පන්සල්වලට පහර දෙන්න සැලැස්මක්

ජාතික තවුහීද් ජමාද් සංවිධානයේ කාන්තාවන් උපයෝගී කොටගෙන විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක් ජාතික බුද්ධි අංශයේ නිලධාරීන් විසින්ම අනාවරණය කරගනු ලැබ ඇත. එම ප්‍රහාරයන් සිදුකිරීම සඳහා

ගෙනැවිත් තිබුණු කාන්තාවන් අඳින සුදු සායවල් සහ හැට්ට කට්ටල 5ක් සයින්දමරුදු පිපිරීම සිදුවුණු නිවාස පරීක්ෂා කිරීමේදී සොයා ගනු ලැබිණි.

මෙම පිරිස ඉකුත් 19 වැනිදා මේවා මිලදීගෙන ඇත්තේ ගිරිඋල්ලේ අලෙවි සලකිනි. රුපියල් 29,000ක පමණ වටිනා කාන්තාවන් අඳින සුදු ඇඳුම් කට්ටල 9ක් සහ යට ඇඳුම් ඇතුළු රෙදිපිළි මිලදීගෙන තිබේ.

පසුගියදා බෝම්බ පුපුරුවා ගත් නිවෙසේ තිබියදී මෙම ඇඳුම් සොයාගෙන ඇති අතර සුදු පැහැති ඇඳුම් කට්ටල 4ක් එම ස්ථානයේ තිබී නැත. එම වෙළෙඳසලේ සී.සී.ටී.වී. කැමරාවලද මෙම කාන්තාවන් වෙළෙඳසලේ රෙදි මිලදී ගැනීමට එන ආකාරය සටහන්ව ඇත.

ඉතිරි සුදු ඇඳුම් කට්ටල 4 සොයා ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වමින් සිටිති. මෙම සුදු ඇඳුම් කට්ටල විහාරස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා ගෙන එන්නට ඇති බවට රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීහු සැක පහළ කරති.

මේ අතර පසුගිය 26 වැනිදා කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරුවාගෙන ජීවිතක්ෂයට පත් ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන් පිරිසක් ඉකුත් 19 වැනිදා මීරිගම පොලිස් වසමේ ගිරිඋල්ල, හද්දාමුල්ල ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසලකින් රෙදි මිලදීගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය හා මීරිගම පොලිසිය එක්ව ඊයේ (28දා) පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පිපිරීමට අදාළ නිවෙසේ තිබී හමුවූ බෑගයක සඳහන් වී තිබූ ලිපිනය පරීක්ෂා කිරීමේදී ඉකුත් 19 වැනිදා මුහුණු ආවරණය කරගත් ඇඳුම් ඇඳගත් කාන්තාවන් තිදෙනකු මෙම වෙළෙඳසලෙන් රුපියල් තිස් දහසක් පමණ වටිනා රෙදිපිළි මිලදීගෙන ඇති බව ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂාවේදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි. මෙම පිරිස සුදු පැහැති වෑන් රියකින් පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර එහි අංකය හඳුනාගැනීමටද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙම වෙළෙඳසලේ මෙන්ම නාල්ල ප්‍රදේශයේ හෝටල් ඇතුළු ස්ථාන කිහිපයක ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමට පොලිසිය ඊයේ (28දා) දහවල් කටයුතු කරනු ලැබීය. මෙසේ රෙදි මිලදීගෙන ඇති කාන්තාවන් පිරිස කල්මුණ සයින්දමරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරුවා ගැනීමෙන් මරණයට පත්වූ පිරිස හෝ ඔවුන්ගේ සාමාජිකයන් දැයි අනාවරණය කරගැනීමට පොලිස් පරීක්ෂණ පැවැත්වේ.


පන්සල්වලට පහර දෙන්න සැලැස්මක් pansala walata pahara denna selasmak Gossip News Sinhala

පන්සල්වලට පහර දෙන්න සැලැස්මක්පන්සල්වලට පහර දෙන්න සැලැස්මක්. GossipClanka.com . ජාතික තවුහීද් ජමාද් සංවිධානයේ කාන්තාවන් උපයෝගී කොටගෙන විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල ...පන්සල්වලට පහර දෙන්න සැලැස්මක් pansala Walata Pahara denna ...පන්සල්වලට පහර දෙන්න සැලැස්මක් pansala walata pahara denna selasmakපන්සල්වලට පහර දෙන සැලැස්මක් | Sri Lanka Latest Breaking ...ජාතික තවුහීද් ජමාද් සංවිධානයේ කාන්තාවන් උපයෝගී කොටගෙන විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක් ජාතික බුද්ධි අංශයේ නිලධාරීන් විසින්ම ...facebook skype yana kello dana ganna - minisilu.comපන්සල්වලට පහර දෙන්න සැලැස්මක්. පන්සල්වලට පහර දෙන්න සැලැස්මක් pansala Walata Pahara denna selasmak. හදිසි නීතිය යටතේ බුර්කාව අද සිට තහනම් කරයිපාසල් අධ්‍යාපනයේ මුලුබර මව්පියන්ගේ කර මත පැටවීමේ සැලැස්මක් ...පහර දෙන උපකරණ ගෙන්වන්න තමයි මේ විදියට ආරක්ෂක වැය ශීර්ෂ ඉහළ දමන්නෙ. ඒ නිසා ආරක්ෂක වියදමට බෙදන්න දික් වෙන මේ අයගෙ හැන්ද අධ්‍යාපනයට ...Vikings [S05: E11] | සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න ...ඒ වගේම සහෝදරයෙක් ඉල්ලලා තිබ්බ කමෙන්ට් එකකින් මේ ස්ථාන ගැන සඳහන් සිතියමක් වගේ ලකුණු කරලා විස්තරයක් දෙන්න කියලා.ගෙවල් දෙන්න කළින් විදුලිය දෙන්න – බන්දුල ගුණවර්ධනඔවුන්ට මේ ආණ්ඩුව සහාය දෙන්නෙ නෑ. ඒ වෙනුවට ඡන්දය බලාගෙන අලුත බඳින ජෝඩුවලට ගෙවල් හදන්න ණය දෙන්න ආණ්ඩුව විශාල ප්‍රචාරයක් ලබා දෙනවා.ත්‍රස්තවාදී වෙඩිතැබීමකදී ඔබ කළ යුතු දේ (කියවා බෙදාගන්න ...අතට අසු වන දෙයින් පහර දෙන්න. ප්‍රහාරය වැඩිදියුණු කරගන්න. ... හදිසි අවස්ථාවකදී කටයුතු කරන ආකාරය ගැන සැලැස්මක් සකස් කරගන්න. පවුලේ අය ...අපිට නීතිය අතට ගන්න දෙන්න එපා - අගරදගුරු හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්අපිට නීතිය අතට ගන්න දෙන්න එපා - අගරදගුරු හිමියන්ගෙන් අනතුරු ...මොරගහකන්ද ජලාශයෙන් කන්න තුනක් වගා කරන්න ජලය දෙන්න පුළුවන්‘‘Lankadeepa.lk – Sri Lanka 24 Hours Sinhala Breaking News : News, video news, Latest News Hot news,Goship ,Politics, Video, Finance, Business, Sports, Entertainment ...