්නේ යයි මම සිතමින් මමද ප්‍රපාතය පාමුලට දිව ගියෙමි..එත් සමගම මගේ දුරකතනයට කෝල් දී මගේ සියලු යහළුවන්ට මේ පිලිබදව ඉතාමත් ඉක්මනින් අකුරක් නැරවම කියූ අතර .එත් සමගම නිවස දෙසින් බුදු අම්මෝ බේරගින්යෝ මුළු කැලයම දෙවනත් කරමින් පියසේන හා සුනිල් එක හඩින් කැ ගැසූ අතර මමද එහි දිව ගියෙමි..මා යන විටත් පියසේනගේ ඔලුව දෙකට පැලී මොලයේ කැලි සි සි කඩ විසිරි තිබුණු අතර එය දුටු මට සිහින නැති වුණා පමණි...එත් සමගින් අගුල නොකඩු අනිත් කාමරයේ සුනිල් විලාප දෙන හඩ ඇසි මමද එහි දිව ගියෙමි...මා යන විටත් මා දුටු දේට වමනෙට නො ආවා පමණි...සුනිල්ගේ අත්දෙක ට්‍රොලියක තබා බැද තිබු අතර ඔහුගේ කකුල් දෙකේම යටි මහපට ඇගිල්ලේ සිට දනිස්සට උඩින් දක්වාම පිහියකින් කපා කකුලේ මස් එලියට ඇද දමා තිබු අතර ඔහුගේ බඩේ සිට බෙල්ල තෙක් පිහියකින් කපා බඩවල් සහ හර්දය වස්තුව එලියට ඇද තිබුණි බඩවැල් සහ කකුලේ මස් තැනින් තැන කා තිබු අතර පුදුමයට කරුණනම් සුනිල් සිටියේ තාමත් ජිවතුන් අතරය...එහිදී ඔහු සිහින් හඩින් මාව බෙරගනින් යයි පැවසු අතර ඔහුගේ සිරුරට එහා බඩවැල් එලියට ඇද දැමු ශරීරය තැනින් තැන කපා තිබු ඒ හා සමානව කාන්තා මලසිරුරද විය...එම සිරුර දුටු පසු මගේ කොදු අට පෙලේ සීතලක් ඇවිදින් මොලයේ විසිරි ගීයක් මෙන් දැනිණි...ඒ සිටියේ ඇයයි...අර ප්‍රපාතයෙන් පහලට පැනපු ඇයයි...තවත් මෙවැනි දේවල් දැකීමට මගේ මනස ඔරොත්තු නොදෙන බැවින් එය දුටු විගසම මගේ සිහි නැති වුනි...නැවත මගේ සිහිය එන විට මා දුටුවේ මගේ යහුලුවන්ගේ මුහුණුය...මා සිටියේ එම පළාතේ ප්‍රසිද්ද ආයුර්වේද බෙහ්ත් දෙන තැනකය ...උබනම් සිරා බේරිල්ලක් බේරිලා තියෙන්නේ...උබනම් දෙයින්ගේම පුතෙක් මොකක්ද යකෝ උබට උනේ මගේ යාලුවන්ගෙන් මට ප්‍රෂපත්තරයක් ඉදිරිපත් විය...කොහොම උනත් ප්‍රදේශයේ පොලිස් වසම භාර ඉන්ස්පෙක්ටර් සහ මිඩියා වලින්ද ඇවිත් සිටි අතර ඉන්ස්පෙක්ටර්ගෙන් සියලු සිදුවීම් අප දනත්තෙමු...කරුණු කරනා වලට අනුවනම් පියසේන සහ සුනිල් නම් පුද්ගලයන් දෙදෙනා සත්‍ය වශයෙන්ම හොරු නොවුහ...ඔවුන් දෙදෙනා මනුෂ්‍ය අවයව ජාවාරම් කරන පුද්ගලයන් දෙදෙනෙකි...පිට පළාත් වලින් මිනිසුන් පහරගේනවිත් ඔව්න් මරා ඔව්න්ගේ පටක අවයව රජයේ දොස්තරලගේ ආධාරයෙන් පිටරට පටවන් පුද්ගලයන් දෙදෙනෙකි...මෙම සිදු වීම සම්බන්දයෙන් රටේ නමගිය වෛද්‍යවරු පස් දෙනෙක් අත්අඩංගුවට ගත අතර මෙය රටේ නම ගිය පුවතක් විය...නමුත් මෙම සුනිල් සහ පියසේන යන පුද්ගලයන් දෙදෙනා පිළිබද මම මගේ සාක්ෂිය දුන්නේ ඔව්න්ට සිටි සතුරන් ඔව්න්ව මාරා දැම්මා කියාය...මොකද සත්‍ය වශයෙන්ම මම දුටු දේ ඔව්න් විශ්වාස නොකරන නිසාය...නමුත් මේ මොහොතේදී මට විසදිය නොහැකි අභිරහස වන්නේ සුනිල් සහ පියසේන මරා දැම්මේ මම දුටු කාන්තාවගේ අවතාරයද...සුනිල් සහ පියසේන මට කන්න දුන්නේ අර මරා දාපු කාන්තාවගේ මස්ද...නමුත් ඇයි ඇය මරා දැම්මේ නැත්තේ...මේවා තවමත් මට පිළිතුරු නොලැබුණු අභිරහසක්ම විය...

[ සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියු කතාවකි ]



Wilapaya - කාන්තාවකගේ සිහින් විලාපය Holaman Katha

kanthawakage wilapaya - කාන්තාවකගේ සිහින් විලාපය holaman katha

kanthawakage wilapaya - කාන්තාවකගේ සිහින් විලාපය holaman katha

Wilapaya - කාන්තාවකගේ සිහින් විලාපය Holaman Katha
Wilapaya - කාන්තාවකගේ සිහින් විලාපය Holaman Katha

Wilapaya - කාන්තාවකගේ සිහින් විලාපය Holaman Katha kanthawakage wilapaya - කාන්තාවකගේ සිහින් විලාපය holaman katha