කරත්ත කවි - Karaththa Kavi

අද මෙන් යාන වාහන ප්‍රවාහන පහසුකමි නොතිබුණු එකල පැරැන්නන් වෙළ හෙළදාමේ ගියේද, වැඩ්මතක් තම ගමන් බිමන් සදහා උපයෝගි කර ගත්තේද ගොන් කරත්තයයි. මෙතරම් දුරක් ගෙවා යෑමේදි කාන්සිය නිවා ගැනිම සදහා මේ කවි කිවේය.

 

දුප්පත් කමට ගොන් බැඳ ගෙන             දක්කනවා
කන්ටත් නැතුව දිව රෑ අපි              වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දී අපි           ගෙනියනවා
දැන්වත් දුකට දෙවියෝ පිහිටක්                වෙනවා

වයිර ගොනා දණ ගහලා                    දිනකොට
මයිල ගොනා පැන්නයි පස්සට               හොරට
මොකද කරන්නේ පූරුවේ කළ                 පවට
ඇදපන් ගොනෝ ඇදපන් ගාල                 ගාවට

බතල කන්ට බැරි බතලේ ගල                 කන්ද
අලට කන්ට බැරි අලගලේ                     කන්ද
හූනට කන්ට බැරි හුන්නස්ගිරි                 කන්ද
මෙකඳු තුනට නායක සමණල                 කන්ද

උපන්නාට මේ ලොව වැනෙනවා             විනා
ලොව සිරිතට අඹු දරු රකිනවා                විනා
රූපේ අරන් පාපේ ගෙවනවා                   විනා
ගෙන යන දෙයක් නැත ණය     ගෙවනවා විනා

කළු ගල් තලාලයි පාරට                 දමන්නේ
එම ගල් පෑගිලයි ගොන් කුර       ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර          අදින්නේ
කිරිගල් පොත්ත කන්දයි අපි          නගින්නේ

බර වැඩියෙන් පටවා කළ                 වරදට
තඩිබාල දැක්කුවෙ ගොන්             ඉස්සරට
වුණ මෙමුලා කියමිද මම            දැන් කාට
සුදු වයිරෝ ඇදපන් ගාල                  ගාවට

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද    ගොනා
මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා
දෙගොඩතලා යන වතුරට පැන්න       ගොනා
අපොයි මගේ රන්මුතු වල්ලියා           ගොනා

තණ්ඩලේ දෙන්නා දෙපොලේ   දක්කනවා
කටු කැලේ ගාලේ නොලිහා     වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ             දනවා
පවු කල ගොනෝ ඇදපන්    හපුතල් යනවා



කරත්ත කවි - Karaththa Kavi

කරත්ත කවි - Karaththa Kavi

කරත්ත කවි karaththa kavi

කරත්ත කවි,Karaththa Kavi

කරත්ත කවි karaththa kavi

කරත්ත කවි - Karaththa Kavi
කරත්ත කවි - Karaththa Kavi

කරත්ත කවි - Karaththa Kavi කරත්ත කවි karaththa kavi කරත්ත කවි,Karaththa Kavi