අවශ්‍ය ද්‍රව්‍ය
-
කුරක්කන් පිටි ග්රෑ200
-
කිතුල් පැණි මිලි 150
-
රතුසීනි ග්රෑ 20
-
සිහින්ව ගාගත් පොල්
-
පොල්කිරි ස්වල්පයක්
-
ලුණු අවශ්‍ය පමණට
සාදන ආකාරය
පළමුව කුරක්කන් පිටි, ලුණු හා පොල් කලවම් කොට වතුර ස්වල්පයක් ඉස ගන්න. ඉන්පසු ඉතා කුඩා පිටිකැට සාදා තැම්බුනාට පසු වෙනත් බදුනකට දමා පොල්කිරි ටිකක් වත්කර තබා නිවෙන්නට හරින්න. ඉන්පසු පැණි, සීනි, ලුණු භාජනයකට දමා ලිපෙහි හොදට රත්වන විට තම්බාගත් පිටි කැට කලවම් කරන්න. මෙය විටින් විට කලවම් කරගත යුතුයි. තලම ප්‍රමාණයේ පදමට එනවිට ලෑල්ලක දමා තුනීකර නිවෙන්නට හැර කෑලි කපාගන්න. ඉන්පසු ඔබට ඔබ විසින් සාදාගන්නා ලද රසවත් කුරක්කන් වැලිතලප වල රස බැලිය හැකිය.
