නව කථාව බිහි කිරිමට පුරෝගාමි වූ ඇල්බට් සිල්වා මහතා Nawa Kathawa Bihi Kireemata Puroogami Wu Albat Silva Mahatha
බෙන්තොට පහුරුමුල්ල වසමේ ගම්මුලාදෑනි තනතුරක් ඉසිලු කංකානම් පතිරණගේ දොන් අරනෝලිස් ද සිල්වා ගුණසේකර මහතාට සහ අස්සල ආරච්චිගේ උංගෝ හාමිනේ මැතිනියට 1866 ජුනි 27 වන දින උපත ලැබූ පුත් රුවන ඇල්බට් සිල්වා නම් විය.පසු කලෙක සිංහල සාහිත්‍යයේ පෝෂණයට හේතු වූ නවකතාව බිහි කිරීමේ පුරෝගාමියා ලෙස මොහු ප්‍රචලිත විය.කුඩාකල ලංසි පල්ලිය නමින් ප්‍රසිද්ධව තිබූ බෙන්තොට ද්විභාෂා පාසලේ ඉගනුම ලැබූ ඇල්බට් කුමරා වනවාසී රජමහා විහාර පිරිවෙනින් පාලි, සිංහල , සහ සංස්කෘත යන භාෂා හදාළේය. එම පිරිවෙනේ ඇදුරුතුමකු වූ කෝම්මල හිමියන්ගේ ඇසුර නිසාවෙන් කුඩා ඇල්බට් හට කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳ වූද හැදෑරීමට හැකියාව ලැබුණි. අනතුරුව උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා කෝට්ටේ මිෂනාරී පාඨමාලාවට ඇතුළු වී ඉංගී්රසි භාෂාවත් ලතින් භාෂාවත් හැදෑරූවේය.පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව බලපිටිය උසාවියේ ලිපිකරුවකු ලෙස රැකියාවක් කළේය. එම කාලයේදී ද පෙරදිග භාෂා ශාස්ත්‍රය පිළිබඳ දැනුමක් ලබා ගැනීම පිණිසත් දේශීය දෑ පිළිබඳ වූ ඇල්ම නිසාත් අවට විහාරස්ථානයන්හි විසූ භික්ෂූන් වහන්සේලා ඇසුරු කිරීමට ඇල්බට් මහතා පෙළෙඹුණේය . එසේම පාසල් ආශි‍්‍රතව සිදුවන ආගමික උත්සව වලට සහය වෙමිනුත් කවි ගී රචනා කරමිනුත් කලාකාමී ජීවිතයක් ගත කළ එතුමා පුවත්පත් සඟරා ආදියටද ලිපි සැපයීම සිදු කළේය.
පස්දුන් කෝරළ මුදලිගේ කාර්යාලයේ රැකියාවක් ලැබුණු බැවින් උසාවියේ ලිපිකරු තනතුරෙන් සමුගතතේය. ඇල්බට් මහතා, මේවන විට පුවත්පත් වලට ලිපි සැපයීම නිසා තරමක ප්‍රසිද්ධ පුද්ගලයකු බවට පත් වී සිටියේය. එවකට කොළඹ තිබූ පොත් ප්‍රකාශකයින් බොහෝ දෙනෙක් මෙතුමාගේ මිත්‍රයන් වූහ .එවන් මිත්‍රයකු වූ සී. දොන් බස්තියන් මහතා තම පුවත්පත වූ “ දිනපතා ප්රවෘත්ති “ නම් පත්‍රයේ සහය කතුවරයා ලෙස ඇල්බට් මහතා පත් කරගත්තේය. තම රැකියාවත් , ගමත් අත හැර කොළඹට පදිංචි වීමට එතුමාට සිදුවූයේ එහෙයිනි.තම සාහිත්‍ය ජීවිතයට කොළඹ ජීවිතය පිටිවහලක් කරගත් ඇල්බට් මහතා තම විවේක කාලය , ග්රන්ථ කරණයට , පරිවර්තනයට , සඟරා සංස්කරණයට ශාස්ති‍්‍රය වාද විවාද ආදියට යෙදීමට වගබලා ගත්තේය.දැනුමෙන් බොහෝසෙයින් සරුසාර වූ ඇල්බට් මහතා නැවතත් ලිපිකරුවකු ලෙස අලුත් කුරු කෝරළයේ මිනුවන්ගොඩ කෝරළ මුදලි කාර්යාලයේ ප්‍රධාන ලිපිකරු තනතුරුට පත්ව ගියේය. මිනුවන්ගොඩ අඹගහවත්ත නම් ප්‍රදේශයේ පදිංචි වූ ඇල්බට් මහතා තම වියත් ඇසුර හා ශාස්ති‍්‍රය කටයුතු වැඩිදියුණු කරගෙන ගියේය. සාහිත්‍ය කෘති පහක් පමණ සම්පාදනය කිරීමට මෙතුමාට හැකි විය. 1888 දී මෙතුමාගේ මුල්ම කෘතිය වූ පන්දු කෙළිය පළවිය. 1892 දී එතුමාගේ ප්‍රථම නවකතාව වූ විමලා ද , ඉන් අනතුරුව “ වෙසක් දූතයා” , “ සිරිබාරි “ ආදී නවකතා ද පළවිය. අරාබි නිසොල්ලාසයේ පළමුවන කාණ්ඩය 1892 දී මුද්‍රණය වූ අතර එතුමාගේ පරිවර්තන හැකියාව ඉන් පිළිබිඹු විය.
මෙතුමා විසින් මලිති, රේරු, කොරවක්, වැහිළිහිණි හා බටකුරුලු යන සන්දේශ පහත් කෙළිකවි මල්දම, ගණිත ගැටය, අනිත්‍ය දර්ශනය, සූකර ජාතක කාව්‍ය , ගණදෙවි හෑල්ල , වදන්කවි පොත, සුභාෂිතය, ආදි ග්රන්ථ සංස්කරණය විය. මීට අමතරව තවත් නාට්‍ය කෘතීන් සහ වාද විවාද ආදියට අයත් කෘතින් රැසක් මෙතුමා විසින් සංස්කරණය කොට සංරක්ෂණය කරන ලදී.වර්තමාන සිංහල නවකතාවේ මුල බීජය හඳුනා දී එය රෝපණය කොට වැඩීමට සැලැස් වූ මේ සාහිත්‍යදරයා 1918 දී මැලේරියා රෝගයට ගොදුරු විය. ඒ වන විට එතුමා ලෝක ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථය පරිවර්තනය කරමින් සිටි අතර එය නිම කිරීමට පෙර 1919 ජනවාරි 03 වන දින එතුමා පරලෝ සැපත් විය. වසර පනස් තුනක් පමණ වූ කෙටි ආයු කාලයක් ගත කළ ඇල්බට් ද සිල්වා නම් වූ සාහිත්‍යකරුවා සිංහල සාහිත්‍යට කළ සේවාව සදා අමරණීය වනු ඇත.