'පාරු කවි Paaru Kawi paru kavi

පාරුවල බඩු පටවා එහා මෙහා ගෙන යෑමට ගංගා බොහෝ ප්‍රයෝජන විය. ඒ ගමන්වලදී පාරුකාරයෝ මේ ආදී කවි කියමින් ප්‍රීත වූහ.
 
ගමන් යන්න නැකතින් පාරු පැද ගෙන
සමන් දෙවියන්ඩ පුද පඬුරු බැඳ ගෙන
මෙවන් කළු ගඟේ ගල් මුල් බලා ගෙන
අපිත් යමුව සැම දෙවියන්ඩ වැඳ ගෙන
 
සීරුව ඔබට කණු නො ම සිටුවා මහත
වාරුව ඇතුව දිය පිට තැනු ගෙයක් ඇත
මාරුව තැනින් තැන මඩු ගෙන ගමන් යත
පාරුව වැනි ගෙයක් මේ මුළු ලොවේ නැත
 
ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාදුකාර දී ඔරුවේ නැගී වරෙන්
 
මොට ද උපන්නේ මේ වියලුවේ රටේ
බැඳපු ගල් බැම්ම මයියංගණේ වටේ
ඔරුවට නැගීලා සුරතට ගත්තු රිටේ
පාරු පදින රුව බල වේරගං තොටේ
 
කළු, කැලණි, මා වැලි යනාදී ගංගාවල පාරුවලින් එකල ගමනාගමනය කළා පමණක් නොව වෙළෙඳ බඩු එහා මෙහා ගෙන ආ බව ද ගැමි කවිවලින සිතා ගත හැක.
 
මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා
තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතා ගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා
 
කතර ගමයි දේවාලය දෙවියන්ගේ
අතර මගයි අද අපි දිය නෑවේ ගඟේ
සතර දෙනයි ගැවේ රන් සඳුන් ඇගේ
වතුර හොඳයි කවදත් නිල්වලා ගඟේ
 
මේ කවි දෙකෙන් මාතර නිල්වලා ගඟ කිඹුලන්ගේ උවදුරින් දුරු වූ බවත් ඔරු පාරු ගමනාගමනයෙන් බඩු හුවමාරුවට උදව් වූ බවත් කතරගම වන්දනාවේ යෑමේදී මාතර පසුකරන විට හොඳ ජලයෙන් පිරුණු නිල්වලා ගඟෙන් නාලා යෑම සිරිතක් බවත් මතක්කරවයි. 
ගොඩ ගොවිතැන (=හේන් කිරීම), මඩ ගොවිතැන(=කුඹුරු කිරීම) ආහාර සැපයීමේ ප්‍රධාන මාර්ග වූ අතර ඒ ධාන්‍ය වර්ග, කටුසරබෝග හුවමාරු කර ගැනීමට ගැල්(=කරත්ත)පැදවීම, පාරු ගමනාගමනය අපේ ජනතාවට බෙහෙවින් උපකාර විය. මේ දුක්බර දිවිපෙවෙත් බව අමුතුවෙන් කිවයුතු නොවේ. පාරු පැදී රැකියාව කර ගත් අය ජීවිතය හා සටන ගෙන ගියේ මහත් කරදර දුක් විඳිමිනි. පූරුවේ කරපු අකුසල් පලදීම සැබෑ බව මෙනෙහි කරමින් පසුතැවිලි වෙමින් පාපොච්ඡාරණය නියායෙන් පාරුකාරයන් අතර පැවැති පැදියක් මේ. 
සීරුවේ ඇවිත් ඉඳගෙන පාරුවට
මාරුවේ හබල් අදනව විටින්විට
පූරුවෙ කරපු අකුසල් ගෙවන්නට
පාරුවේ ඇවිත් දුක් විඳිනව දැනට
                  තවත් කවි....
මස්සිනාගෙ මගුලට මම රුහුණු              ගියේ
ලස්සන ගමන් බඩු පටවා එන්ට             ගියේ
පස්ස බලන කොට අගුලක් ගිලී              ගියේ
රත්තරන් ලියකි තෙලිකඩ ගගේ             ගියේ
 
ගහක් කපාගෙන ඔරුවක් කොටා           ගෙන
හබලක් හදාගෙන ගගකට දමා                ගෙන
එගොඩත් බලාගෙන මෙගොඩත් බලා    ගෙන
කොළුවෙක් තෙමී ගෙන ඔරුපදි මුලා     වෙන
 
වැල්ලේ පිපෙන බිම් මල                වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල            වාසනාවන්
අතු අග පිපෙන සපු මල                  වාසනාවන්
අපේ අම්මා ඡාතිත්                         වාසනාවන්
 
ඒ ගොඩත් බැලිමි ඒ ගොඩත් දෙදුන්න      වගේ
මෙගොඩත් බැලිමි මෙ ගොඩත් දෙදුන්න  වගේ
දෙ ගොඩම බැලිමි දෙ ගොඩම දෙදුන්න    වගේ
පේරාදෙණියේ පාළම දෙදුන්න                 වගේ

එගොඩ ගොඩට යනකොට සුරියා             වගේ
මෙගොඩ ගොඩට එනකොට බැබිල මල    වගේ
දෑත දෙපය පෙරාපු රත්තරන්                     වගේ
උඔ නම් ලදේ මට හිත ඇති කෙනෙක්       වගේ
 


පාරු කවි - Paaru Kawi paru kavi

පාරු කවි Paaru Kawi paru kavi

පාරු කවි paaru kawi paru kavi paru kawi paru kavi paru kavi mp3 paru kavi mp3 download sinhala paru kavi

පාරු කවි,paaru Kawi,paaru kavi,paru kavi,Paru Kawi,paru kavi,paru kavi mp3,paru kavi mp3 download,sinhala paru kavi

පාරු කවි paaru kawi paru kavi paru kawi paru kavi paru kavi mp3 paru kavi mp3 download sinhala paru kavi

පාරු කවි Paaru Kawi paru kavi
පාරු කවි Paaru Kawi paru kavi

පාරු කවි Paaru Kawi paru kavi පාරු කවි paaru kawi paru kavi paru kawi paru kavi paru kavi mp3 paru kavi mp3 download sinhala paru kavi පාරු කවි,paaru Kawi,paaru kavi,paru kavi,Paru Kawi,paru kavi,paru kavi mp3,paru kavi mp3 download,sinhala paru kavi