වීදාගම මාහිමි Weedagama Mahimi

 

කලින් කලට පහළ වූ පඬිවරුන් විසින් සිංහල සාහිත්‍යය පෝෂණය පතා ඉටු කළ මහ මෙහෙය පිළිබඳ ව වැදගත් සටහන් අපේ සාහිත්‍ය ඉතිහාසය පුරා විහි දී ඇත. ඒ ඒ යුගවල විසූ ගිහි පැවිදි පඬිවරු ග‍්‍රන්ථ නිර්මාණය කිරීමෙන් හා අවවාද අනුශාසනා කිරීමෙන් තත්කාලීන සමාජ සංවර්ධනය හා සමාජ පැවැත්ම උදෙසා කළ පරිත්‍යාගයන් අතුරෙන් අද ශේෂ වී ඇත්තේ දහසින් එකක් පමණ යැයි විශ්වාස කළ හැකි ය. කාලාන්තරයක් තිස්සේ පැවැත එන ග‍්‍රන්ථ මීට හොඳම සාධක වෙයි.කෝට්ටේ අවධිය සිංහල සාහිත්‍යයේ එක් ස්වර්ණමය කාල පරිච්ඡේදයක් ලෙස ඇතැමෙක් විශ්වාස කරති. මේ වකවානුවේදී සිංහලයේ පද්‍ය සාහිත්‍යය පෝෂණය විය. එවකට විසූ බොහෝ පඬිවරු පද්‍ය ග‍්‍රන්ථ රචනා කිරීම් නිරත වූහ. සිංහලයේ සන්දේශ සාහිත්‍ය බෙහෙවින් ම පෝෂණය වූයේ කෝට්ටේ අවධියේ බැව් කවුරුත් අවිවාදයෙන් පිළිගනිති.වීදාගම නාහිමි නමින් ප‍්‍රකට වීදාගම ශ‍්‍රී ඝනානන්ද පරිවේණාධිපති මෛතී‍්‍රය මහා ස්ථවිරපාදයෝ මේ අවධියේ දී සාහිත්‍ය පෝෂණයෙහි නියැලුණු පැවිදි උතුමන් අතර දීප්තිමත් පඬිරුවනක් වූහ. වීදාගම පිහිටියේ රයිගම ආසන්නයේය. කුරුණෑගල රාජධානිය කොටගත් 4 වැනි පණ්ඩිත පරාක‍්‍රමබාහු රජු (කි‍්‍ර. ව. 1302 - 1326) විසින් වීදාගම ශ‍්‍රී ඝනානන්ද පිරුවන පිහිට වූ බැව් ප‍්‍රකටය.මෙම විද්‍යස්ථානය වනවාසී භික්ෂූ පරපුර සතුව පැවැති විහාරයකි. මුලායතන වශයෙන් සැලකෙන කල්හි මහා නේත‍්‍ර ප‍්‍රසාද මූල ආයතනයට අයත් විය. මහානේත‍්‍ර ප‍්‍රසාද මූලායතනය බෙහෙවින් පැරණි එකක් බැව් ඓතිහාසික ප‍්‍රවෘත්තීන්ගෙන් හෙළි වෙයි. කි‍්‍ර. ව. 831 - 851 දක්වා විසිවසක් අනුරාධපුරයේ රජ කළ සියබස්ලකර ලියූ පළමු වැනි සේන රජු විසින් මහානේත‍්‍ර පර්වතයෙහි සියලුම භික්ෂූන් සඳහා මහාපාලී නම් දානශාලාවක් කරවූ බැව් සඳහන් වෙයි.දඹදෙණිය අවධියේ දී මහනෙත්පාමුල හිමියන්ට බෝසත් විජයබාහු යුව රජු විසින් වාකිරිගල සංඝාරාමයක් ඉදිකළ බැව් වෙනත් ඓතිහාසික ප‍්‍රවෘත්තියක සඳහන් වෙයි. මේ අනුව සලකන කල්හි මහනෙත්වාමුල ආයතනය ඉතා පැරණි වූවක් බැව් ඔප්පු වේ. මෙම ඝනානන්ද පිරුවනෙහි වීදාගම හිමිවරුන් දෙදෙනෙකු වැඩ වාසය කළහයි කියති.එයින් පළමුවැනි වීදාගම හිමියන් තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ ගුරු හිමියන් ලෙසින් සැලකෙන උතුමන් ය. රාහුල හිමියන් වැඩ විසූ තොටගමුවේ විජයබා පිරුවන උත්තර මූලායතනයට අයත් වූවක් ලෙස සැලකෙයි. තමා පිළිබඳව වර්ණනාවක යෙදෙන රාහුල මාහිමියන් ’උතුරු මුල මහ තෙරිඳු මුනුබුරු’ යයි පවසා ඇති හෙයින් තොටගමුවේ විජයබා පිරුවන උත්තර මූලායතනයට අයත් යැයි කියැවෙන මතයට එය ද එක්තරා රුකුලක් වෙයි. කවර කවර නම් ආයතනයන්ට අයත් ව තිබුන ද මෙම විද්‍යස්ථාන දෙකින් එවක සිදු වී ඇති ශාස්තී‍්‍රය සේවාව සුළුපටු වූවක් නොවන බව සක් සුදක් සේ පැහැදිලියි.ජයවර්ධනපුරය රාජධානිය බවට පත් මෙකල්හි රාජ්‍ය පද ප‍්‍රාප්ත වූ සවන පැරකුම් රජු ද සාහිත්‍ය ලෝලියෙක් වීම විශේෂ සිද්ධියකි. පෙරකී පඬිවරුන් දෙදෙනා හැරෙන්නට මේ අවධියේ දී කෑරගල පද්මාවතී පරිවේණාධිපති ශ‍්‍රී රාජගුරු වනරතන සංඝරාජ හිමි පැපිලියානේ සුනේත‍්‍රා මහා දේවී පරිවේණාධිපති මංගල සංඝරාජ මාහිමි ඉරුගල්කුලතිලක පරිවේණාධිපති ෂඩ්භාෂා පරමේශ්වර මහ ස්ථවිර පාදයාණෝ වහන්සේ, ධම්මදින්නාචාර්ය සිද්ධාර්ථ විමලකීර්ති මාහිමි, වෑත්තෑවේ හිමි, නන්නූරුතුනය හා ශ‍්‍රී රාමචන්ද්‍ර භාරතී යන ගිහිපැවිදි පඬිවරු ද සාහිත්‍ය කරණයෙහි නියැළුන බව ප‍්‍රකටය.සිංහල සාහිත්‍යයට මාහැඟි ග‍්‍රන්ථ සමුදායක් බිහිකළ වීදාගම හිමියන් නම් ඝනානන්ද පිරිවෙනේ දෙවැනිවරට වැඩවාසය කළ වීදාගම හිමියන් වහන්සේමය. කුරුණෑගල අවධියෙන් පසු පරිහානි මුඛයට පත් ඝනානන්ද පිරුවන යළි හිස එසවූයේ ජයවර්ධනපුර කාලයේදී ය. ගම්පළ යුගයේ පස්වැනි බුවනෙකබාහු රජු කල රචිත මයුර අස්නෙහිද වීදාගම ගැන මෙසේ සඳහන් වෙයි.

 

’වඳු වීදාගම මුනිදා උදෑසන’ මයුර සන්දේශකරුවා සිය කෘතියෙහිලා සඳහන් කිරීමට තරම් මෙම විද්‍යස්ථානය ප‍්‍රකට ව පැවැති බවට එය එක්තරා සාධකයක් වෙයි. මෙම වීදාගමහිමියන් එවකට රාජ සම්මාන ලබමින් වැඩසිටි බවට අරමිකැලේ සෙල් ලිපියෙහි මෙසේ සඳහන් වෙයි.

 

ස්වස්ති ශ‍්‍රී මන්ධාතුභරත භගීරතාදී සූරියවංයෝද්භූති සුමිත‍්‍ර රාජ පවිත‍්‍රාභිජාත නවරත්නාධිපති ත‍්‍රීසිංහලාධිපති ශ‍්‍රීමත් සිරිසඟබෝ ශ‍්‍රී බුවනෙකබාහු චක‍්‍රවර්තිස්වාමී යාපා පටුනේ වැඩ එහි දී මැදින් දින පුරපසළොස්වක් දවස් හි වීදාගම ශ‍්‍රී මෛත‍්‍රී මහනෙත්පාමුල මහතෙර සාමීන්ගෙන් බණ අසා, මෙකියන සාමීන්ට සන්තෝෂව මනාපය කොට දන්දුන් දඹදෙණි කෝරළය බද මැදගොඩ යයි යන ගම මුල්බිජු දොළසාමුනේ වපසරිය මෙකී සාමීන්ගේ ශාසන බන්ධු පරම්පරාවට ද හිමිවන සේ දන්පත ලියවාදී.........’වීදාගම හිමියන් බුදුගුණලංකාර කාව්‍යය රචනා කරන ලද්දේ සවන බුවනෙකබාහු රජුගේ රාජ්‍යෝදයෙන් (කි‍්‍ර. ව. 1472) තුන් වැනි විදියේ දී ය.

 

සමතුන් මුනිඳු පිරිනිවි වස පටන්          ලද

දෙදහස් පසළොසක් අවුරුදු පිරුණු      සඳ

දියගොස් පැතිර බුවනෙක බුජ නිරිඳු    සඳ

පිරිවස් තුනෙහි සිරිලක රජබිසෙව්        ලද

 

කිත් යස කොත් දිය දික් දිගු යටග               

බැඳමෙත් මහනෙත් පාමුල මහ සිනිඳු                

සඳසෙත් කළ මුනිඳු සඳු ගුණකව් පෙදෙන්         

බැඳසත් වැඩ පිණිස මෙද කළෙ මෙත්සිතින්       නද

(බු. අ. 609 - 611)

 

මෙතුමන් බුදුගුණලංකාරය රචනා කරන අවධියේ දී සංඝරාජ පදවිය දැරූ බවක් නොපෙනේ. එවකට සංඝරාජ පදවිය දැරූයේ තොටගමුවේ වියජබාහු පරිවේණාධිපති ති‍්‍රපිටක වාගීස්වරාචාර්යය ෂඩ්භාෂා පරමේශ්වර ශ‍්‍රී රාහුල ස්වාමින්ද්‍රයාණන් වහන්සේය. උන් වහන්සේ ගේ අභාවයෙන් (රහල් හිමි බුරුම රට අරිමද්දන නුවරදී සිව්රු හැරි බවක් අරිමද්දන නුවර ධම්මෙච්තිය රජතුමා විසින් පිහිට වූ කල්‍යණී ශිලා ලිපියේ සඳහන් වන බවක් ද පළවේ.) හිස් වූ සංඝරාජ පදවියට මෙම වීදාගම හිමියෝ පත්වූහ.මාහිමි පදවියට පත්වීමෙන් ඉක්බිති මහලු ජීවිතයේ දී හත්ථවනග්ගල්ල විහාර වංශය සිංහලයට පෙරලූයේ යයි සිතිය හැකිය. එතුමන්ගේ අවසාන සාහිත්‍ය කෘතිය ද මෙය විය හැකි ය.වීදාගම මෛතී‍්‍රය ස්වාමිපාදයාණන් විසින් එළු අත්තනගලු වංශය පරාක‍්‍රමබාහු රජතුමාගේ ආරාධනයෙන් කරන ලද බව එහි මෙසේ සඳහන් වෙයි.’සකල රිපු රාජ චක‍්‍ර වික‍්‍රම ඇති ශ‍්‍රීමත් පරාක‍්‍රමබාහු රාජෝත්තමයාණන් විසින් සමාරාධිගත වූ .......... වීදාගම ග‍්‍රාමාභිධාන මහා විහාරාධිපති .......... ශ‍්‍රී මෛතී‍්‍රය මහා ස්වාමිපාදයාණන් වහන්සේ විසින් රචිත ධර්ම කතා ප‍්‍රබන්ධය.......’මේ පරාක‍්‍රමබාහු රජතුමා නම් බු. ව. 2014 දී පමණ ජයවර්ධනපුර රාජධානි කොට රාජ්‍යපදප‍්‍රාප්ත පණ්ඩිත පරාක‍්‍රමබාහු රජුය. බුදුගුණලංකාරය කාව්‍යය රචනා කිරීමෙන් වීදාගම හිමියෝ සමකාලීන කවීන් අභිබවා වෙනත් මගකට පිළිපන්හ. එවකට ග‍්‍රන්ථ කරණයෙහි නියැළුන බොහෝ පඬිවරු බෝසත් සිරිත් වර්ණනාම අභිරුචියන් කර ඇති බැව් පෙනේ. සමකාලීන ග‍්‍රන්ථ රැසකම මෙම ලක්ෂණය දැක ගත හැකි ය.බෝධිසත්ව චරිත වර්ණනාව කාව්‍ය නැමැති වෘක්ෂයේ මල් ලෙස සැලකූ මතය මුදුනෙන් ගත් මේ අවධියේ දී වීදාගම මාහිමියෝ විශාල නුවර සිදු වූ විනාශය කාව්‍යයට නැගීමෙන් ඒ මගින් බැහැර වූහ. එපමණක් නොව බුදුගුණලංකාරය රචනා කිරීමෙන් ඒ හිමියෝ එවකට සමාජයේ පැවැති සමාජ ධර්මතා ද දැඩිසේ විවේචනය කළහ. දෙවි දේවතාවුන්ට පුද පූජා කළ හින්දු සමාජය එකල බලවත් ව නැගී සිටියේය. එතෙකුදු වුවත් වීදාගම හිමියන් සිය බුදුගුණලංකාර කාව්‍යයෙහි ලා දෙවියන් අවඥාවට ලක් කර ඇති ආකාරය කෙබඳු ද යනු මනා ව පැහැදිලි වෙයි.

 

අප රක්නා                                   තබා

තොපසතු ගොනා                        නොතබා

කන තෙක් වෙත                         තබා

බලා උන් කෙනෙකි තෙපි            අසුබා

 

දළ අඩ සඳ                      බඳින

ගොර ර සර හරක්           පළඳින

රඟ කරන දින                  දින

මහලු ගොන් වාහනෙන්   ඇවිදින

 

සිත දුසිරී                    කිළුට

පින්කෙත් නොවන     මෙලොවෙට

කරන පදු                   ඉසුරුට

ගලක වපුරන වැන්න  බිජුවට

 

මෙවැනි අසත්‍ය අසාර දේ නොව පරම සත්‍ය වූ සංසාර බිය දක්වනු වස් තමා බුදුගුණලංකාර කාව්‍යය රචනා කරන බව ඒ හිමියෝ මෙසේ සඳහන් කළහ.

 

කය නම් අසා                  රය

බව නම් බයන්කා            රය

කිය නුව දිවා                  රැය

කියම් බුදුගුණ අලංකා      රය

 

වීදාගම හිමියන් රචනා කළ විශාල ම ග‍්‍රන්ථය බුදුගුණලංකාර කාව්‍යයි. ලෝවැඩ සඟරාව ද මෙතුමන්ගේ ම තවත් කෘතියකි.’වීදාගම වෙහෙරෙහි මෙත් තෙරිඳු සඳ’ලෝ. ස. 140)

 

ලෝවැඩ සඟරා කාව්‍යයෙහි එසේ සඳහන් වීමෙන් එතුමා ’මහා ස්ථවිර’ තත්ත්වයට පත්ව නො සිටි බැව් පළවේ. මෙත් තෙරිඳු යයි සඳහන් වීමත් ඒ බැව් ඇඟවේ. අභයගිරි විහාරවාසී ආනන්ද නම් හිමි නමක් විසින් කළ ’සද්ධම්මෝපායන’ නම් පාලි ග‍්‍රන්ථය ඇසුරෙන් වීදාගම හිමි මෙම ග‍්‍රන්ථය රචනා කර තිබේ. ලිහිල් බසින් රචිත ග‍්‍රන්ථයක් වූ ලෝවැඩ සඟරාව සසර බිය කියනු සඳහා රචිත උපදේශ කාව්‍යයකි.වීදාගම හිමියන් ගේ අනෙක් කෘතිය වූ ’කව්මිණි මල්දම’ රචනා කර ඇත්තේ ආධුනිකයිනට කාව්‍යශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරවනු සඳහා ය. කතු හිමියන් කාව්‍යශාස්ත‍්‍රය පිළිබඳව කෙතෙක් විශාර ද බවක් ලැබ සිටිය ද යනු කවිමිණිමල්දම පරිශීලනය කිරීමෙන් වටහා ගත හැකිය. මෙම ග‍්‍රන්ථය බස විසින් එතරම් ලිහිල් නොවූව ද අවබෝධයම දුෂ්කර කෘතියක් නොවේ. එවකට කතු හිමියන් මහා ස්ථවිර බවත්, සිරිපැරකුම් නිරිඳුන්ට පනස් සිව්වසැ එය කරන ලද බවත් එහි අවසාන ගී දෙකින් මෙසේ පැවසෙයි.

 

නොයෙක් කවි නළු සඳ

වියරණ ලකර ලකරින්

වියතුන් සැරූ මහ මෙත්

නෙත් පාමුල මහ නිරිඳු

 

මෙලක එකසත් කළ සිරිපැරකුම් නිරිඳු හටපනස් සිව් වස මෙකෙළෙයිකිවි ලකුණු මිණි මල් නම්(86, 87)

 

දහම් ගැට මාලාව ද වීදාගම හිමියන්ගේ තවත් කෘතියකි. එහි කවි 82 ක් සංගෘහිතය නොයෙක් නොයෙක් ධර්ම කොටස් එක් තැන් කොට කාව්‍යානුසාරයෙන් රචිත මෙම ග‍්‍රන්ථය පරිශීලනය කිරීමෙන් පාඨකයාට නොමඳ රසයක් අත්පත් කර ගැනීමට හැකිවෙයි. එක්තරා තේරවිලි විශේෂයක් ආකාරයෙන් හැම කවියක් ම ඉදිරිපත් කරන දහම් ගැට මාලාව ඉන් ගැඹුරු දහමක් ප‍්‍රකාශ කරන අතර වීදාගම හිමියන්ගේ පණ්ඩිත්‍යය කියාපෑමට තවත් වැදගත් සාක්ෂ්‍යයක් හෙයින් එය නැගී සිටී.කෑරගල විහාරයෙහි වැඩ විසූ ශ‍්‍රී රාජගුරු වනරතන සංඝරාජ ස්වාමිපාදයාණන් වහන්සේ වෙත ජයවර්ධනපුරයෙහි සිට යවන ලද හංස සන්දේශය කෝට්ටේ අවධියේ දී පද්‍ය සාහිත්‍යයට එක් වූ මාහැඟි ග‍්‍රන්ථයකි. මෙය කි‍්‍ර. ව. 1415 දී රජ පැමිණි ශ‍්‍රී පරාක‍්‍රමබාහු රාජ්‍ය කාලය වූ දෙපනස් අවුරුද්දේ දී මුල් කාලයේ වීදාගම හිමියන් විසින් රචනා කරන ලද කෘතියක් යයි අනුමාන කෙරේ.



චරිතාපදාන - Charithapradana

වීදාගම මාහිමි Weedagama Mahimi චරිතාපදාන Charithapadana

වීදාගම මාහිමි weedagama mahimi චරිතාපදාන charithapadana weedagama mahimi wedagama mahimi weedhagama mahimi wedhagama mahimi weedagama mahymi veedagama mahimi veedagama mahimy vedagama mahimi vedhagama mahymy

වීදාගම මාහිමි weedagama mahimi චරිතාපදාන charithapadana weedagama mahimi wedagama mahimi weedhagama mahimi wedhagama mahimi weedagama mahymi veedagama mahimi veedagama mahimy vedagama mahimi vedhagama mahymy

වීදාගම මාහිමි Weedagama Mahimi චරිතාපදාන Charithapadana
වීදාගම මාහිමි Weedagama Mahimi චරිතාපදාන Charithapadana

වීදාගම මාහිමි Weedagama Mahimi චරිතාපදාන Charithapadana වීදාගම මාහිමි weedagama mahimi චරිතාපදාන charithapadana weedagama mahimi wedagama mahimi weedhagama mahimi wedhagama mahimi weedagama mahymi veedagama mahimi veedagama mahimy vedagama mahimi vedhagama mahymy