ලස්සන වසිලිසා 2 Vasilisa The Beautiful  2

ඔන්න ඉතින් ..පසු ගිය කොටසින් මම කීවා නේද? වසිලිසා කියන ලස්සන , දුප්පත් ගැහැණු ළමයා ගේ මව , ඇයව දාලා ගිය හැටි, ඇගේ මව ඇයට දුන්න තෑග්ග ගැන වගේම ඇගේ පියා ඇයට තවත් මවක් ගෙනාව හැටි.

ඉතින් මේ මව ( පුංචි අම්මා ) ආවේ නිකම්ම නෙමයි දැවැද්දට තව ගැහැණු ළමයි දෙන්නෙක්ම එක්ක තමයි

ඔන්න ඉතින් ඉතිරි කතාව .............

ලස්සන සුන්දර වසිලිස්සා දැන්
ගෙදරක වැඩකාරියක් වගේ
පුංචිගෙ , දූලගේ අතපය තිබුනට
වුන් ඉන්නේ හාමුලා වගේ


කුස්සිය මුල්ලට, කඩ පිල , ලිඳ ලග
වසිලිස්සා හැම වැඩම කරයි
කොච්චර කෙරුවත් හොඳක් අහන්නට
බැරි කම ඈගේ දෝසෙ තමයි

 

රෙදි සෝදනවා,කඩේ දුවනවා
ඒ පිම්මට තව පිහන වැඩයි
ඇගේ පියාගේ සිත දුක් වුව ද
ඔහුත් අනේ ගැහැණියට බයයි

දවසක් වසිලිස්සා ලද ඉසිඹුවෙ
මව සිහිකරමින් දුක් කඳුළු සලයි
නොදැනිම ඇයගේ අත් දෙක යන්නේ
දැලි කුණු පිරි සාක්කුව වෙතටයි

අතැගිලි රැදුනේ ලී බෝණික්කගෙ
ඇග දැවටී අහඹුවක් ලෙසින්
මව කී දේ සිහිවුන වසිලිස්සා
බෝණීක්කිය කුස පුරවයි රහසේ

හරිම දුකින් මං , වැඩ පල ගොන්නයි
මගෙ ළඟ දැන් අම්මත් නැහැ නේ
බෝණික්කෝ නුඹ ළඟවත් මා හට
සරණක් ඇති දෝ පෙර වාගේ


පුදුමෙන් පුදුමයි ලී බෝණික්කා
කතා කරන්නට පටන් ගනී
ලස්සන ළමයෝ මගෙ වසිලිස්සෝ
අඩන්නෙපා රං කඳ මාගේ

බෝණික්කා ඇසිපිය ගහනා විට
වැඩ ඉවරයි ගෙදරම වාගේ
ඉන්පසු දුක නැහැ වසිලිස්සාහට
සියළුම වැඩ දැන් වෙඩි වාගේ

හිකිස් .. . . .

දවසක් වසිලිස්සාගේ පියණන්
දුර ඈතක ගමනක් යනවා
නපුරු කුඩම්මයි ඇගේ දරුවනුයි
වසිලිසාට කරදර දෙනවා

ගෙදර කළුවරයි එළියක් නැහැ දැන්
අවසන් එළියත් නැති වෙනවා
වසිලිස්සා උඹ යකිණිගෙ ගෙදරින්
එළිය ටිකක් අර ගෙන එනවා

අසල ගෙයක් නැති එකම පැලක් ඇති
එය යකිනිය ඉන්නා ගෙපැලයි

බබා-යාගා නම් චීරප්‍රසිද්ධිය
ලත් යකිනිය නම් හරිම වසයි

කුමක් කරන්න ද මේ වසිලිසා
මහ රෑ එළියට විසි කෙරුවා
පල පල ගොස් යකිනියගේ ගෙදරින්
එළිය අරන් වර බැන වැදුනා

ඇය හඩිමින් බෝණික්කිය සමඟින්
මහ රෑ කැලේ මැදින් යනවා
හිත හයිකර ගනු මැන ළමයෝ
බෝණික්කා පිළිතුරු දෙනවා

ඔන්න ඉතින් මේ යන්නා ගමනෙදි

අමුතු අසරුවන් මුණ ගැසෙනා

පලමු දෙවැනි සහ තෙවැනි අසරුවන්

මේ කියනා ලෙස ඇය දකිනා

පලමු අසරුවා සුදුම සුදුයි
ඔහුගේ අස්පැටියත් සුදුම සුදුයි
දෙවැනි අසරුවා රතුයි වගේ
අස්වාය ද එම පැහැයම උසුලයි

තෙවැනි අසරුවා භයංකරයි
ඔහු කළුම කළුයි ඇද ගෙන වුන්නේ
ඒ මදිවට ඒ අස්වය පාටින්
කළුම කළුයි දැක්කම බය නේ

මෙහෙම ඉතින් නොදැනිම බය ලීලෙන්

බබා-යාග යකිනියගේ පැලයි
දිස්වෙනවා ඇයගේ දෙනෙතට දැන්

ඒ වෙත යන්නට ඇයට බයයි

ගේ වට ඇති වැට සදලා ඇත්තේ
මිනි ඇට කටු වලිනුයි පෙනෙන ලෙසින්
ඒ කටු උඩ මිනි ඔළු දහසක් ඇති , 

එළි ය වදි න ඇස් දිලිසෙන්නේ

අහා . . .  මේ තියෙන්නේ බබා-යාගා ණියගෙ ගෙදර ඇත්තටම ඇය හරිම භයානක මන්තරකාරියක් හරියට මෙන්න මේ වගේ

භයංකරයි බැලු බැලු හැම පැත්තම
වසිලිස්සා නෙතු බියෙන් සැලේ
හිටපු ගමන් කොස්සක නැගගත් අර
බබා යකින්නිය අහසෙ මැවේ

ඊළඟ කොටසින් බලමු බබා-යාගා යකිණිනිය අපේ වසිලිසාට මොකද කරන්නෙ කියල

 


සුරංගනා කතා - Surangana Katha

ලස්සන වසිලිසා 2 Vasilisa The Beautiful 2 සුරංගනා කතා Surangana Katha

ලස්සන වසිලිසා 2 vasilisa the beautiful 2 සුරංගනා කතා surangana katha vasilisa the beautiful 2 lassana wasilisa 2 lassana vasilisa 2 lassana vasylysa 2 lassana wasylysa 2

ලස්සන වසිලිසා 2 vasilisa the beautiful 2 සුරංගනා කතා surangana katha vasilisa the beautiful 2 lassana wasilisa 2 lassana vasilisa 2 lassana vasylysa 2 lassana wasylysa 2

ලස්සන වසිලිසා 2 Vasilisa The Beautiful 2 සුරංගනා කතා Surangana Katha
ලස්සන වසිලිසා 2 Vasilisa The Beautiful 2 සුරංගනා කතා Surangana Katha

ලස්සන වසිලිසා 2 Vasilisa The Beautiful 2 සුරංගනා කතා Surangana Katha ලස්සන වසිලිසා 2 vasilisa the beautiful 2 සුරංගනා කතා surangana katha vasilisa the beautiful 2 lassana wasilisa 2 lassana vasilisa 2 lassana vasylysa 2 lassana wasylysa 2